අපි කවුරුත් ඉපදෙන්නෙ තනියම. අපි කවුරුත් මැරෙන්නෙත් තනියම,ඒත් මේ ඉපදීම සහ මැරීම අතර කාලයේදී අපි ජීවත් වෙන විදියට, අපි කරන කියන දේවල්වලට අපි වටා ඉන්න තවත් කොටසක් අපටත් නොදැනීම ආදරය කරන්නත්, අපි කරන කියන දේවල් ගැන විමසිල්ලෙන් ඉන්නත් පුරුදු වෙනවා.ඒ නිසා තමයි ලෝකේ කොහේ හිටියත් කලාකාමී පුද්ගලයන්ගේ සහ ක්‍රීඩාවෙන් ඉදිරියට ආපු පුද්ගලයන්ගේ පුද්ගලික ජීවිතයට පවා කාගේත් අවධානය යොමු වෙන්නේ.පසුගිය කාලේ මේ රටේ වැඩි අවධානයක් ලබාගත්ත කලාකාමී පුද්ගලයන් අතර හිටපු කෙනෙක් තමයි හෙක්ටර් ඩයස් කියන්නේ. හෙක්ටර් වැඩියෙන්ම ජනප්‍රිය වුණේ සිංදු කියනවටත් වඩා එකපාරටම රඟපාන්න ආපු නිසා වෙන්නත් පුළුවන්. හෙක්ටර් බොහෝ කාලයක් කණ්ඩායම් සංගීතයේ හිටියත්, තනිව තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කළත්, මේ තරම් ඔහුගේ පවුලේ විස්තර ගැන හොයන්න” ඔහු අඳින පලදින විදිහ ගැන බලන්න,ඔහුටම ආදරය කරන පිරිසක් හැදුනා. එහෙමත් නැත්නම් මේ ජනප්‍රියත්වය ඔහුගේ Music video වල ඔහුම රඟපෑම නිසා වෙන්නත් පුළුවන්.ඔන්න දැන් හෙක්ටර්ට වුණත් වැඩේ ලෙහෙසි වෙන්නෙ නෑ. එයාගේ සුරූපී දියණියත් නිල වශයෙන් සිංදු කියන්න ඇවිල්ලා. ඒ නිසා අපි හිතුවා තාත්තයි දුවයි එක්ක පොඩි කතාබහක් අලුත් විදියට කරන්න…
ඩියෝනගේ අලුත් Music video එකෙන්ම කතාව පටන් ගනිමු
මගෙ අලුත් Music vedio එක අගෝස්තු 16 වෙනිදා උදේ 11.45 ට DMAJOR Youtube Channel එකේ රිලීස් කරනවා. සිංදුවෙ නම ආල තරණය. සිංදුව ලිව්වෙ නවෝද්‍ය පෙරේරා. මෙලඩි එක සහ මියුසික් කම්පෝසර් සුරල් ගල්ගමුව. Music video එක ෂූට් කළේ ගිය අවුරුද්දේ. ඒක ටිකක් ලොකු වැඩක් වුණා. ඒ නිසා අවුරුද්දක් විතර ගතවුණා වැඩ ටික ඔක්කොම ඉවර කරගන්න. බැලුවම ඔයාලටත් තේරෙයි ඒක ටිකක් වෙනස් මියුසික් වීඩියෝ එකක් බව.
ඇයි ඔයාට ඔයාගෙම කියලා සිංදුවක් කරන්න හිතුනෙ?
මගේ ෆස්ට් සෝන්ග් එක විදියට මම ආසාවෙන් හිටියෙ මගේම කියලා සිංහලෙන් සෝන්ග් එකක් කරන්න. මං කවර් සෝන්ග්ස් කරන්න ටිකක් වැඩිපුර ආස කෙනෙක්. මොකද පරණ සිංදුවලට අලුත් ලස්සනක් වගේම අලුත් රසයක් දෙන්න පුළුවන් හින්දා. ඒත් මට ඕන වුණා මගේම කියලා අලුත් සිංහල සිංදුවක් කරන්න.
ඩියෝනාට දිගටම මියුසික් කරන්න බලාපොරොත්තුවක් තියෙනවද?
ඔව්, අනිවාර්යයෙන්ම. මියුසික්වලින් දිග ගමනක් යන්න පළවෙනි ස්ටෙප් එක තමයි ආල තරණය.
ඔයා ලංකාවට ආවෙ කවදද?
මම ලංකාවට ආවෙ ගිය සතියේ. ඒ මගෙ සින්දුව රිලීස් කරන්න ඕන නිසාමයි.
ෆ්‍රාන්ස්වල ඔයා මොනවද කරන්නෙ?
මම මේ අවුරුද්දෙ A/L කළා. දැන් වැඩිදුර අධ්‍යාපනය කරන්න බලාගෙන ඉන්නවා.
ෆැමිලි එකෙන් විශේෂයෙන්ම තාත්තිගෙන් මොනවගේ සපෝර්ට් එකක්ද ඔයාගෙ මියුසික් වැඩවලට ලැබෙන්නෙ?
තාත්තිගෙන් ලැබෙන සපෝර්ට් එක ගැන මට වචනවලින් කියන්න බෑ. අම්මිත් එහෙමම තමයි. ඇත්තටම ඒ දෙන්නා නැත්නම් මගෙ ගෝල්ස්වලට මට තනියෙන් යන්න කොහොමවත්ම බෑ.
මට හැමදේකටම අවශ්‍ය වෙන මඟපෙන්වීම කරන්නෙත්, ඒ මඟ හදලා දෙන්නෙත් එයාලා දෙන්නා තමයි.
