අවශ්‍ය ද්‍රව්‍ය
- පෙති කපාගත් කෙසෙල් ගෙඩි 4
- බටර් ග්‍රෑම් 100
- කුඩු කරගත් බිස්කට් ග්‍රෑම් 250
- මිල්ක්මෙඩ් මිලිලීටර් 200
- විපින් ක්‍රීම් මිලිලීටර් 150
- ග්‍රේට් කරගත් චොක්ලට් අවශ්‍ය පමණට
සාදාගන්නා ආකාරය
වීදුරු භාජනයකට බටර් දියකර දමා එයට බිස්කට් කුඩු එකතුකර හොඳින් තුනී කරගන්න. වෙනත් භාජනයකට මිල්ක්මේඩ් එකතුකර ළිප තබා මද ගින්නෙ ලා දුඹුරු පැහැය එනතෙක් හැඳිගාගන්න.
මිශ්‍රණය නිවුණු පසු බිස්කට් කුඩු තවරාගත් භාජනයට දමා මද වේලාවක් ශීතකරණයේ තබා නැවත එළියට ගෙන කපාගත් කෙසෙල් අතුරා නැවත ශීතකරණයේ තබන්න. විපින් ක්‍රීම්වලට ලුණු ස්වල්පයක් එක් කර හොඳින් බීට් කර ශීතකරණයේ තබාගත් අතුරුපස උඩින් පයිප් කරගන්න. පසුව පැය 2-3 අතර කාලයක් ශීතකරණයේ තබන්න.