ලංකාවේ අපි දැන් පය තියලා ඉන්නෙ සීත කාලෙට. සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසෙ ඉඳලා දෙසැම්බර් වෙනකල් සීත කාලෙ හැඳින්නුවට ලංකාව තරමක් රස්නෙ රටක් නිසා ඔය සෘතු වෙනස මහා ලොකුවට අපිට දැනෙන්නෙ නෑ. හැබැයි සීත කාලෙ මහ ලොකු සීතලක් අපිට දැනෙන්නෙ නැති වුණත් සීත සෘතුවට පුළුවන් අපේ සමට බලපෑමක් කරන්න.
සමහර වෙලාවට එළියේ සීතලේ ඉඳලා ගේ ඇතුළට ආවම ඔයා දැකලා ඇති ඔයාගේ හම පුපුරපු ස්වභාවයක්. නැත්නම් සම රතු වෙලා. සීත රටවල නම් අපි දැකල තියෙනවා හැම ගෙදරකම ගිනි උඳුනක් තියෙනවා. අපි වුණත් පුංචි කාලෙ මතක ඇතිනෙ අම්මා කුස්සියෙ උයද්දි අපිත් පාන්දර නැගිටලා සීතල නිසා ළිප ගාවට වෙලා ඉන්නවා. මේක සාමාන්‍ය දෙයක්. හැබැයි සීතලට නිරාවරණය වෙලා ඇවිත් උණු වතුරෙන් නාන එකනම් සමට එච්චර ගුණදායක නෑ. මොකද සීතලේ ඉඳලා උණු වතුරෙන් පිරිසිදු වුණොත් සමේ තියෙන ස්වභාවික තෙල් වියැකිලා යනවා. ඒත් ඉතින් ඔය උණු වතුර කෙරුවාව නැති වුණාට තව ගොඩක් දේවල්වලින් සීත කාලයේදී සමට වෙන බලපෑම් මට්ටු කරන්න පුළුවන්.
ඔයාට දැනෙන අධික සීතලත් එක්ක උණු වතුරෙන්ම පිරිසිදු වෙන්න හිතෙනව නම් උණුසම මධ්‍යස්ථ ප්‍රමාණයකට රඳවගෙන පිරිසිදු වෙන්න පුළුවන්. එහෙම නැතුව අධික උණුසුම් වතුරෙන් පිරිසිදු වෙන්න ගියොත් සම තවත් වියළෙන්න පුළුවන්. ඒ වගේම උණුසුම් ස්නානය විනාඩි 5 – 10 අතර කාලයක අවසන් කරන එකත් ඇඟට ගුණයි.
සමහර වෙලාවට සීතලත් එක්ක වතුරෙ තියෙන අධික රස්නය ඔයාට දැනෙන්නෙ නැති වෙන්න පුළුවන්. එහෙම වෙලාවට වතුර ඔයාගෙ හමට දරාගන්න අමාරු රස්නයකද තියෙන්නෙ කියල දැනගන්න පුළුවන් උණු වතුරට නිරාවරණය වෙලා මිනිත්තු කිහිපයකින් සම රතු පැහැයට හැරුණොත්. ඒ වගේම සංවේදී සහ කොරපොතු තියෙන අත් උණුවතුරෙන් හොදන්නත් එපා.
එහෙම වුණොත් අත් දැවිල්ල ගතියක් දැනේවි.සමහරු හිතන් ඉන්නවනෙ උණුවතුරෙන් හේදුවම විසබීජ යනවා කියලා. හැබැයි ඇමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය හොයාගෙන තියෙනවා විසබීජ ඉවත්වීම අතින් ගත්තම සීතල සාමාන්‍ය වතුරෙත් උණුසුම් වතුරෙත් කිසිම වෙනසක් නෑ කියලා.
ඒ කියන්නෙ සීතල වතුර උණුසුම් වතුර තරම්ම ඵලදායී වෙනවා වගේම සමට අනතුරක් වෙන්නෙත් නෑ.සීත කාලෙ සම පරිස්සම් කරගන්න එකට දෙන්න පුළුවන් තව හොඳම උපදෙසක් තමයි මෘදු, සුවඳ රහිත ක්ලෙන්සර්. ක්ලෙන්සර් එකක් ගන්නකොට සංවේදී සමට සුදුසු, ඩයි රහිත ක්ලෙන්සර් එකක් ගන්නත් වගබලාගන්න ඕනේ. ඒ වගේම පුළුවන්නම් මේ කාලෙදි සබන් භාවිතයෙන් පොඩ්ඩක් අයින් වෙලා බොඩි වොෂ් එකක් පාවිච්චි කරන්න බලන්න.
