පදම් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය
- කිලෝග්‍රෑම් 1.5 ක සම්පූර්ණ කුකුළෙක්
- තෙල් මේස හැඳි 3
- මුදවපු කිරි මේස හැඳි 2
- දෙහි යුෂ මේස හැඳි 3
- ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1 බැඟින්
- මිරිස් කුඩු තේ හැඳි 1
- කහ කුඩු තේ හැඳි 1/2
- කැමති Herbs වර්ග තේ හැඳි 1/2
- ලුණු කුඩු තේ හැඳි 1/2
පදම් කරගන්නා ආකාරය
කුකුළා හොඳින් පිරිසිදු කරගන්න. පොඩි බෝල් එකකට තෙල්, මුදවපු කිරි, දෙහි යුෂ, ඉඟුරු සුදු ලූනු, මිරිස් කුඩු, කහ කුඩු, හර්බ්ස් වර්ග සහ ලුණු එකතුකර කලවම් කරගන්න. සාදාගත් පේස්ට් එක කුකුළා මත හොඳින් ආලේප කර පදම් වීම සඳහා ශීතකරනයේ පැය 1/2 ක් තිබන්න.
ෆිලින් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- තෙල් මේස හැඳි 3
- චොප් කරගත් ලූනු ගෙඩි 2
- ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1 බැඟින්
- මින්ස් මීට් ග්‍රෑම් 300
- මස් කරි කුඩු මේස හැඳි 2
- රස අනුව ලුණු
- පොඩියට කපාගත් තක්කාලි ගෙඩි 2
- කොටු හැඩයට කපාගත් අල ගෙඩි 1
- දෙහි යුෂ තේ හැඳි 1
- පාස්ලි ස්වල්පයක්
සාදාගන්නා අකාරය
තෙල් රත්වූ පෑන් එකකට ලූනු සහ සුදු ලූනු පේස්ට් එකතුකර හොඳින් තෙම්පරාදු කරගන්න. මින්ස් මීට් දමා හොඳින් කලවම් කර හොඳින් බැදුන පසු මස් කරි කුඩු, ලුණු, අල සහ තක්කාලි එකතු කරගන්න. අල හොඳින් තැම්බුණ පසු දෙහි යුෂ සහ පාස්ලි එකතුකර ළිපෙන් ඉවත් කරගන්න.
බේක් කිරීම
කුකුල් මස් එක ශීතකරණයෙන් එළියට ගෙන ඉහත මිශ්‍රණය හොඳින් පුරවා ගන්න. බේකින් ට්‍රේ එකක් මත තබා සෙල්සියස් අංශක 200 ක උෂ්ණත්වයේ ප්‍රීහීට් කළ අවන් එකක පැයක් බේක් කරන්න. ඉන් පසු උෂ්ණත්වය සෙල්සියස් අංශක 220 ට වැඩි කර නැවත විනාඩි 20- 30 ක් බේක් කරගන්න.
රසවත් කර ගැනීමට සෝස් එකක්
අවශ්‍ය ද්‍රව්‍ය
- මෙයොනේස් සෝස් කෝප්ප 1/2
- සුදුලූනු කුඩු තේ හැඳි 1/4
- මිරිස් සෝස් මේස හැඳි 1
- තක්කාලි කෙචප් මේස හැඳි 1
- රස අනුව ලුණු
- පාස්ලි ස්වල්පයක්
- ඔරිගානෝ තේ හැඳි 1/8
සාදාගන්නා ආකාරය
ඉහත සියල්ලම හොදින් කලවම් කරගන්න.