අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු හෝ රතු කැකුළු හාල් ග්‍රෑම් 500
- තනහාල් ග්‍රෑම් 500
- පොල්ගෙඩියක කිරි
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
හාල් වර්ග දෙකම එකවර ගරා හොඳින් සෝදා වතුර අවශ්‍ය තරමට දමා ළිප තබා හොඳින් ඉදීගෙන එනවිට කිහිප සැරයක්ම හැඳිගාන්න. වතුර හිඳුන පසුව උකු පොල් කිරිවලට ලුණු මිශ්‍ර කර බතට එකතු කර කූරූ ගා මඳ ගින්නේ ඉදෙන්න හරින්න. කිරිවලින් හොඳින් ඉඳුණු පසු කෙසෙල් කොළයක් මත අතුරා අවශ්‍ය හැඩයකට කපා මේසයට පිළිගන්වන්න.