අවශ්‍ය ද්‍රව්‍ය
- කොටු හැඩයට කපාගත් ලූනු ගෙඩි 1
- කොටු හැඩයට කපාගත් සුදුලූනු බික් 1
- රම්පෙ කැබැල්ලක්
- කරපිංචා ඉති 1
- ඇට ඉවත් කළ සියඹලා ස්වල්පයක්
- සීනි තේ හැඳි 2 1/2
- රස අනුව ලුණු
- ග්‍රයින්ඩ් කරගත් උම්බලකඩ ග්‍රෑම් 50
- කෑලි මිරිස් ග්‍රෑම් 35
- තෙල් මේස හැඳි 2
සාදාගන්නා ආකාරය
ලූනු, සුදුලූනු ගැඹුරු තෙලේ බැදගෙන පසෙකින් තබන්න. තෙල් රත් වූ පෑන් එකකට රම්පෙ, කරපිංචා, සියඹලා, උම්බලකඩ හා කෑලි මිරිස් දා බැද එයට සීනි, ලුණු එකතු කර හොඳින් කලවම් කර ගන්න. පසුව කලින් බැදගත් ලූනු, සුදුලූනු එකතු කර කලවම් කරගන්න.