ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ගුවන් හමුදා ක්රීඩකාවෝ දිනාගත්හ. අවසන් මහා තරඟයේදී යුද හමුදා කණ්ඩායමට එරෙහිව ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ ලකුණු 11ක ජයක් ලබමින් ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ එම දස්කම් ප්‍රදර්ශනය කළහ.
යුද හමුදා කාන්තා පිල ඕවර් 50කදී කඩුලු 08ක් දැවී ලකුණු 154ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම හඹාගිය ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරද්දී ඕවර් 38දී කඩුලු තුනකට ලකුණු 110ක් ලබා සිටියහ.
මෙවර තරගාවලියේ විශේෂ සම්මාන තුනම ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිළේ ක්‍රීඩකාවන් තිදෙනකු දිනා ගැනීම විශේෂත්වයකි. දක්ෂතම ක්‍රීඩකාවට හිමි සම්මානය තරග පහකදී ශතකයක් හා අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 250ක් ලැබූ නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ හංසිමා කරුණාරත්නට, දක්ෂතම පිතිකාරිණියට හිමි සම්මානය තරග 5කදි ශතකයක් සමඟ ලකුණු 196ක් ලැබූ නාවිකා හමුදා කාන්තා ක්‍රිකට් පිලේ සත්‍යා සංදීපනීට හා දක්ෂතම පන්දු යවන්නියට හිමි සම්මානය තරග පහකදී ලකුණු 60ට කඩුළු 14ක් බිඳහෙලූ නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ ඉනෝකා රණවීර දිනාගත්හ.