ෆැෂන් කරන්න කැමති ගෑනු ළමයෙක්ද ඔයා. කවුද ඔයාට ඒවට ගොඩක් සපෝර්ට් කරන්නෙ?
මගේ අම්මියි, තාත්තියි දෙන්නම හරිම ෆැෂනබල් දෙන්නෙක්. ඒ නිසා මගේ ෆැෂන්වලට ඒ දෙන්නගෙන්ම සපෝර්ට් එක ලැබෙනවා.
මම හිතන්නෙ ඒක මට ෆැමිලි එකෙන් ආපු දෙයක් කියලා. ඒ නිසා පොඩි කාලෙ ඉඳන්ම ෆැෂන් කරන්නත් ලස්සනට ඉන්නත් මම පුරුදු වුණා. අද මම මට ගැළපෙන දේවල් තෝරගෙන අඳිනවා.
මොනවද ඩියෝනගෙ අනාගත සැලසුම්?
මුලින්ම හිතන්නෙ මගෙ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යන්න. ඒ වගේම මේ රටේදි මියුසික්වලින් හොඳ නමක් හදාගන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
එස්.එස්.සී. ග්‍රවුන්ඩ් එකේදි ෂෝ එකකට සැරසෙන කලබලය අතරවාරයේ ඉඩක් ලද සැනින් හැමදාමත් නවලියට ලෙන්ගතු හෙක්ටර් මෙලෙස හඬ අවදි කළා.
කොහොමද හෙක්ටර් ජීවිතය?
හැමදාමත් වගේ මම සතුටින්, ඒත් ටිකක් වැඩ වැඩියෙන් ජීවිතය ගෙවනවා.
අගස්තිට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ඒ ප්‍රතිචාර නම් ඉතාමත් ඉහළයි. ඒ ලැබුණු ආදරේ වෙනමම ආදරයක්.
මගේ සංගීතයේ ශක්තිය මගේ Family එක- හෙක්ටර් ඩයස්
ආයෙ රඟපාන්න ආරාධනා ඔයාට ලැබුණෙ නැද්ද?
අරාධනා නම් කිහිපයක්ම ලැබුණා. ඒත් මගේ සංගීත වැඩත් ෂෝස් වගේම ෆොරින්ග් ටුවර්ස් එක්ක මේ අවුරුද්දෙ අලුතෙන් රඟපාන වැඩක් පටන්ගන්න මට අමාරුයි. ඒ නිසා ලැබුණු ආරාධනාවලට මට බෑ කියන්න සිද්ධ වුණා. ඒත් ලබන අවුරුද්දෙ අනිවාර්යෙන්ම මම ඩ්‍රාමා එකක රඟපානවා.
දුවගෙ අලුත්ම සිංදුවට ඔයාගෙ අත්දැකීම් සහ අදහස් එකතු කළාද?
ඔව්, මමයි වයිෆුයි තමයි එයාගෙ මියුසික් වීඩියෝ එක සම්පූර්ණයෙන් ඩිරෙක්ට් කළේ. අපි දෙන්නගෙ අයිඩියාස්වලට තමයි මියුසික් වීඩියෝ එක හැදුනේ. කොටින්ම කිව්වොත් කොස්ටියුම්ස්වල ඉඳලා සම්පූර්ණම තීම් එක අපි දෙන්නගෙ.
දරුවන් තමන් ඉන්න ක්ෂේත්රයටම එන එක ගැන මොනවද හිතන්නෙ?
මම නම් ගොඩක් සතුටුයි. ඒ නිසා මම කිසිම බලපෑමක් එයාලට කරන්නෙ නෑ. එයාලා ආස දේ තමයි එයාලා කරන්නේ. මට සතුටුයි මගේ දරුවො තුන්දෙනාම මියුසික්වලට ආදරය කරන එක ගැන.
හෙක්ටර්ගෙ මියුසික්වලට වයිෆ්ගෙන් සහ දරුවන්ගෙන් ලැබෙන සපෝර්ට් එක කොහොමද?
වෙන කිසිම කෙනෙක්ගෙ සපෝර්ට් එකක් ලැබෙන්නෙ නෑ මේ අයගෙන් වගේ. එයාලා තමයි මගේ සංගීතයේ ශක්තිය.
මගේ වයිෆ් තමයි මගේ DMAJOR Company එකේ මැනේජ්මන්ට් එක ගෙනියන්නේ. ඉතින් ඒක ෆුල් ටයිම් වැඩක්. එයා ලංකාවෙ හිටියත් ෆ්‍රාන්ස්වල හිටියත් ලස්සනට ඒක කරගෙන යනවා.
හෙක්ටර් ඩයස් විවේකයක් ලැබුණොත් මොනවද කරන්නෙ?
දැන්නම් අඩුම දේ තමයි විවේකයක් ලැබෙන එක. ඒත් අපි අපිට විවේකයක් තියාගෙන තමයි ෂෝස් කොහොමත් බාරගන්නේ.
මොන දේ කළත් මම මාස දෙකකට සැරයක් ෆ්රාන්ස් යනවා බබාලව බලන්න. ගෙදර ඉන්න වෙලාවට ගිටාර් එක ප්ලේ කරනවා, සෙක්සර්ෆෝන් එක ප්‍රැක්ටිස් කරනවා, හොඳ මූවි එකක් ලැබුණොත් එහෙම බලනවා. මම ආස දේවල් ඕවා තමයි.
හරින්දී ලියනගේ ✍️