මොකද සබන්වලටත් පුළුවන් සමේ තියෙන ස්වභාවික තෙල් ඉවත් කරලා දාන්න. ඔයාගෙ සම වියළිනම් සහ කැසීම් ස්වභාවයක් ගන්නවනම් ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ලය සහ රෙටිනොයිඩ් අඩංගු සම ආරක්ෂණ නිෂ්පාදන පාවිච්චි කරන්න එපා. මොකද මේවා ප්‍රශ්නට උග්‍රවෙන්න බලපාන්නත් පුළුවන් වගේම සමේ විවිධ රෝග ලක්ෂණ මතුවෙන්නත් පුළුවන්.
සම නැවත වතාවක් සුව වුණාට පස්සෙ ඔයාට පුළුවන් මේ නිෂ්පාදන භාවිතයට හෙමීට පටන්ගන්න. එතකල් ඒ වෙනුවට සාමාන්‍ය ක්‍රීම් එකක් තෝරගන්න. ඒ වගේම ටෝනර් එක පාවිච්චි කරනකොටත් මොයිස්චරයිසර් එකක් එක්ක පාවිච්චි කරන්න.
රෑට නිදාගන්න කලින් අත් පා ඇතුළුව මුළු ශරීරය පුරාම පෙට්‍රෝලාටම්,ස්කොලීන් සහ ෂී බටර් වගේ දේවල් අඩංගු රිච් මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න.මොකද ඔය කිව්ව දේවල්වලට පුළුවන් සම මත ආරක්ෂිත මුද්‍රාවක් හදලා සමේ තෙතමනය ආරක්ෂා කරන්න. ඒ වගේම තමයි පුළුවන් නම් සීත කාලෙදි හොඳින් වැසෙන භාජනයක හෝ ටියුබ් එකක තියෙන ක්‍රීම් එකක් පාවිච්චි කරන්න.
මොකද උඩින් ප්‍රෙස් කරද්දි ක්‍රීම් එන විදිහේ බෝතල් හරියට සීල් වෙන්නෙ නැති නිසා සීත කාලෙදි ක්‍රීම් වතුර ගතියෙන් යුක්ත වෙන්න පුළුවන්. සීත කාලෙදි ඕනෙ ඝන ක්‍රීම් එකක් මිසක් වතුර වගේ ඉක්මණින් වාෂ්ප වෙලා යන ක්‍රීම් එකක් නෙවෙයි.සීත කාලෙයි කියල ඉර පායන්නෙ නැතුව තියෙන්නෙ නෑනෙ. ඒ වගේම තමයි පායන ඉරඅව්ව එච්චර සැර නෑ කියල ගණන් නොගෙන ඉන්න එකත් මෝඩකමක්. ඒ නිසා ගිම්හානයෙදි වගේම සීත කාලගුණයෙදිත් එළියට යනකොට සන්ක්‍රීම් එකක් නම් ගාන්නම ඕනෙ.
අමෙරිකානු පිළිකා සංගමයට අනුව සීත කාලයේදී වලාකුළු අතරින් එන UV කිරණ නිසා සමේ පිළිකා පවා ඇතිවෙන්න පුළුවන්. සූර්යයාගේ හානිකර පාරජම්බුල කිරණින් 80%ක් විතර එන්නෙ වලාකුළු විනිවිද ගිහින්.ලංකාවෙ නුවරඑළිය පැත්තෙ වගේ නම් මිනිස්සු නිතරම ඉන්නෙ ස්වේටර්ස් ඇඳගෙනනෙ.
හැබැයි මේ ලොම් සහිත ඇඳුම් සෘජුවම අපේ සමට ස්පර්ශ වෙන්න හොඳ නෑ. ඒකෙන් වියළි සමට තවත් හානි වෙන්න පුළුවන්. ඒ වෙනුවට කපු, සේද වගේ සැහැල්ලු ස්ථරයකින් යුතු ඇඳුමක් ඇඳලා ඊට උඩින් ස්වේටරයක් අඳින්න. අත්වලටත් සීතල දරාගන්න අපහසු නම් මොයිස්චරයිසර් කරලා අත්වැසුම් පළඳින්න.
හරියට කන එකත් නිතරම සජලනය වෙන එකත් සීත කාලෙදි සම ආරක්ෂා කරගන්න බොහොම වැදගත්. වෙනදට වඩා වතුර බොන්න. අහලා ඇතිනෙ අපි කාමරවල ඉද්දි සම ඉක්මනටම වියළෙනවා කියලා. ඒ වගේම දෙයක් තමයි සීත කාලෙදි එළියට බැස්සමත් වෙන්නෙ. පෙර සැකසූ කෑම වර්ගවලින් සහ සීනි අධික කෑමවලින් වැළකෙන්න. ඒ වෙනුවට ශරීරයට අවශ්‍ය විටමින් හා ඛනිජ, මේද අම්ලවලින් පොහොසත් සම්පූර්ණ ආහාර වේලවක් ගන්න.
( අන්තර්ජාලය ඇසුරෙන් )
එරංදි කෞශල්‍යා ✍️