සංගීතා වීරරත්න
ගැහැනු අය කොහොමටත් වයස කියන්න අකමැතියි.රංගන ශිල්පිනියක් වුණාම ඒ අකමැත්ත සාමාන්‍ය කෙනෙකුටත් වඩා වැඩි බවයි අපි දැකලා තිබුණේ. නමුත් මෙයා එහෙම නෑ නේ…ඒ ඇයි කියලා මම ඇගෙන්ම ඇහුවා. ඇය හරි ලස්සන උත්තරයක් මට දුන්නා. “අද ඕන කෙනෙකුට අන්තර්ජාලයට ගියාම මගේ වයස කීයද..? මම ඉපදුනේ කොහේද..? මගේ තාත්තා කවුද..? මගේ අම්මා කවුද..? හොයාගන්න තත්පරයක්වත් යන්නේ නෑ නේ. ඉතින් මොකටද වයස වගේ දෙයක් මම හංගන්නේ. ඊටත් වඩා අවුරුදු පනස් එකක් නිරෝගීව,සතුටින් ජීවත් වෙනවා කියන්නේ කොච්චර දෙයක්ද? අනෙක මේ අවුරුදු පනහක කාලෙ ජීවත් වෙලා ලබපු අත්දැකීම් කොච්චර වටිනවද? ඒ නිසා කවුරු කොහොම කිව්වත් මට වයස හංගන්න ඕන කමක් තිබිලම නෑ.’” ඇය වයස කියන ඉලක්කම් ගැන දකින්නේ අන්න එහෙම. මෙවර නවලිය නත්තල් කවරය වෙනස්ම විදිහට අපි කළේ වෙනස් විදිහට හිතන බොහොම කැපවීමෙන් වැඩක් කරන සංගීතා වීරරත්න සහ ඇගේ දියණිය පෝෂි කාරියප්පෙරුම එක්ක.
මොකක්ද මේ උපන්දිනයට දවස් කිහිපයකට කලින් සංගීතා එළිදක්වපු පොත?
50 SHOTS කියන පොත තමයි මම කළේ. මගේ පනස්වෙනි උපන්දිනය ළංවුණාම මට ඕන වුණා වෙනස් දෙයක් කරන්න. අනිත් එක ඉන්ඩස්ට්‍රි එක වෙනුවෙනුත් යමක් කරන්න ඕන කියලා හිතුණා. මුලින් හිතාගෙන හිටියේ ෆිල්ම් එකක් කරන්න. ඒත් ඒක තනියම කරන්න අමාරුයි. ඊට පස්සේ මගේ යාළුවා දිල්ෂ් තමයි පොතක් කරන අයිඩියා එක මට දුන්නේ. පොතක් ලියද්දී කන්ටෙන්ට් එක බලන්න ඕන.
ඒක ගැන හොඳට හිතන්න ඕන. ඊටපස්සෙ තමයි පින්තූර පොතක් කරන්න අපි හිතුවේ. ඒක මට නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි. තාත්ත කැමරා එකක් අලුතෙන් ගෙනාවම ඒක වැඩිපුරම අල්ලල බැලුවේ මම. තාත්ත කැමරාව ගැන මුලින්ම කියල දුන්නෙත් මට. මුලින්ම පින්තූර ගත්තෙත් මගේ. ඒ ඒ ගැන හොඳ අවබෝධයක් මට හැමදාම තිබුණා. අනික අපි හැමෝම පින්තූර බලන්න කැමතියි.
ඒ ගැනත් හිතල තමයි පින්තූර පොතක් කරන්න ඕන කියල හිතුවේ. ඊට පස්සේ අපි පොඩි ටීම් එකක් හදාගත්තා. දිල්, රැෆෙලා, ලෝචි, ධනංජය එක්ක තමයි ටීම් එක හැදුනේ. අතුලයි චන්නවයි ඇඩ්වයිසස්ලා කළා පොතේ. කන්සෙප්ට් පනහක් කරන්න හිතුවා. ඒකට ෆොටෝග්‍රැෆස්ලා, ඩිසයිනස්ලා, මේකප් ආටිස්ලා වගේ අය එකතු කරගත්තා.
