කාන්තා දිනයේ අභිමානය වියැකී යන්නටත් මත්තෙන් ඇය වැඩ පරිසරයේදීම අනාරක්ෂිතවීම සුළුවෙන් තැකිය හැකි ද? කාන්තාවක් වීම තුළ සහ කාන්තාවන් පිළිබඳව නිතැතින්ම අභිමානයෙන් කතා කරන අපට නම් එය එසේ කළ නොහැකිය.කිසිම කාන්තාවකට කිසි විටෙකත් තමන් ජීවත් වන පරිසරය තුළ දී අනාරක්ෂිත බවක් දැනිය යුතු නැත. ඇගේ වෘත්තිය කුමක් වුව ද එය එසේ විය යුතුම නැත.
ඇය වෛද්‍යවරියක, හෙදියක, ගුරුවරියක, ඇඟලුම් සේවිකාවක, දළු නෙලන්නියක හෝ ගෘහ සේවිකාවක යන ඕනෑම වෘත්තිකයක නීයැලූණද උදේ රෑ දවාලේදීත් උතුරේදීත් දකුණේදීත් එසේ නොවිය යුතුය. ඇය ඉපදුනු මහ පොළව ඇයට ජීවය දෙන ගහකොළ සතා සිවුපාවා මුර්ග වෙසින් ඇය වටා සිටින මිනිස් සත්වයාට වඩා ඇයව රකිනු ඇත.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ තරුණ වෛද්‍යවරියකට ඊයේ රාත්‍රියේ සිදුවූ ලිංගික හිංසනය අද හෝ හෙට ඔබට, ඔබේ දියණියට ඔබේ සහෝදරියට, ඔබේ පෙම්වතියට, ඔබේ බිරිඳට පමණක් නොව ඔබේ මිත්තනියටද විය හැකිය.
කාමුක ආශාවෙන් පෙළෙන්නාට වයස, තරාතිරම, වෘත්තිය කිසිසේත්ම වැඩක් නැත. කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳව වගවන, වගකියන සමාජයක් පමණක් නොව වැඩ පරිසරයක් ඇයට පැය 24 පුරාම උවමනාය.
ලිංගික හිංසනයට ලක් වූ ඇය වෙනුවෙන් යුක්තිය ඉල්ලා මිනිස් කුලකයක් සේ පෙළ ගැසිය යුත්තේ ඇය වෛද්‍යවරියක්වීම නිසාම නොව ඇය කාන්තාවක්වීම නිසාමය. දේශපාලන කණ්ණාඩි බැහැර කොට කාන්තාවගේ සුරක්ෂිතතාවය මේ රට තුළ තිබේදැයි ගැහැණුන් පමණක් නොව පිරිමින්ද සිතන්න. අපට වැර ඇත්තේ කොතනදැයි තේරුම් ගන්න.
එය නිවැරදි කරමින් යුක්තියේ පිහිට ඇයට ලබාදීමට ගැහැණු පිරිමි භේදයකින් තොරව පෙළ ගැසෙන්න. කළු පටිය බැඳ සිටිනා දෙවඟනගේ යුක්තිය පසදාලීම ඇයට අවසි මොහොතයි මේ. එය වචනයේ පරිසමාප්තියෙන්ම ලබා දෙන්න.