අවශ්‍ය ද්‍රව්‍ය
- කටු රහිත කුකුල් මස් ග්‍රෑම් 300
- සෝයා සෝස් මේස හැඳි 2
- ඉඟුරු යුෂ තේ හැඳි 1
- සීනි තේ හැඳි 1/4
- ලුණු තේ හැඳි 1/4
- කෝන් පිටි කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
කුකුල් මස් තරමක් ලොකු කැබලි වලට කපා එයට සෝයා සෝස්, ලුණු, ඉඟුරු යුෂ හා සීනි එකතු කර කලවම් කර විනාඩි 10 ක් පමණ සීසන් වෙන්න තබන්න. කුකුල් මස් කැබලි එකින් එක කෝන් පිටි වල දවටා ගැඹුරු තෙලේ බදින්න.
![](https://www.navaliya.lk/wp-content/uploads/2023/11/chammi-imalka.png)