අපේ හිස, නාසය නළල සහ මුහුණ ආශ්‍රිතව සයිනස් (sinus) යනුවෙන් හැඳින්වෙන කෝටාරක අටක් තිබෙනවා. මේවා සයිනස් හෙවත් කෝටාරක යුගළ වශයෙන් හැඳින්වෙනවා.
සයිනස් වැදගත් ඇයි?
ඇතුළු හිසේ බර අඩු වීමට
කතාකරන විට ශබ්දය පිටවීමට
කටහඬ මිහිරි වීමට
අපේ කටහඬ සමග ශබ්දය නිකුත් වන්නේ මෙම කුහර අභ්‍යන්තරයෙන්. මේවා නිතරම වාතයෙන් පිරී තිබෙනවා. ඒ වගේම මෙම කුහර ආශ්‍රිතව සෙම, සෙවල වැනි ස්වභාවයක්ද තිබෙනවා.
සයිනසයිටිස් කියන්නේ…
ඉහතින් සඳහන් කරන ලද කුහර ඇතුළත තිබෙන පටල ප්‍රදාහ අපි සයිනටයිටිස් එහෙම නැත්නම් “කෝටරක ප්‍රදාහය” යනුවෙන් හැඳින්වෙනවා. සයිනසයිටිස් තත්ත්වය සාමාන්‍යයෙන් සති දෙකක් පමණ ගතවන විට ඉබේම අඩුවනවා.
එසේ සුව නොවුණොත්?
සති දෙක තුනක් මේ තත්ත්වය තිබුණොත් සයිනස් ඇතුළත සෙම එකතු වී ඒවා මත බැක්ටීරියා ජනනය වීම නිසා රෝග තත්ත්වය උත්සන්න වෙනවා.
එවැනි අවස්ථාවක ඇතිවන රෝග ලක්ෂණ
පූර්ණව හෝ අර්ධව අවහිර වූ කෝටාරක තුළ ඇති වෙන පීඩනය නිසා හිසරදය ඇති වේ. හිස ඉදිරියට නවන විට වේදනාව වැඩිවීමක් දැනේ.
කටහඬ වෙනස් වීම
මුඛයෙන්, නාසයෙන් දුර්ගන්ධයක් හැමීම
දත් කැක්කුම
මුහුණේ ප්‍රදාහයට පත්ව ඇති කෝටාරක සහිත ප්‍රදේශයේ ඉදිමීමක් දක්නට ලැබේ. මේ ප්‍රදේශ ස්පර්ශ කරන විටත් වේදනාව දැනේ.
ප්‍රදාහයට පත්ව ඇති කෝටාරක තුළ ඇති සෙම මත රෝගකාරක බැක්ටීරියා වර්ධනය වීම නිසා උණ තත්ත්වය ඇති වේ.
බැක්ටීරියා ආසාදනය නිසා නාසයෙන් ගලන දියර කහ පැහැති ස්වභාවයක් ගැනීම.
සෙම අවහිර වීම නිසා නාසයේ ඇතිවන බර ගතිය සහ අවහිර වීම.
වැඩිපුර සෙම උගුරට ඒම නිසා උගුර ප්‍රදාහයට පත් වීම, උගුර වේදනාව සහ උගුර අවහිර වීම නිසා කැස්ස ඇති වීම.
ඇස් වටා ඇති පටක හා ස්නායු මත සෙම ප්‍රදාහය වීම නිසා ඇතිවන පීඩනයෙන් ඇස් සහ කන වේදනාව.
දින 30 ක් වැනි කාලයක් ඉක්මවන විට මේ රෝග තත්ත්වය නිදන්ගත තත්ත්වයට පත්වෙනවා. එවැනි රෝගීන් නිතරම නාසයේ බර ගතිය, හිසරදය වැනි අහසුතාවන්ගෙන් පසුවෙනවා.
සයිනසයිටිස් රෝග තත්ත්වයට අවදානම් කණ්ඩායම්
ආගන්තුක අංශුවලට, පුස් වර්ගවලට ආසාත්මික පුද්ගලයන්.
නාසයේ බිත්තිවල වෙනස් පිහිටීම් ඇති විට.
ප්‍රතිශක්ති දුර්වලතාවන් ඇති අය.
