අවශ්‍ය ද්‍රව්‍ය
- ලොකු ලුනු ගෙඩි 5
- කරදමුංගු කරාබු නැටි 5
- උම්බලකඩ මේස හැඳි 3
- කෑලි මිරිස් මේස හැඳි 5
- පොල්තෙල් මේස හැඳි 3
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා එයට පොඩියට කපා ගත්ත ලූනු එකතුකර එහි වතුර ගතිය යනතුරු බැදගන්න. එයට පොල්තෙල් හා කරදමුංගු කරාබු නැටි එකතුකර කලවම් කරගන්න. එයටම බැදගත් ලුනු උම්බලකඩ සහ කෑලි මිරිස් සහ ලුණු එකතුකර විනාඩි 3 ක් පමණ තෙම්පරාදු කරගන්න.