අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර සුදුමද 4
- වතුර මිලිලීටර් 175
- සීනි ග්‍රෑම් 250
- ජෙලටින් ග්‍රෑම් 20
- වැනිලා තේ හැඳි 3
- කොළ සහ රතු කලරින් තේ හැන්දක් බැඟින්
සාදාගන්නා ආකාරය
ජෙලටින් වතුර සමඟ හොඳින් කලවම් කර එය ඩබල් බොයිල් කර දිය කරගන්න. බොල් එකකට බිත්තර සුදු මද දමා විනාඩියක් පමණ බීට් කරන අතරතුර සීනි ස්වල්පය බැඟින් එකතුකර කරගන්න. අවශ්‍ය පමණට පැමිණි පසු ජෙලටින් මිශ්‍රණයට වැනිලා දමා කලවම් කරගන්න.
පසුව සාදාගත් මිශ්‍රණය භාජන තුනකට දමා පාට වෙන වෙනම දමා කලවම් කර වීදුරු බොල් එකකට මුලින්ම රතුපාට ලෙයර් එක දමා හොඳට තුනි කර ශිතකරණයේ විනාඩි 5 ක් පමණ තබා නැවත එළියට ගෙන සුදුපාට ලෙයර් එක දමා ශිතකරණයේ විනාඩි 5 ක් පමණ තබා නැවතත් ශිතකරණයෙන් ගෙන කොළ පාට ලෙයර් එක උඩින් දමන්න. පසුව පැය 1 1/2 – 2 පමණ ශිතකරණයේ තබන්න.