අවශ්‍ය ද්‍රව්‍ය
- එළකිරි ලීටර් 1
- සීනි මේස හැඳි 8
- ලුණු තේ හැඳි 1/4
- වැනිලා තේ හැඳි 1
- කහ පාට ෆුඩ් කලරින් ස්වල්පයක්
- පාන් පිටි හෝ කෝන් පිටි මේස හැඳි 5
සාදාගන්නා ආකාරය
ඉහත සියල්ලම පෑන් එකකට දමා හොඳින් දිය කර ගන්න. ළිපේ ගින්දර අඩු කර හැන්දේ දැවටෙන පදමට උකු කර ගන්න. මිශ්‍රණය නිවුණු පසු විනාඩි 2 ක් පමණ බ්ලෙන්ඩ් කරගන්න. බෝල් එකකට මිශ්‍රණය එකතුකර හොඳින් වසා පැය 3-4 ක් ශීතකරණයේ තබන්න. පසුව එය නැවත හොඳින් බ්ලෙන්ඩ් කර භාජන 8 කට සමානව වෙන් කරගන්න.
අයිස්ක්‍රීම් 8 ට රස එකතු කිරීම
1) පොඩියට කපාගත් පුහුල් දෝසි, මුද්දරස්පලන් සහ නට්ස් එකතු කරන්න. එයටම කොළ පාට ෆුඩ් කලරින් බිංදුවක් එකතු කර හොඳින් කලවම් කර ගන්න.
2) පාට 3 කින් ටූටි ෆෲටි එකතු කර ගන්න. කොළ පාට ෆුඩ් කලරින් බිංදු 2 ක් එකතු කර කලවම් කර ගන්න.
3) කොකෝවා පවුඩර් තේ හැඳි 2 හොඳින් දිය කර ගන්න.
4) ඉදුණු අඹ ස්වල්පයක් බ්ලෙන්ඩ් කර එයින් හැඳි 2 ක් එකතු කරන්න.
5) ස්ට්‍රෝබරි ජෑම් ස්වල්පයක් සහ රෝස පාට ෆුඩ් කලරින් බිංදුවක් එකතුකර හොඳින් කලවම් කර ගන්න.
6) චොක්ලට් බිස්කට් එකක් පොඩියට කඩා එකතු කර ගන්න.
7) චොක්ලට් ටිකක්, නට්ස්, පුහුල් දෝසි, ටූටි ෆෲටි සහ රෝස පාට ෆුඩ් කලරින් බිංදු 2 ක් එකතුකර කලවම් කර ගන්න.
8) මුල් මිශ්‍රණයට වැනිලා බිංදු 2 ක් එකතුකර හොඳින් කලවම් කර ගන්න.සාදාගත් මිශ්‍රණ අට සෙට් වීම සඳහා ශීතකරණයේ තබන්න.
I appreciate you sharing this blog post. Thanks Again. Cool.