‘වයස යනු ඉලක්කමක් පමණයි‘ යන්න පෙන්වීමට ඕනෑ තරම් සජීවි උදාහරණ මේ සමාජය තුළ සුලබව මේ වනවිට තිබුණත් මෙලෙස සටහනක් තබන්නට යන උදාහරණය ඒ තරම් සුලබ වූවක් නොවනු ඇත. පසුගියදා නිමා වූ එකසිය හතලිස් තුන්වැනි කැලණි විශ්වවිද්‍යාලීය උපාධි ප්‍රධානෝත්සවයේදී අනූ හත් හැවිරිදි නාවලපිටියේ විතානගේ ඇසිලීන් ලිලාවතී ධර්මරත්න මිත්තණිය තමාගේ පශ්චාත් ශාස්ත්‍රපති උපාධිය ලබාගත්තේ මෙරට විශ්වවිද්‍යාලයක ශිෂ්‍යාවක් වැඩීම වයසක දී පශ්චාත් ශාස්ත්‍රපති උපාධිය ලබාගත් කාන්තාව ලෙස ඉතිහාසය ලියමින් එම ගෞරවය සහ අවධානය ද ලබාගනිමින් ය.
උපාධි ප්‍රධානෝත්සවය අවසානයේ දී ඇය මාධ්‍ය වෙත කතා කරමින් කියා සිටියේ ‘අධ්‍යාපනය තුළින් අධ්‍යාත්මයක් ලබන්න පුළුවන්’ යැයි ඇය හැමදාමත් විශ්වාස කළ බවය. මේ වනවිටත් ලීලාවතී මිත්තණිය ඇයගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයකට මුල පුරා ඇත. ජීවිතයෙන් උගත් අත්දැකීම් ගැඹුරින් අධ්‍යයනය කරමින් සිය ජීවිතය ඇයම ලියමින් සිටින්නීය. මෙය නූතන ගැහැනුන් අවිවාදයෙන්ම කියවිය යුතුම පොතක් වනු ඇත.
ගැහැනුකම, විවාහය, දරුවන් වැදීම, සැමියා මිය යෑම, වයස්ගත වීම වැනි ජීවිතයේ අපට වෙනස් කළ නොහැකි කාරණා නිසා ජීවිතය අත්හරින හෝ පසුබසින බොහෝ නූතන ගැහැනුන්ට මනා සජීවි උදාහරණයක් සපයමින් ලිලාවතී මිත්තණිය පෙන්වා දෙන්නේ අපට හැකි තරම් කාලයක් ජීවත් විය නොහැකි ලෙස ලැබෙන ජීවිතය නිස්කාරණේ ගෙවා දැමීම මහා අපරාධයක් වන බවය.
“සමහර දේවල් ඉගෙන ගන්නේ මෙලොවට පමණක් නොවෙයි සංසාරයටමයි” ඇය කියන මේ කාරණය මහා ගැඹුරක් සඟවා ඇත. සාමාන්‍යයෙන් වියපත් බාවය සමග ඇතිවන ඇස් දුර්වල වීම, අතපය වාරු නොමැති වීම, මතකය දුර්වල වීම, ඈලිමෑළි දුබල ගති පමණක් නොව කෙනකු මත යැපීමටම පුරුදු වීම ඇය පරාජය කර ඇත්තේ ස්වභාවධර්මයාද ඇගේ චිත්ත ශක්තියට අවනත කර ගනිමින්ය.
දූවරුන්ම හතරක් උපාධි ලෝගුවලින්ම සරසා රටේ ලෝකයේ ඉහළම තැන්වල සිටුවා, ඥාති දූවරුන් දෙදෙනකුටත් ඔවුන් මගම පෙන්වා ලංකාවේ නොතාරිස් විභාගය සමත්වූ පකාන්තාව වූ ඇය සමස්ත ජාතියේම ගෞරවය ලැබිය යුත්තේ සිත ඇති කාන්තාවකට ‘කළ නොහැක්කක් නොමැත’ යන්න අද ද ඔප්පු කළ නිසාමය.