රෝගය හඳුනාගැනීම
රෝගියා විසින් සඳහන් කරන රෝග ලක්ෂණ අනුව රෝග තත්ත්වය තහවුරු කරගන්න සුදුසුකම් ලත් වෛද්‍යවරයකුට පුළුවන්. අවශ්‍ය වුණොත් එක්ස්රේ, CT ස්කෑන් පරීක්ෂණ ලබා ගන්නවා.
රෝගය නිසා ඇතිවන සංකුලතාවන් මොනවාද?
කෝඨාරක ප්‍රදාහය නිසා දරුණු සංකුලතාවන් ඇතිවන්නේ නැහැ. නමුත් මොළයේ “මෙනින්ට්” පටල ප්‍රදාහය, ඇස් වටා ඇති සම (Orbital cellulitis) ආසාදනය වීම, මෙය ඇස්, ඇහිබැම සහ කම්මුල්වලට බලපානවා
ඇස් පෙනීමේ ගැටලු -අන්ධ බව ඇති වීම.
venous thrombosis රුධිර නාලවල ලේ කැටිගැසීම.
සයිනස් රෝග තත්ත්වය සඳහා ප්‍රතිකාර
ප්‍රතිකාර ලබා දීමේදී ආසාත්මිකතාව නිසා ඇතිවන ප්‍රදාහ තත්ත්වයට සහ වෛරස ආසාදන කෝඨාරක ප්‍රදාහ රෝගීන් සඳහා ප්රතිජිීවක ඖෂධ ලබා දීම.
දියර බින්දු යොදා සිරවුණ නාසය අපහසුතාවෙන් මගහැර ගැනීම.
නවීන ඖෂධීය ප්‍රතිකාර අනුව සෙම දිය කරන කාණ්ඩයේ ඖෂධ නිර්දේශ කිරීම සිදු වේ.
ඊට අමතරව උණුසුම් ජල වාෂ්ප ආඝ්‍රාහණය කිරීම සිදු වේ. ජල වාෂ්ප ආඝ්‍රාහනය කිරීම දිනකට දෙවතාවක් කිරීම සහ නිර්දේශිත දියර දැමීම.
දියර බින්දු පාවිච්චි කිරීමේදී
සමහර අවස්ථාවලදී ඔබට මේ දියර බින්දු එක් වර්ගයක් පමණක් ලබා දෙනු ඇත. එය ගැටලුවක් නැහැ. නමුත් සමහර විට නාසයට ඇතුළු කරන දියර වර්ග දෙකක් ලබා දුන්ණොත් එක් වර්ගයක දියර බින්දු යොදාගෙන විනාඩි පහකින් පමණ පසු දෙවැනි වර්ගය යොදන්න.
මෙය නාසයට දැමීමේදී හිස හොඳින් පහත් කරගෙන දාන්න. ඔබට ලබාදුන් දියර බින්දු බෝතලය විවෘත කිරීමෙන් පසුව සති තුනක කාලයක් තුළ එය අවසාන කරන්න. හදිසියේ හෝ ඔබ සුවය ලැබීමෙන් පසුව දියර බින්දු ඉතිරි වුණොත් ඒවා නැවත පාවිච්චියට තබාගැනීම සුදුසු නැහැ.
කෝඨාරක තුළට ප්‍රතිජීවක ඇතුළු වන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් බැවින් මේ සඳහා ප්‍රතිකාර ලබාගැනීමේ කාලය දිගු වියහැක. ඖෂධීය ප්‍රතිකාරවලට ප්‍රතිචාර නොදක්වන්නේ නම් සියුම් ශල්‍යකර්මයක් මගින් කෝටාරක පිරිසිදු කොට කෝටාරක විවර විශාල කිරීම සිදුකරනවා.
මේ ගැන සැලකිළිමත් වෙන්න
ඒ වගේම මාස තුනකට වඩා වැඩි කාලයක් රෝග තත්ත්වය පැවැතීම නිසා එය නිදන්ගත තත්ත්වයකට පත්වීමට පුළුවන්. ඒ නිසාම ශ්වසන මාර්ගය ආශ්රිත ආසාදන තත්ත්වයන් ඇතිවීමටත් පුළුවන්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️
What a data of un-ambiguity and preserveness of valuable knowledge concerning unexpected feelings.