ඇඩ්වටයිසින්වලදි වැඩ කරන කැමරමන්ලා, නෝමල් වෙඩින් ෆොටෝග්‍රැෆස්ලා ගන්න නෙමෙයි මට ඕන වුණේ. අපි ඉස්සර වැඩ කළා වගේ ටැලන්ටඩ් ඔරිජිනල් ෆොටෝග්රැෆස්ලම ගන්නයි මට ඕන වුණේ. ඒ අය එක්ක කන්සෙප්ට් හදල ලෝකේෂන්වලට ගිහිල්ලා ගැළපෙන කොස්ටියුම්වලින්ම 50 SHOTS අපි ෂූට් කළා. ඒ විදියට තමයි පොත හැදුණේ.
කොහොමද තේමා නිර්මාණය කරගත්තේ?
අපිට කලින් කරල තිබ්බ රෙෆරන්ස් බුක් එකක් තිබ්බෙ නෑ. ඒ නිසා අපිට හිතුණ විදියට තමයි තීම්ස් හදාගත්තේ. ටීම් එකේ අයත් එක්ක කතා කරල තමයි අවසන් තීරණ ගත්තේ. මම ආස චරිත දැනුණ සිටුවේෂන් එක්ක තමයි තීම් හදාගත්තේ. නව රස කියන්නේ රැෆෙලගෙ කන්සෙප්ට් එකක්.
ඒ විදියට ටීම් එකේ අය අයිඩියාස් දුන්නා. ෂූට් එක ඉන්ටරස්ටින් වුණේ ඒ නව රසය එක ලයිට් එකකින්, එකම මේකප් එකකින්, එකම හෙයා එකකින් සහ එකම ඇඳුමකින් මුහුණේ ඉරියව් පමණක් වෙනස් කරමින් කරපු නිසා. සමහර පින්තූර රිජෙක්ට් කළා. හොදම ඒවා විතරක් ගත්තේ. පොතේ ෂූට් හතර පහකට ඇරෙන්න මම ටයිටල්ස් දීල නැහැ. බලන කෙනාට උපරිම නිදහස තියෙනවා එයාට කැමති ටයිට්ල් එකක් දාගෙන කැමති අදහස් මවාගෙන පින්තූර රසවිඳින්න.
කොච්චර කාලයක් ගියාද මේ පොතේ පින්තූර ඔක්කෝම ගන්න?
හරියට අවුරුදු 2 ක් ගියා. අපිට පොඩි බ්රේක් එකක් ගන්නත් වුණා මහියංගනේ ආදීවාසින්ගේ ෂූට් එකෙන් පස්සේ. ඒ ෂූට් එක කරද්දී අපි ගියා වැවකට. උදේ පාන්දර පහයි මේකප් කරගෙන ෂූට් එක පටන් ගන්නකොට. ඉර නැගගෙන එද්දී තමයි ෂූට් එක කරන්න තිබුණේ. ඒ ෂූට් එක ඉස්සරහ දුමක් වගේ යන්න තිබුණා. ඒ දුම ඇල්ලුවේ දිල්ෂ්. මේ ෂූට් එකෙන් පස්සේ අපි සීගිරිත් ගියා. ඒකෙන් දවස් හතරකට විතර පස්සේ දිල්ෂ් අසනීප වුණා.
පස්සෙ බලද්දී තමයි දැනගත්තේ එයාට මී උණ හැදිල කියලා. මාස හතරක් දිල්ෂ් හොස්පිට්ල් එකෙ හිටියා. ඒ වෙනකොට පින්තූර හතළිස් දෙකක් විතර කරල තිබ්බේ. ඊට පස්සේ මොකක්ද කරන්නේ කියල මගෙන් ටීම් එක ඇහුවා. දිල්ෂ් මම තරම් මේ පොත කරන්න මහන්සි වුණ නිසා, මේ වැඩේට ලොකු හෙල්ප් එකක් දුන්න නිසා එයා එනකන් පොත ඉවර කරන්න බැහැ කියලා මම කිව්වා. ඒ නිසා දිල්ෂ් සනීප වෙනකම්ම ඉඳලා පොතේ ඉතුරු ෂූට් ටික පහුගිය සැප්තැම්බර්වල ඉවර කළා. ඒ නිසා තමයි මගේ 51 වැනි උපන්දිනයට දවස් කිහිපයක් තියලා පොත එළිදැක්වුණේ.
