පොළොන්නරුව ගල්ලෑල්ලේ පිහිටි ජාතික ක්‍රීඩා සංකීර්ණ භූමියේදී ක්‍රියාත්මක ජාතික ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව තරග වාර්තා ත්‍රිත්වයක් බිහි කරමින් කැපී පෙනෙන්නට බී. චතුරිකා ප්‍රියන්ති 28දා සමත් වූවාය. කාන්තා කිලෝ ග්‍රෑම් 87 බරපන්තිය නියෝජනය කරමින් ස්නැච් ක්‍රමයට කි.ග්රෑ. 90 ක් ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කි.ග්රෑ. 113 ක් ද සහ මුළු බර එකතුව ලෙස කි.ග්රෑ. 203 ක් ද ඔසවමින් නව තරග වාර්තා බිහි කිරීමට ප්‍රියන්ති ට හැකියාව ලැබිණි.
ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම තරගාවලිය ආශ්‍රිතව ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා පිරිමි සහ කාන්තා, ජාතික කනිෂ්ඨ පිරිමි සහ කාන්තා මෙන්ම ජාතික යොවුන් බාලක සහ බාලිකා තරග පැවැත්වේ.