එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ඊයේ (21) අවසන් වූ 18 න් පහළ ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ රන් පදක්කම දිනා ගැනීමට නාලන්දා විද්‍යාලයීය චෙස් ක්‍රීඩක සුසල් තේව්ජාන් ද සිල්වා සමත් විය. ඒ ඉන්දියාව ඇතුළු ආසියාවේ දැවැන්තයන් රැසක් පසුපසට ඇද දමමිනි.
නුවර ධර්මරාජ විද්‍යාලයේ ලිසර සමාධිත් තෙන්නකෝන් සිසුවා මෙම තරගාවලියේදී වට 9කින් පසුව 31 වැනි ස්ථානය දිනාගැනීමට සමත් විය.