50 SHOTS වලට මේ වෙනකොට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
පොත බලන බලන හැම කෙනාගෙන්ම ලැබෙන්නේ ගොඩක් හොඳ ප්‍රතිචාර. හැම ෆොටෝග්‍රැෆර් කෙනෙක්ටම උපරිම නිදහස තිබ්බා ප්‍රොෆෙශනලි වැඩ කරන්න, නිදහසේ තිරණ ගන්න. ඒ වගේම ඇඳුම් ඩිසයින් කරන කෙනාටත් ඒ නිදහස තිබ්බා. කන්සෙප්ට් එක කිව්වම එයා තමයි ඇඳුම හැදුවේ. මේකප් ආටිස්ට්, හෙයා ඩ්රසර්ටත් නිදහසේ නිර්මාණ කරන්න අපි ඉඩ දුන්නා. මේ පොතේ ප්‍රින්ට් එකත් වෙනස්ම තලයකට ගෙනිච්චා. ඒ නිසා තමයි ලැබෙන ප්‍රතිචාර ඉහළ.
පොත කොහෙන්ද ගන්න පුළුවන්?
පොත එළියට ආවට පස්සේ සරසවි බුක් ශොප් එකෙන් වගේම තවත් බුක් ශොප්වලින් ගන්න පුළුවන්. පොතේ කොස්ට් එක පහළොස්දාහක්. ඇත්තටම පොතේ වටිනාකම නෙවෙයි ඒ. පොතට ඊට වඩා ගොඩක් වියදම් වුණාමට ඕනේ වුණේ මට ආදරේ කරන අය ආදරෙන් පොත ගන්නව දකින්න. ලබන අවුරුද්දේ ජනවාරි මාසේ වගේ වෙද්දි Book Sign එකක් කරන්න මම හිතාගෙන ඉන්නවා. ඒ වෙනකොට නුවර, ගාල්ල වගේ ප්‍රධාන නගරවලට මමත් ඇවිල්ලා පොත ගන්න අයට මගේ සයින් එක ගහල දෙන්න, ෆොටෝස් ගන්න පුළුවන් වේවී.
නත්තලත් දැන් ළඟ ළඟටම ඇවිල්ලා.කොහොමද සංගීතා නත්තලට සූදානම් වෙන්නේ?
ක්‍රිස්මස් කියන්නෙ මම හරිම ආස කාලයක්. මගේ තාත්ත ක්‍රිස්තියානි. ඒ නිසා පොඩි කාලේ ඉදන්ම ක්‍රිස්මස් අපි සැමරුවා. හැබැයි 2006 ඉඳන් ක්‍රිස්මස්වලට අපි ඉන්නේ ලංකාවෙන් පිට. බැංකොක් ගිහින් ක්‍රිස්මස් එකයි නිව් ඉයර් එකයි සෙලිබ්රේට් කරල තමයි අපි ආයේ ලංකාවට එන්නේ. ඒක හරියට දැන් ෆැමිලි ට්‍රැඩිෂන් එකක් වගේ.
දුව ගැන මොන වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ ?
පෝෂියා හරිම නිදහස් ගෑනු ළමයෙක්. එයත් කලාවට කැමතියි. හැබැයි ලොකුවට කැමැත්තකුත් නැහැ වගේ. එයා දැකල තියෙනව මම මේ දේවල්වලට කොච්චර මහන්සි වෙනවද කියලා. මමත් කියන්නේ කරන දේ හරියටම කරන්න ඕන කියලා. ඒ නිසාම එයාටත් ඒ පුරුද්ද ගිහින් තියෙනවා. පෝෂියා දැනටත් ඕනම දෙයක් තනියම කරගන්න පුළුවන් විදිහට ස්වාධීනයි.
