දීපිකා ප්‍රියදර්ශනී පීරිස් කියන්නෙ යුගයක් නැලවූ ආදරණීය කටහඬක්.
ඒ සුමිහිරි හඬේ තවමත් නිමක් නෑ.
මේ ගෙවෙන්නෙ ඇයගේ ජීවිතේ වසන්ත කාලය කිව්වොත් අපි නිවැරදියි. ඉතින් පමා වෙලා වුණත් දීපිකාගේ ජීවිතේට ආපු ඒ වසන්තය දකින්න පහුගිය දවසක අපිටත් පුළුවන් වුණා.
ඇයගේ ජීවිතේට වසන්තය ගෙනාපු ආශි, අග්‍ර පුංචි පැටවු දෙන්නා එක්ක ඇය පළමු වතාවට මාධ්‍යට පෙනී හිටියෙ නවලියෙන්. දරුවො දෙන්නා තමයි දැන් ඇයගේ මුළු ජීවිතේම. ඉතින් නවලිය අපිට මේ මොහොත හරි විශේෂයි. ඒ 2024 අලුත් අවුරුද්දෙ අපේ මුල්ම කවරය මේ සම්භාවනීය ගායිකාවගෙන් සහ ඇගේ හුරතල් පුතණුවන් දෙදෙනාගෙන් හැඩවෙන නිසා. මේ ඒ සුන්දර දසුන් කිහිපයක් නවලිය කැමරා කාචයේ සටහන් වූ අයුරු.
Talent – Deepika Priyadarshani Pieris with Ashi Damsith and Agra Arjith
Concept – Navaliya
Hair & Makeup – Dhanushka of Shimmer
Photographer – Dayan Pradeep
Kids outfit designer – Ashok Kumara
Shoes – Walk to glow