අවශ්‍ය ද්‍රව්‍ය
- රතු මිදි කිලෝග්‍රෑම් 5
- සීනි කිලෝග්‍රෑම් 2
- වතුර ලීටර් 2
- ඊස්ට් පැකට් එකක්
සාදගන්නා ආකාරය
භාජනයකට ( මැටි භාජනයක් නම් වඩාත් සුදුසුයි ) මිදි දමා හොඳින් පොඩි කර යුෂ වෙන්කරගන්න. සීනි පැණිය සකසාගෙන එය සීතල වෙන්නට හැර පසුව එය මිදි මිශ්‍රණයට දමාගන්න. ඊට ඊස්ට් පැකට් එකෙන් බාගයක් එකතුකර වියළි පත්තකින් හැඳිගාන්න. ඉන්පසු මෙම භාජනය හොඳින් වසා සති 3 ක් පමණ තිබෙන්නට හරින්න. සෑම දිනකම මිශ්‍රණයේ පැණි රස පරීක්ෂා කරමින් මිශ්‍ර කිරීමට වග බලාගන්න. මිශ්‍රණයේ පැණි රස නැති වූ පසු මස්ලීන් රෙද්දක් ගෙන එය වෙනත් භාජනයකට පෙරාගන්න. පෙරාගත් ද්‍රාවණයට සීනි කැරමල් කිලෝග්‍රෑම් 1/2 ක් දමා කලවම් කර භාජනය ආවරණය කර සති දෙකක් පමණ තිබෙන්නට හරින්න. පසුව වයින් මිශ්‍රණය සිසිල් වෙන්නට හැර එයට දෙහි යුෂ, ඊස්ට් හා තේ කහට එකතු කරන්න.
සුළං නොවදින සේ අවරණය කර සතියක් පමණ වසා තබන්න. දවසට කිහිපවරක් මෙම බාජනය සොලවන්න.සතියකට පසු මෙය නැවතත් පෙරාගෙන භාජනයකට දමා ඉතිරි සීනි හා ජලය ගෙන සීනි පැණිය සාදගන්න. සීනි පැණිය බීට් රූට් මිශ්‍රණයට දමා දවස් 5 ක් පමණ තිබෙන්නට හැර හොඳින් කලවම් කර බෝතල් වලට දමා හොඳින් වසා තබන්න.