අවශ්‍ය ද්‍රව්‍ය
- පොල් ග්‍රෑම් 500
- ටින් කිරි ටින් 01
- චොකලට් පවුඩර් ග්‍රෑම් 100
- සීනි කිලෝග්‍රෑම් 1
- වැනිලා තේ හැඳි 1
- වතුර කෝප්ප 1/2
සාදාගන්නා ආකාරය
සීනි ග්‍රෑම් 900 කට වතුර එකතුකර උණු කර පදමට පැමිණි පසු ටින් කිරි ටින් එකෙන් තුනෙන් දෙකක් දමා හොඳින් කලවම් කරගන්න. සීනි මිශ්‍රණයට පොල් සහ වැනිලා දමා මිශ්‍රණය ගොරොසු වූ පසු තැටියකට දමා තුනී කරගන්න.
තවත් බඳුනක් ළිප තබා ඉතිරි ටින් කිරි, ඉතිරි සීනි සහ චොකලට් පවුඩර් දමා හොඳින් මිශ්‍රකර මිශ්‍රණය ගොරොසු වූ පසු ඉහත සාදාගත් පොල් දෝසි මිශ්‍රණය උඩින් දමා තුනී කර කෑලි කපාගන්න.