අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් චිකන් කිලෝග්‍රෑම් 1
- බාස්මති සහල් ග්‍රෑම් 700
- එළඟිතෙල් මේස හැඳි 5
- කපාගත් ලොකු ලූනු ගෙඩි 3
- ඉඟුරු සහ සුදුලූනු පේස්ට් මේස හැඳි 2
- බිර්යානි මසාලා මේස හැඳි 3
- රස අනුව ලුණු
- කපාගත් තක්කාලි ගෙඩි 3
- මුදවාපු මීකිරි කෝප්ප 3/4
- චොප් කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- අමු මිරිස් කරල් 5
සාදාගන්නා ආකාරය
එනසාල්, කරාබු දමා සහල් තම්බාගන්න. තෙල් රත් වූ භාජනයකට ලූනු එකතු කර විනාඩි 10ක් පමණ අඩු ගින්දරේ පිසගන්න. එයට ඉඟුරු, සුදුලූනු පේස්ට්, චිකන්, බිරියනි මසාල, ලුණු සහ වතුර ස්වල්පයක් එකතුකර කවලම් කර මද වේලාවක පසුව තක්කාලි, මුදවපු මී කිරි, කොත්තමල්ලි සහ අමුමිරිස් දමා කලවම් කරගන්න. අවසානයට සාදාගත් බත් එකතුකර හොඳින් පිසගන්න.