නිවසක් පිරිසිදු කිරීමේදී කුෂන්, මෙට්ට, සෝෆා ආදිය පිරිසිදු කිරීම තරමක් අසීරු කාර්යයක් වුණත් මසකට වතාවක් හෝ ඒවා පිරිසිදු කිරීම අනිවාර්යෙන්ම කළ යුතුම වෙනවා. නැත්නම් ඒවා අවපැහැ ගැන්වීම වගේම විවිධ විෂ බීජ වර්ධනය වීම නිසා ලෙඩ රෝග ඇතිවීමේ වගේම ඒවාගෙන් දුර්ගන්ධයක් නිකුත්වීමටද ඇති ඉඩ කඩ ඉතාමත්ම වැඩියි.
විශේෂ සැලකිල්ලක් මේ ගැන දක්වන්න…
කුෂන්, සෝෆා හෝ මෙට්ට රෙදිවලින් නිමවී ඇති මතුපිටක් නම් පැල්ලමක් ඇති වූ අවස්ථාවේදීම එය පිරිසිදු කිරීම ඉතාම වැදගත් වෙනවා. පැල්ලම පරණ වනවිට ඉවත් කිරීමට ඇති හැකියාව තරමක් අසීරු වෙනවා.
නිෂ්පාදනය කරන සමාගම විසින් පිරිසිදු කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙනවා. එම උපදෙස් නිවැරදිව පිළිපදින්න. ඔබේ සෝෆා එකේ Tag එකක් ලෙස හෝ වෙනම කැට්ලොග් එකක් ලෙස මේවා බොහෝවිට ලබා දෙනවා.
මේ තියෙන්නෙ පිරිසිදු කිරීම සම්බන්ධ එවැනි සලකුණු හා මගපෙන්වන කරුණු කිහිපයක්
Cleaning Code for the Fabric Sofa Chart
W – Water based cleaner
මේවා පිරිසිදු කිරීමේදී වතුර පමණක් යොදා ගැනීමට වගබලා ගන්න ඕන. වෙනත් රසායනික සංයෝග යෙදීමෙන් අවපැහැ ගැන්වීමට හෝ දිරා යාමට ලක්විය හැකියි.
S/W- Solvents and water based cleaners
වෙනත් පිරිසිදුකාරක සහ ජලය යොදා ගැනිමින් පිරිසිදු කිරිමේ හැකියාව පවතිනවා.
S – Solvents only
පිරිසිදු කිරීමේ කටයුතු සඳහා පිරිසිදු කාරක පමණක් යොදා ගැනීම වඩාත් සුදුසු වෙනවා.වෙළඳපොලේ සෝෆා, මෙට්ට සහ කුෂන් සඳහාම නිපදවු පිරිසිදු කිරීමේ රසායන ද්‍රව්‍ය මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉහත විස්තරයට අනුව S,S/W ටැග් සහිත සෝෆා, මෙට්ට සහ කුෂන් සඳහා ඒවා භාවිත කරන්නට පුළුවන්.දූවිලි ඉවත් කිරීම සඳහා වැකුම් ක්ලීනරයක් යොදාගන්න. දාර ඇතුළත කුණු පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාව ඒ මගින් ලැබෙනවා.
සෝෆා හා කොට්ට පහසුවෙන් පිරිසිදු කිරීමට නිවසේදීම සකස් කළ හැකි පිරිසිදුකාරක
තද පැල්ලම් සඳහා සුදු විනාකිරි මේස හැන්දකට සීතල වතුර කෝප්ප හතරක් මිශ්‍ර කර එයට රෙදි සෝදන කුඩු හැන්දක් මිශ්‍ර කරන්න. හොඳින් අතුල්ලා මතුපිට සෝදන්න.
ඩීප් ක්ලීනින් සදහා ඇල්කොහොල් සහ උණුසුම් වතුර හොඳින් මිශ්‍ර කර එය අදාළ ප්‍රදේශය මතට ස්ප්‍රේ කරන්න. තද පැල්ලම් ඇති ස්ථාන හොඳින් අතුල්ලා සෝදා හොඳින් වියළා ගන්න.
බේකිං සෝඩා සහ වතුර සමාන ප්‍රමාණවලින් ගෙන හොඳින් දියකර ගන්න. පැල්ලම මත තවරා විනාඩි විස්සක් පමණ තබන්න. ඊට පසු හොඳින් අතුල්ලා පිරිසිදු කරගන්න.
පිරිසිදු කිරීමෙන් අනතුරුව වායු වියලනයක් මගින් හොඳින් වියළා ගන්නටත් අමතක කරන්න එපා.
■ විෂබීජහරණය කරන්නෙ කොහොමද?
ට්‍රී ටී ඔයිල් හෝ කිසියම් විෂබීජ නාශක තෙල් වර්ගයක් ස්ප්‍රේ ගන් එකක් ලෙස භාවිත කරමින් අදාල විෂබීජහරණ ද්‍රව්‍යයන් මතුපිට ඉසින්න.
තනුක කරගත් ඩෙටෝල්ද මේ සඳහා යොදා ගන්න පුළුවන්.
මෙට්ට සහ කුෂන් සේදීමේදී කවර ගලවා ඒවා හොඳින් සෝදා අව්වේ වියළා එහි Tag එකේ සඳහන් උපදෙස් පිළිපදින්න අමතක කරන්න එපා.
බාහිර ආවරණ අව්වේ වියලීම සුදුසු නැත්නම් ඩ්‍රයි ක්ලීන් කිරීම කළ හැකියි.
මෙට්ට සහ කුෂන්වල ඇතුළත කොටස හොඳින් අව්වේ වියළා ගැනීම හෝ සෝෆා සඳහා අනුගමනය කළ ක්‍රම යොදා ගන්නට පුළුවන්. විෂබීජහරණයද එලෙසම සිදු කිරීමට හැකියි.
( අන්තර්ජාලය ඇසුරෙන් )
අර්චිත ඉඳුවර