අවශ්‍ය ද්‍රව්‍ය
- බණ්ඩක්කා ග්‍රෑම් 250
- ලූනු ගෙඩි 2
- කරපිංචා
- පොල්තෙල් මේස හැඳි 1/2
- කෑලි මිරිස් තේ හැඳි 2
- සීනි මේස හැඳි 1
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
බණ්ඩක්කා, ලූනු ගෙඩි රන්වන් පාට වනතුරු බැද එයට කරපිංචා දමා තත්පර 30 ක් පමණ බැදගන්න. භාජනයක් ළිප තබා එයට පොල්තෙල් මේස හැඳි 1/2, කෑලි මිරිස්, සීනි සහ රස අනුව ලුණු එකතුකර විනාඩියක් පමණ තෙම්පරාදු කරගන්න. අවසානයට බැදගත් බණ්ඩක්කා, ලූනු, කරපිංචා එකතු කරමින් කලවම් කර ළිපෙන් බාගන්න.