දෙසැම්බර් කියන්නෙ කැලැන්ඩරේ ඉවෙන්ට් සහ පාටි මාසේ. කාන්තාවන් විතරක් නෙමෙයි පිරිමි වුණත් මේ කාලෙට වෙනස් වෙන්න කැමතියි. එයාලා යන පාටි එකේදී, ඉවෙන්ට් එකේදී කවුරුත් තමන් දෙස නැවත හැරිලා බලනවා දකින්න, කැපී පෙනෙන්න ආස නිසයි අලුත් විලාසිතා හොයන්නේ. ඒ නිසාම තරුණ ගැහැනු ළමයින්ට වැදගත් වන තමන්ගේ ස්වාභාවික ලස්සන ඉස්මතු කරගන්න පුළුවන් අලුත් ට්රෙන්ඩ්එකක් ගැන අවධානය යොමු කරන්න සිතුවා. ඒ තමයි කලර්ෆුල් අයිලෑෂස් ( Colourful Eyelashes ) ෆැෂන් එක…
විශේෂයෙන් ස්වාභාවිකව ඇහි පිහාටු අඩු ගෑනු ළමයින්ට වගේම ඇහි පිහාටුවල වර්ධනය බාල ගෑනු ළමයින්ට ස්වාභාවික පෙනුම තියෙන Synthetic Eyelashes භාවිත කරලා මුල් අඩුපාඩුව සඟවගෙන සාමාන්‍ය ඇහි පිහාටු දිගට, ඝනේට තියෙනවා වගේ පෙන්වන්න පුළුවන්. හැබැයි ඒ සැඟවීම ස්වාභාවික විදිහට කරන්න දක්ෂ කෙනෙක් ඔයාලා තෝරගන්න ඕනෙ. ඒ සඳහා තෝරගන්න වෘත්තීය පළපුරුද්ද සහ සුදුසුකම් හොයල බලන්නම වෙනවා.
මුහුණේ පෙනුමත් ඇහි පිහාටුවේ හැඩයත් වැදගත්…
තමන්ගේ පෙනුමට, ඇහි පිහාටුවේ හැඩයට වගේම තමන්ගේ කැමැත්තට ගැළපෙන්න තමයි Synthetic Eyelashes කරගන්න ඕනේ.
Classic Eyelashes ( Natural Look )
මෙහිදී සිදුවෙන්නෙ ස්වාභාවික අයිලෑෂස් එකක් මතට පිටතින් Synthetic අයිලෑෂස් එකක් ඇලවීමයි. එසේ කිරීමෙන් ස්වාභාවික අයිලෑෂස්වල දිග වර්ධනය කර පෙන්වයි. මෙය ස්වාභාවික පෙනුමට සමාන වේ.
Volume Eyelashes ( Thik Look )
මෙහිදී සිදුවන්නෙ ස්වාභාවික අයිලෑෂස් එකක් මතට පිටතින් Synthetic අයිලෑෂස් තුනක්, පහක් හෝ ඊට වැඩි ගණනක් ඇලවීමයි. ඒ සඳහා ඔබේ ස්වාභාවික අයිලෑෂස්වල ඝනත්වය සහ දිග වැදගත්. අයිලෑෂ් එකක් මත Synthetic අයිලෑෂස් කිහිපයක් ඇලවීමෙන් ස්වභාවික අහි පිහාටු බර වැඩි වී ඒවාට හානි විය හැකියි.
Hybrid Eyelashes ( Natural look + Thik Look )
මෙම ක්‍රමය මඟින් සිදුවන්නේ ඝනත්වය වැඩිකර පෙන්වීම සහ අයිලෑෂස් හි දිග වැඩිකර පෙන්වීමයි.
Synthetic Eyelashes ඇලවිය යුත්තේ
මේ සෑම ක්‍රමයකදීම ස්වාභාවික අයිලෑෂස් මත Synthetic Eyelashes ඇලවිය යුත්තේ ඇසේ පියනේ සිට ( Eye Lid ) අඟලක ප්‍රමාණයක් මඟහැරීමෙනි. ඒ මඟින් අයිලෑෂස් හි ස්වාභාවික වර්ධනයට බාධාවක් ඇති නොවේ.
සති 5 ක් හෝ 6 ක් තබා ගැනීමට
Synthetic Eyelashes සති 5 ක් හෝ 6 ක් හොඳින් තබාගැනීම සඳහා Eyelashes මත මස්කාරා ගැල්වීම නොකළ යුතුය. පිහිනීමෙන් වැළකිය යුතුය. ෆේෂල් කිරීමේදී ඇහි පිහාටු මත අලේප නොගැල්විය යුතුය.
පාට පාට අයිලෑෂස්…
ළඟ එන උත්සව සමයේ තමන්ට කැමති වර්ණවලින්ද ඇහි පිහාටු සකසාගන්න පුළුවන්. මේ Synthetic Eyelashes කෙනෙක් කැමති රතු වර්ණයෙන්ද, නිල් වර්ණයෙන්ද, කොළ වර්ණයෙන්ද හෝ එසේ නොමැති නම් රන් වර්ණයෙන්ද සකසා ගතහැකිය.
ඇතැම් අවස්ථාවලදී වර්ණ කිහිපයක් මිශ්‍රකර තමන්ගේ කැමැත්ත පරිදි අයිලෑෂස් සකසාගන්න පුළුවන් වන අතර තවත් කොටසක් ස්වාභාවික පෙනුමට සමාන කළු පැහැති අයිලෑෂස් අතරට එකක් හෝ දෙකක් නිල් පාට හෝ කොළ පාට හෝ තමන් කැමති වර්ණයකින් Synthetic Eyelashes එකතුකර අලුත් විලාසිතාවක් නිර්මාණය කරගන්න පුළුවන්. මෙයද ඉහත සඳහන් කළ ක්ලැසික්, වොලිම්, හයිබ්‍රිඩ් ආකාරයෙන් කරගන්න පුළුවන්. එපමණක් නොව මේ සතියේ එක් වර්ණයකුත් ඉදිරි සතියේ තවත් වර්ණයක් අවශ්‍ය නම් එයද කරගත හැකිය. මෙම ක්‍රමය බටහිර රටවල තරුණියන් අතර බොහෝ ජනප්‍රියයි.
හරින්දී ලියනගේ ✍️