අවශ්‍ය ද්‍රව්‍ය
- ටින් කිරි ටිං 1
- බටර් ග්‍රෑම් 60
- ලුණු තේ හැඳි 1/8
- එනසාල් ඇට 4
- බිත්තර 4
- කිරි ටිං 1
- සීනි ග්‍රෑම් 100
සාදාගන්නා ආකාරය
ටිං කිරි සහ කිරි හොඳින් මිශ්‍ර කර එයට වතුර ටින් බාගයක් දමාගන්න. භාජනයක් ළිප තබා එයට සීනි එකතුකර කැරමල් කර බටර් දමා දියකරගන්න. මෙයට කිරි මිශ්‍රණය, එනසාල් ඇට සහ ලුණු එකතුකර කලවම් කර මිශ්‍රණය නිවාගන්න. බිත්තර හොඳින් බීට් කර නිවාගත් මිශ්‍රණයට දමාගන්න. බේකින් තැටියකට වතුර ස්වල්පයක් දමා එයට බටර්ස්කොච් මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙ බේක් කරගන්න.