“අනේ එයාගේ අත් නම් හරිම ලස්සනයි. පුංචි ළමයෙක්ගෙ වගේ සිනිදුයි.”සමහර විට කවුරු හරි කෙනෙක්ගෙ ලස්සන අත් දෙකක් දැකලා තවත් කෙනෙක් මෙහෙම කියන අවස්ථා ඔබ අත්විඳලා ඇති. ඇත්තටම එවැනි සිනිඳු සුමුදු දෑත් යුගලක් හිමි යුවතියක් බෙහෙවින්ම වාසනාවන්තයි. ඉතින් කාන්තාවකට පමණක් හිමි ඒ ලස්සන දෑත හිමි කර ගැනීමට නම් ඔබ ඔබගේ දෑත් ආදරෙන් රැක බලා ගත යුතුයි. උපතින්ම ගැහැනු අප කාගේත් දෑත් සිනිඳුයි. සම, නිය පෙළ ලස්සනයි. නමුත් වයසින් වැඩෙත්ම අපගේ ජීවන රටාවන් අනුව දෑතේ සුන්දරත්වය සහ සිනිඳු බව ටිකෙන් ටික වියැකෙනවා.
ඔබට මතක ඇති අපි මීට පෙර සතියක කතා කළා කාන්තාවකගේ දෙපාවල සුන්දරත්වය ඇයගේ පෞරුෂත්වයට කෙතරම් බලපානවද කියලා. ඒ වගේම දෑත් වල සුන්දරත්වයත් ඇයගේ පෞරුෂත්වය පවත්වාගෙන යාමේදී අනිවාර්යෙන්ම බලපාන කරුණක් බව පැහැදිලිවම කිව යුතුයි. මොකද ඔබ වටිනා ඇඳුම් ඇඳගෙන වටිනා ආභරණ වලින් සැරසී ලස්සනට මේකප් එකක් දාගෙන ගියත් ඔබේ දෑත අධිකව වියලිලා රැලි වැටිලා, නියපොතු නරක් වෙලා, දෑත ගොරෝසුයි නම් ඇත්තටම එයම ඇති ඔබගේ පෞර්ෂත්වය බිඳ වැටෙන්න.
දෑතේ සුන්දරත්වයට බාධා ඇතිවෙන්නේ ඇයි?
දෑත් රැළි වැටෙන්නට, වියළි වෙන්නට, ගොරෝසු වෙන්නට ශරීරයේ අධික උෂ්ණත්වය අනිවාර්යෙන්ම බලපානවා. ඉතින් හැමදාම කියනවා වගේ ඇඟ නිවා ගන්න නෙල්ලි, රසකිඳ, ඉරමුසු වගේ පානයක්නම් ගත යුතුමයි. ඒ වගේම ඉතා හොඳින් ජලය ද පානය කළ යුතුයි.
සේදුම් දියර ස්පර්ශ කිරීමෙන් අනතුරුව බේබි සබන් ගා දෑත් සෝදන්න
ඔබ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යාමේදී සේදුම්කාරක ලෙස භාවිත කරන සබන්, රෙදි සෝදන කුඩු, භාජන සෝදන දියර ආදිය දෑතට ඉතාමත් හානි කරයි. මේ ඔබ නොදන්නා කාරණාවක් විය හැකියි. මෙම නිෂ්පාදනවල ඇති කෝස්ටික් සෝඩා ඇතුළු රසායනික ද්‍රව්‍ය ඔබගේ දෑත රැළි වැටීම, වියළීම, සම පුපුරා යාම, අව පැහැ ගැන්වීම, ගොරෝසු වීම වගේම සම පිළිස්සුනු ස්වභාවයක් ගැනීම වැනි තත්ත්වයන් ඇති කරනවා.
ඒ වගේම බොහෝ කාන්තාවන්ගේ නියපොතු දෙපස නරක් වීමටද මෙය ප්‍රධාන හේතුවක්. එම නිසා සේදුම්කාරක මිලදී ගැනීමේදී ලාභයට වඩා ඔබගේ දෑත ගැන සිතා උසස් ප්‍රමිතියකින් යුතු සේදුම්කාරක මිලදී ගැනීමට වගබලාගත යුතුයි. ඒ වගේම සේදුම්කාරක දියර ස්පර්ශ කිරීමෙන් අනතුරුව බේබි සබන් ගා දෑත් හොඳින් සෝදා තෙත මාත්තු කිරීමෙන් මේ තත්ත්වය බොහෝ දුරට මගහරවා ගත හැකියි.
