අපේ රටේ පාරිභෝගිකයන් හොඳටම ඇන්දිය හැකි කාලය පැමිණ තිබේ. දෙසැම්බර් මාසය යනු ඊට හොඳම කාලය යැයි කීවත් එහි වරදක් නොමැත. ඒ නිසා ෘසිජදමබඑ, ී්කැ, ඊමහ දබැ ටැඑ දබැ, ඊමහ දබැ ටැඑ ිැජදබා දබැ ාසිජදමබඑ වැනි නානාප්‍රකාර වෙළෙන්දන්ගේ කූට ආදර දීමනා ඇසීමෙන් අපේ රටේ නම් ඕනෑ තරාතිරමක ජනතාව ඒවාට ඇදෙන්නේ සීනි ගොඩකට ඇඹලයන් ඇදෙනවාක් මෙනි. හරියටම කිවහොත් ඔවුන් දැකීමෙන් කාට වුවත් පෙනී යන්නේ මීට පෙර මාසවලදී ඔවුන් විලි වසා නොගෙන, කුසට අහරක් නොගෙන, ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම කිසිවක් නොගෙන ජීවත්වී ඇති අය සේය.
මේ හැසිරීම නත්තල තිබෙන දෙසැම්බරයේදී පමණක් නොව සිංහල හා හින්දු අවුරුද්ද උදාවන අප්‍රේල් මාසයටත් එක ලෙස පොදුය. මේ නිසා පාරිභෝගිකයන් පිළිබඳව අසීමිත ආදරයක් මෙන්ම සෙනහසක් උපද්දව ගන්නා මෙරට වෙළෙඳ ප්‍රජාව දැන් දැන් කරන්නේ මිනිස් ප්‍රජාවේ අයෙකු කරතැයි විශ්වාස කළ නොහැකි වැඩය.
කල් ඉකුත්වීමට ආසන්න පාරිභෝගික භාණ්ඩ කිහිපයක්ම දින වෙනස් කරමින් පරිභෝජනයට සුදුසු දින යොදා නැවත වෙළෙඳපොළට නිකුත් කිරීමේ සිද්ධි කිහිපයක්ම පසුගිය දවස්වල වාර්තා විය. එය වෙනම ජාවාරමක් බවද හෙළිවිය. කොටහේන ප්‍රදේශයේදී කල් ඉකුත් වූ කුරක්කන් කිලෝග්‍රෑම් 30 ක ඇසුරුම් 740 ක් නැවත අලුත් දින යොදා පරිභෝජනයට සුදුසු ලෙස අසුරමින් සිටියදී පාරිභෝගික සේවා අධිකාරිය එම ස්ථානය වැටලීම නිසා වැඩේ වැරදී ඇත.
ඇතැම් අවස්ථාවලදී සුපිරි වෙළෙඳසල්වල පවා කල් ඉකුත්වීමට ආසන්න භාණ්ඩ එක මාසයක් හෝ මාස එකහමාරකට කලින් අඩු මිල යටතේ අලෙවි කරන අකාරය අපි දැක ඇත. විශේෂයෙන්ම ෂැම්පු, කන්ඩිෂනර්, බොඩිලෝෂන් වැනි නිෂ්පාදන එසේ අලෙවි කළත් කෑම අලෙවි කිරීමේදී එක්වරක් පමණක් නොව සිය දහස් වාරයක් සිතිය යුතුය. ආහාර වර්ග විෂවීමෙන් ජීවිත පවා අහිමිවූ අවස්ථා ඕනෑ තරම් තිබේ.
කල් ඉකුත්වීම සඳහා ආසන්න බඩු, සිල්ලර වෙළෙඳසල්වලට ලබාදීමේ ක්‍රමවේදයක් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ඇති බව හෙළිවී ඇත. මේවා නියමිත මිලෙන් භාගයකට තොග වෙළෙන්දාට ලබාදෙන බවද හෙළිවී ඇත. ඒ නිසා ඔවුන් ලබන පාඩුවද අඩුය. විනාශ කිරීම සඳහා යන මුදල ද ඉතිරිය. නමුත් මොවුන් සෙල්ලම් කරන්නේ රටේ ජනතාවගේ නිරෝගී ජීවිත සමඟය.පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීනි, දැන්වත් ඇස් අරින්න. මේ මාෆියාව මැඬලන්න.