අවශ්‍ය ද්‍රව්‍ය
- අලිගැට පේර ගෙඩි 1
- පිටිකිරි මේස හැඳි 4
- වතුර කෝප්ප 2
- වැනිලා බිංදු 2
- මී පැණි තේ හැඳි 2
- සීනි තේ හැඳි 2
- ලුණු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
අලිගැටපේර ගෙඩියේ මද සූරා බ්ලෙන්ඩර් කප් එකට දමා එයට සීනි, පිටිකිරි, ලුණු සමග වතුර කෝප්ප දෙක දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මිශ්‍රණය වෙනත් බඳුනකට දමා එයට වැනිලා සහ මී පැණි මිශ්‍ර කර හොඳින් කලවම් කර ශීතකරණයේ තබා පිළිගන්වන්න.