බාල තත්ත්වයේ නිය ආලේපනත් හොඳ නෑ
යුවතියන් බොහෝ ප්‍රිය කරන නිය ආලේපන භාවිතයේදීත් හොඳින් සැලකිලිමත් විය යුතුයි. පර්ස් එකට පහසු නිසා සේල් වගේ දාලා තියෙන බාල නිය ආලේපන පස්සෙ දුවන්නැතුව උසස් තත්ත්වයේ නිය ආලේපනයක් ගානවනම් නියපොතු නරක්වීමක් වෙන්නෙ නෑ. නිය ආලේපන විතරක් නෙවේ නේල් රිමූවර්ස් පවා උසස් තත්ත්වයේ විය යුතුයි.
අපි බලමු මේ කුමන තත්ත්වයක් නිසා හෝ ඔබගේ දෑතෙහි සුන්දරත්වයට හානි පමුණුවන විවිධ හේතුවලට ආයුර්වේදෙන් ලබා ගත හැකි පිළියම් මොනවාද කියලා.
වියළි ගොරෝසු දෑතට ස්ක්‍රබ් එකක්
වෙනිවැල් කුඩු, නෙල්ලි කුඩු පිරිසිදු පොල්තෙල් සමග කලවම් කර පිරිසිදු කරගත් දෑතෙහි ආලේප කර විනාඩි දහයක් පමණ තිබෙන්නට හරින්න. පසුව රවුම් ආකාරයට හොඳින් පිරිමැද සෝදා ඉවත් කරන්න.
සුදු හඳුන් කුඩු, කෝපි කුඩු, රතු හාල්පිටි, ඔලිව් තෙල් හෝ පොල්තෙල් සමග කලවම් කර ඉහත ආකාරයටම ආලේප කර පිරිමැද සෝදා ඉවත් කරන්න.
වියළි රැලි වැටුණු සමට සත්කාර
හණ ඇට කොටා පවුඩර් කර දිනපතා එම පිටි තේ හැන්දක් පමණ ගෙන ජලය ස්වල්පයකින් දියකර ජෙල් ස්වභාවයට පත් වූ පසු එය දෑත් වල ආලේප කර පිරිමදින්න. පිරිසිදු පොල්තෙල්, තල තෙල්, ඔලිව් තෙල් සමව ගෙන එයට විටමින් E කරලක් එකතු කර දිනපතාම රාත්‍රියට ආලේප කළොත් ඔබ වයසට ගියත් ඔබේ දෑත නම් වයසට නොයනු ඇත.
දෑත් පැහැපත් කර ගැනීමට පැක්ස්
කෝමාරිකා, කහ කුඩු, මී පැණි සමව ගෙන කෝමාරිකා යුෂෙන්ම හොඳින් කලවම් කරගන්න. පසුව හොඳින් ආලේප කර විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර සෝදා ඉවත් කරගන්න. මෙය ඔබේ දෑත පමණක් නොව මුහුණද රන්වන් පාට කරන දිව්‍ය ඖෂධයක්.
රත් හඳුන් කුඩුවලට අර්තාපල් යුෂ හා තක්කාලි යුෂ එක් කොට සාදා ගන්නා ආලේපනයෙන් පුළුවන් දෑත් පැහැපත් කරන්න. වැල් මදට කුඩු,වැල්මී කුඩු, කස්තුරි කහ, සූදුරු කුඩු, සැවැන්දරා මේ සියල්ල ගස්ලබු යුෂෙන් මිශ්‍ර කර ආලේප කරන්න.
අව්වට පිළිස්සුණු දෑතට
රාබු ඉස්ම, දෙහි ඇඹුල් සමග මිශ්‍ර කර දෑත්වල ආලේප කරන්න.
අර්තාපල් යුෂ, කහ කුඩු සමග මිශ්‍ර කර ආලේප කරන්න.
තක්කාලි යුෂ, කහ කුඩු සමග මිශ්‍ර කර ආලේප කරන්න.
■ නියපොතු නරක් වීමට විසඳුම්
දිනපතා රාත්‍රියට දෙහි ඇඹුලෙන් නියපොතු පිරිසිදු කර කෝමාරිකා මදය ගෙන එය නරක් වූ නියපොත්තට තබා බුලත් කොළයකින් හෝ කෙසෙල් කොළයකින් ඔතා රෙදි කැබැල්ලකින් බැඳ උදේට ඉවත් කරන්න. මේ ආදී ලෙස ඇප කැප වී සත්කාර කිරීමෙන් ඔබට ඉතා සුන්දර වූ දෑතක් හිමිකර ගත හැකියි.
ආයුර්වේද රූපලාවන්‍ය ශිල්පිණී
හිමාලි ෂර්මිලා
එරංදි කෞශල්‍යා ✍️
naturally like your web site however you need to take a look at the spelling on several of your posts. A number of them are rife with spelling problems and I find it very bothersome to tell the truth on the other hand I will surely come again again.