අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩියට කපාගත් කුකුල් මස් ග්‍රෑම් 300
- හකුරු ග්‍රෑම් 30
- අමු මිරිස් කරල් 5
- කෑලි මිරිස් ස්වල්පයක්
- මිරිස් කුඩු ස්වල්පයක්
- දොඩම් ගෙඩි බාගයක යුෂ
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- චොප් කරගත් ඉඟුරු කැබැල්ලක්
- චොප් කරගත් සුදු ලූනු බික් 4
- චොප් කරගත් ලූනු ගෙඩි 1
- තක්කාලි සෝස් ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
කුකුල් මස්වලට ලුණු හා ගම්මිරිස් දමා සීසන් කර ගැඹුරු තෙලේ බැදගන්න. තෙල් රත්වූ භාජනයකට ඉඟුරු, සුදු ලූනු සහ ලූනු එකතුකර තෙම්පරාදු කරගන්න. මිශ්‍රණයට හකුරු දමා හොඳින් දිය කර අමු මිරිස්, මිරිස් කුඩු, කෑලි මිරිස්, දොඩම් යුෂ සහ තක්කාලි සෝස් එකතුකරගන්න. මෙම මිශ්‍රණයට බැදගත් කුකුල් මස් දමා හොඳින් කලවම් කරගන්න.