අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 1
- කස්ටඩ් පවුඩර් මේස හැඳි 2
- බිත්තර 2
- සීනි කොප්ප 1/2
- එළවළු තෙල් කෝප්ප 1/2
- බේකින් පවුඩර් තේ හැඳි 1
- බේකින් සෝඩා තේ හැඳි 1/2
- කිරි කෝප්ප 1/2
- වැනිලා තේ හැඳි 1
- කහ පාට කලරින් බිංදු කිහිපයක්
සාදාගන්නා ආකාරය
බිත්තර, සීනි හා ඔයිල් එකතුකර බ්ලෙන්ඩ් කරගන්න. පාන්පිටි, කස්ටඩ් පවුඩර්, බේකින් පවුඩර්, බේකින් සෝඩා එකට මිශ්‍ර කර හලාගන්න. බ්ලෙන්ඩ් කරගත් බැටර් එක වෙනම පෑන් එකකට දමා හලා ගත් පිටි සමග කලවම් කර එයට කිරි ටිකෙන් ටික එක් කරමින් හොඳින් කලවම් කරගන්න.
වැනිලා සමග කහපාට කලරින් බිංදු කිහිපයක් එක් කර බැටර් එක හොඳින් මිශ්‍ර කරගන්න. අවසානයේ බේකින් ට්‍රේ එකකට ඔයිල් පේපර් එකක් දමා සාදාගත් බැටර් ඒ මත අතුරා ප්‍රීහීට් කරගත් අවන් එකක සෙල්සියස් අංශක 180 උෂ්ණත්වය යටතේ විනාඩි 25-35 ක් පමණ කාලයක් බේක් කරගන්න.