කශේරුකා ආබාධයට පත් රෝගියෙකුට තමන්ගේ ජීවිතයේ කටයුතු තනියම කර ගැනීම පහසු නැහැ. ඇවිදීම වැනි කාර්යයන්හිදී තවත් කෙනෙකුගේ සහය අත්‍යවශ්‍ය බැව් අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් වෛද්‍ය තාක්ෂණයේ සංවර්ධනය සමග අනාගතයේදී මොළයට සවි කරන ලද හෙවත් බද්ධ කරන ලද විද්‍යුත් උපාංගයක ආධාරයෙන් තනියම ඇවිදීමේ පහසුව ලැබෙන දිනයක් උදා වෙනු ඇති.
ගර්ට් යාන් ඔස්කාම්ගේ වයස අවුරුදු හතළිහක්. මීට වසර දොළහකට පෙරාතුව ඔහු හදිසි අනතුරකින් අංශභාග රෝගී තත්ත්වයට පත් වූ ඔහු එතැන් පටන් කටයුතු කළේ අතදරුවෙක් වගේ වුණත් මෑතකදී තමා අලුතින් උපතක් ලැබූ බැව් ගර්ට් සඳහන් කරනවා. ස්විස්ටර්ලන්තයේ ලෝසෑන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් හඳුනා ගත් විද්‍යුත් උපකරණයක් මගින් ඔස්කාම්ට නැවත ඇවිදීමේ හැකියාව ලැබී තිබෙනවා. මෙම විද්‍යුත් උපකරණය රැහැන් රහිතයි. ඊට අමතරව තවත් උපකරණයක් කශේරුකාවට සම්බන්ධ කර තිබෙනවා.
මොළයට සවි කරන ලද උපකරණය මගින් ලබා දෙන පණිවිඩය කශේරුකාවේ ඇති උපකරණයට සම්ප්‍රේෂණය වීමත් සමග රෝගියාගේ දෙපතුල් සහ පාද වෙතටත් පණිවිඩය සම්ප්‍රේෂණය වෙනවා. ඒ නිසා රෝගියාගේ මෙහෙයවීමක් නොමැතිව ඇවිදීමේ හැකියාව ලැබී තිබෙනවා.මහාචාර්ය ග්‍රෙගර් කෝර්ටින්ගේ මෙම මස්තිෂ්ක සංවේදකය වෙනුවෙන් වූ පූර්ව අධ්‍යයනයන් මේ වෙන විට සාර්ථක ලෙසින් නිම වී තිබුණා.
මේ ක්‍රමවේදයේදී චලනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කශේරුකාවට උපකරණයක් බද්ධ කිරීම පමණක් සිදු වුණා. එතැනින් පසුව චලනය යථා තත්ත්වයට පත් කරනවා. කශේරුකාවට සංවේදක තැන්පත් කිරීම නිසා මොළයේ සිට කොඳු ඇට පෙල හානියට පත් කොටස වෙත ලැබෙන දුර්වල සංඥාවන් තීව්ර කරනවා. ඊට අමතරව මෙම සංඥාවන් තීව්ර කිරීම සඳහා පරිගණකයක්ද යොදා ගත්තා.
මුල් පියවර
වසර ගණනාවක්ම මස්තිෂ්ක සංවේදකය පිළිබඳ වූ අධ්‍යයනයන් ගැන විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබුණා. ඩේඩිඩ් එම්සි මෙම මස්තිෂ්ක සංවේදකය බද්ධ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත් මුල්ම පුද්ගලයා බවට පත් වුණා. ඒ වගේම සම්පූර්ණ කශේරුකාවට හානි සිදු වුණත් මෙම උපාංගය බද්ධ කිරීමෙන් පසුව මයිකල් රොකාට්ට ඇවිද යෑමේ පහසුව ලැබුණා.
නමුත් මේ දෙනොම ප්රතිලාභ ලැබුවත් ඔවුන්ගේ චලනය පෙර සැලසුම් කරන ඇති ආකාරයට රොබෝවරයෙකුගේ ස්වරූපය ගත්තා.නමුත් චලනයන් පරිගණකය සමග ඉදිරියට ගෙන යා යුතු වුණත් සම්බන්ධතාවය නැවතුනහොත් චලනය නවතා නැවත සැලසුම් කිරීමට සිදු වෙනවා.
