අවශ්‍ය ද්‍රව්‍ය
- කුනිස්සන් ග්‍රෑම් 150
- රම්පෙ, කරපිංචා
- ලොකු ලූනු ගෙඩි 2
- සුදුලූනු
- අමු මිරිස් කරල් 4
- කෑලි මිරිස් තේ හැඳි 3
- මිරිස් කුඩු තේ හැඳි 1
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
- තෙල් මේස හැඳි 4
- රස අනුව ලුණු
සාදාගන්නා ආකාරය
භාජනයක් ළිප තබා එයට තෙල්, සෝදා පිරිසිදු කරගත් කුනිස්සන් එකතුකර මද ගින්නේ විනාඩි 5 ක් පමණ තෙම්පරාදු කරගන්න. එයට ලුණු, අමු මිරිස් රම්පෙ, කරපිංචා හා සුදුලූනු එකතුකර කලවම් කරගන්න. එයට කෑලි මිරිස්, ගම්මිරිස් සහ මිරිස් කුඩු, රස අනුව ලුණු එකතුකර හොඳින් මැලවෙන තුරු ළිපේ තබා කලවම් කර පිළිගන්වන්න.