අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩියට කපාගත් කුකුල් මස් ග්‍රෑම් 500
- ලොකුලූනු ගෙඩි 4
- අමුමිරිස් කරල් 5
- සුදුලූනු බික් 5
- ඉඟුරු කැබැල්ලක්
- කහකුඩු තේ හැඳි 1/2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
- මිරිස් කුඩු තේ හැඳි 2
- පොල්තෙල් මේස හැඳි 3
- කරපිංචා
- මාදුරු තේ හැඳි 1/4
- අබ තේ හැඳි 1/2
- රස අනුව ලුණු
මසාලා එක සඳහා
සුදුරු, මාදුරු, කරදමුංගු, කරාබු නැටි, කොත්තමල්ලි ඇට, ගම්මිරිස් ඇට තේ හැඳි එක බැගින් සහ කුරුඳු කැබැල්ලක් ගෙන කබලේ බැද බ්ලෙන්ඩ් කරගන්න. භාජනය ළිප තබා එයට පොල්තෙල් එකතු කර මාදුරු, අබ ඇට සහ චොප්කරගත් ඉඟුරු, සුදුලූනු එයට දමා විනාඩියක් තෙම්පරාදු කරගෙන එයට කපාගත් ලූණු සහ කරපිංචා එකතු කර හොඳින් කලවම් කරගන්න.
විනාඩි 2 ට පසු කුකුල් මස් ටික එකතු කර එයට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු සහ කලින් සාදාගත් මසලා එකෙන් තේ හැන්දක් සමග අවශ්‍ය ප්‍රමාණයට රස අනුව ලුණු එකතු කර හොඳින් කලවම් කර විනාඩි 20 ක් මද ගින්නේ පිසගන්නා අතරතුර විනාඩි 5 කට සැරයක් මස් ටික කලවම් කරගන්න.
naturally like your web site however you need to take a look at the spelling on several of your posts. A number of them are rife with spelling problems and I find it very bothersome to tell the truth on the other hand I will surely come again again.