මස්තිෂ්ක සංවේදක විද්‍යුත් උපාංගයේ නව ක්‍රමවේදය
2021 වසරේ ජූලි මාසයේදී මෙම නව පරීක්ෂණය සිදු කරනු ලැබුවා. මෙම අධ්‍යයනයේ ප්‍රධානී ලෙස ස්නායු ශල්‍ය වෛද්‍ය ලෝසෑන් බ්ලොක් අදාල ශල්‍ය කර්මය සිදු කරනු ලැබුවා. රෝගියාගේ හිස් කබලේ චලනය පාලනය කිරීමට සම්බන්ධ මොළයේ ස්ථානවලට ඉහලින් සෙන්ටිමීටර් පහක පමණ විෂ්කම්භය ඇති රවුම් සිදුරු දෙකක් කපා ඔහුගේ හිස මත හෙල්මට් එකක් වැනි ආධාරකයක් සවි කළා.
මෙම හිස්වැසුම මත සවිකර ඇති විද්‍යුත් සංවේදක දෙකකට මොළයේ සංඥාවන් රැහැන් රහිතව සම්ප්‍රේෂණය කළ හැකි තැටි හැඩැති උපකරණ දෙකක් සවි කරනු ලැබුවා. මෙම දෙවන සංවේදකය ගර්ට්ගේ සුෂුම්නාව වටා ඇතුළු කරනු ලැබුවා. දෙවන සංවේදකය හරහා ඇවිදීමට අදාළ ස්නායු සංකීර්ණ ලෙස සම්බන්ධ කරමින් පාදයේ සහ පාදයේ පේශි චලනය කිරීමට ලැබෙන උපදෙස් සංඥාවන් බවට පරිවර්තනය කරනවා.
සති කීපයකින් පසුව රෝගියා නැගිට ඇවිදීමට පටන් ගත්තා. මේ ක්‍රමවේදය මගින් චලනය සිදු වීම ප්‍රමාද වුණත් එය ඉතා සුමට ලෙසින් සිදු වුන බැව් මෙම ව්‍යාපෘතිය මෙහෙයවන ලද මහාචාර්ය ග්‍රෙගරි කෝටින් සඳහන් කරනවා. මීට පෙරාතුව මස්තිෂ්ක සංවේදක සවි කරන ලද රෝගීන්ට සාපේක්ෂව බලන විට ගර්ට්ගේ තත්ත්වය ඉතාම සතුටුදායක බැව් පෙනී ගියා. ඔහු ඉතාම ඉක්මනින් සංවේදකයට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා.
රෝගියා ඇවිදීම වැදගත්
විවිධ රෝගාබාධයන් සහ අනතුරු නිසා කශේරුකා ආබාධ තත්ත්වයට පත් වී නැවත ඇවිද ගැනීමේ හැකියාව නැති ආබාධ සහිත රෝගීන්ට ඇවිදීමේ හැකියාව ලබා දීම බැව් එක්සත් රාජධානියේ පුණ්‍යායතනයක් වන කශේරුක පර්යේෂණ අංශයේ ප්‍රධාන විධායක නිළධාරී හාර්වි සෝටා සඳහන් කරනවා. මෙම තාක්ෂණය මෙතැනින් අවසාන නැහැ. දැනට එය තව දුරටත් සංවර්ධනය කිරීම අවශ්‍යයි. මස්තිෂ්ක සංවේදකය බද්ධ ස්නායු මාර්ග සිතියම තව දුරටත් ඉදිරියට ගෙන යෑම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.
දැනට මෙම බද්ධ කිරීම නිසා කශේරුක ආබාධ සහිත ප්‍රජාවගේ ක්‍රියාකාරීත්වය සහ ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා. ස්විස්ටර්ලන්ත පර්යේෂක කණ්ඩායමේ මහාචාර්ය කෝටින් සඳහන් කරන්නේ මස්තිෂ්ක සංවේදකය තාක්ෂණික ලෙසින් වාණිජකරණය කිරමේ කටයුතු Onward Medical සංවිධානය වෙත පවරා තිබෙනවා.
ඔවුන් අනාගතයේදී එය සාමාන්‍ය ජනතාව අතරට ජනප්‍රිය කරනු ඇති.මස්තිෂ්ක සංවේදකය සවි කළ රෝගීන් අතර ගර්ට් යාන්ට එය සවි කරන විට ඔහු අනතුරට පත් වී වසර දහයක් ගත වී තිබුණා.මේ නව උපාංගය පැළඳ සිටියත් සතියකට මාංශ පේශි පුහුණු ව්‍යායාමවල යෙදීමත් අවශ්‍ය වෙනවා.
( බී. බී. සී පුවත් ඇසුරෙන් )
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️