හැබැයි මම ඒ කාලේ එයාට වඩා වෙනස්. මගේ හැම දෙයක්ම තීරණය කළේ අම්මා. අම්ම නැති වුණාට පස්සෙ අම්මගෙන්ම අහලා තීරණ ගන්න පුරුදු වුණ නිසා තනියෙන් තීරණ ගන්න මට හරි අමාරු වුණා. ඊට පස්සෙ තමයි පෝෂිව මේ විදිහට හදන්න ඕන කියලා මම තීරණය කළේ. තමන් ගන්න තීරණ ගැන විශ්වාසයක් ඇතිකරන්න දරුවෝ ස්වාධීන කරන්න ඕන. එයාලා ගන්න තීරණ ගැන අපි බලාගෙන ඉන්න ඕනේ.
රොෂාන්තගෙන් ජීවිතයට ලැබෙන සහයෝගය කොහොමද?
රොෂාන්තගෙන් මගේ ගමනට ලොකු සහයෝගයක් එදා ඉඳලම ලැබුණා. චිත්‍රපටයක් කරන්න යද්දී චරිත තෝරගද්දී මේ හැම දේකටම එයා උදව් වෙනවා. මගේ වැඩවලට නිදහස උපරිමෙන්ම දීලා තියෙනවා. රොෂාන්ත කිසිම දෙයකට නීති දාන හස්බන්ඩ් කෙනෙක් නෙවෙයි.
මොනවද සංගීතා අලුතෙන් කරන නිර්මාණ?
දැනටත් ෆිල්ම් එකක් බාරගෙන තියෙන්නේ. ඒකට දින දීලත් ඉවරයි. ජනවාරි පෙබරබාරි වගේ වෙද්දී ෂූටින් පටන් ගන්නවා. මම මුලිනුත් කිව්වා වගේ පොතේ ප්‍රමෝෂන් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සංගීතා 50 SHOTS වලටද ඇඟේ හැඩය වෙනස් කරගත්තේ?
ඇත්තටම පොත නිසාමයි බර අඩු කරගත්තේ. එක එක සිටුවේෂන් අනුව ෂූට් කරන්න, පෙනුම වෙනස් කරන්න අපට ඕන වුණා. ගොඩක් කෙට්ටුවට ඉන්න ඕන ෂූට්ස් තිබ්බා. ඒවා අපි ෂූට් කළේ අන්තිමට. මගේ ට්‍රේනර් ටිරෝන් හැමදාම කියන්නේ එක්සයිස් කියන්නේ ලයිෆ් ස්ටයිල් එකක් මිස අද කරලා හෙට නොකර ඉන්න දෙයක් නෙවෙයි කියලා. ඒ නිසා පුළුවන් තරම් එක්සයිස් කරන එක මමත් ජීවිතයට එකතු කරගත්තා. දැන් මට එක්සයිස් කරන එක ඇඟ කෙට්ටු කරගන්නවට වඩා මනසට ලොකු රිලැක්ස් එකක්.
ගෙවුණු වසර 51 තුළ සංගීතට කොහොමද ජීවිතය දැනුණේ?
අද වෙනකොට තාක්ෂණය හරිම දියුණුයි. මම ගැන ඕන දෙයක් හරි ඉක්මනට ඉන්ටනෙට් එකෙන් දැනගන්න පුළුවන්. මට හංගන්න දෙයක් නැහැ. ජීවිතේ මම කරල තියෙන දේවල් ගැන මම සතුටින් ඉන්නේ.
ජිවිතේ අලුත් දෙයක් පටන් ගන්න ආසාව එක්ක තමයි මම දෙයක් ඉවර කරන්නේ. අපේ ගෑනුන්ට මම කියන්නේ තමන් කැමති දේ කරන්න බය වෙන්න එපා කියලා. තමන්ගේ අවශ්‍යතාවය තමයි තමන්ව ඒ තැනට ගෙනියන්නේ. ඒ නිසා ඔබ මහන්සි වෙලා හරි දේ කරන්න.
හරින්දී ලියනගේ ✍️