නිම්හාරා සසින්දි
නිම්හාරා මේ දවස්වල ටිකක් වැඩිපුර වෙළෙඳ දැන්වීම්වල ඉන්නවා. ඒ නිසා ඇය ගැන හොයන්න අපි හිතුවා. පහුගිය කාලේ ටෙලිනාට්‍ය කිහිපයකත් ඇගේ රගපෑම් අපි දැක්කා. ඇයට මේ දේවල් උරුම වී ඇත්තේ ඇගේ පවුල් පරිසරය නිසාවෙන්. වෙනත් විදිහකින් කියනවා නම් ඇගේ මවත්, පියත් අපේ රටේ සිටින නමක් ඇති මෝස්තර නිරූපණ ශිල්පීන්වීමයි. නිම්හාරා ඇගේ අලුත්ම තොරතුරු නවලියට මෙහෙම කිව්වා.
ඉතින් නිම්හාරා මේ දවස්වල මොනවද කරන්නේ?
මේ දවස්වල නම් ටිකක් කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. අලුත් ටෙලිඩ්‍රාමා එකේ ශූටින් වැඩයි, ටීවි කමර්ෂල්, ෆැෂන් ශෝස් ඒ අතර කරන නිසා ලැබෙන ටයිම් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කාලයක් තමයි මේ මම ගෙවන්නේ. මොන තරම් වැඩ තිබුණත් මම නම් හිනාවෙලා සතුටින් ඉන්නවා.
අධ්‍යාපන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඈත්වෙලාද ඉන්නේ…
මම ඉගෙනගත්තේ කොළඹ ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන්. පාසල් අධ්‍යපානය අවසන් වෙලා ව්‍යාපාර කළමණාකරණය ගැන උපාධියක් කරන්න පටන් ගත්තා. මේ වෙද්දි නම් ෆ්රස්ට් ක්ලාස් එකක් එක්ක උපාධිය අවසන් කරලයි ඉන්නේ.
නිම්හාරා කොහොමද ෆීල්ඩ් එකට ආවේ…
මම අවුරුදු හතර වගේ පොඩි වයසෙ ඉඳලා රඟපෑම් කළා. කාව්‍යා නාට්‍යයෙන් තමයි රංගනයට මුල්ම පියවර තිබ්බේ. ඊට පස්සෙ තමයි නිසල දිය චිත්‍රපටයට සම්බන්ධ වුණේ. මගේ පළවෙනිම චිත්‍රපටය තමයි ඒක. අම්මයි තාත්තයි කලා ක්ෂේත්රයට සම්බන්ධ නිසා ඒ අභාෂයත් එක්ක පුංචි කාලේ ඉඳන් රංගනයට මට කැමත්තක් ඇති වුණා. ඉස්කෝලේ වැඩත් එක්ක හරිම හෙමින් ගමනක් තමයි ආවේ. ඉස්කොලේ වැඩ ඉවර කරල ඉඩ ලැබෙන ටයිම් එකට කමර්ෂල්වල රඟපෑවා. ස්කූල් ටයිම් එක අවසන් වුණාම ලැබුන ෆ්‍රී ටයිම් එකෙන් උපරිම ප්‍රයෝජන අර ගත්තා. හුස්මක් තරමට ටෙලි නාට්‍යයේ රංගන කටයුතුවලින් තමයි ආපහු මම ටෙලිනාට්‍යවලට ආවේ.
සිනමාවටත් සම්බන්ධ වුණා කිව්වානේද?
ඔව් ටෙලිනාට්‍ය විතරක්ම නොකර සිනමාවටත් එන්න ආසාවක් තිබුණා. චන්න පෙරේරා අධ්‍යක්ෂණය කරපු “සද දිය සලු” චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් කරන්න මට අවස්ථාවක් හම්බවුණා. මට ජීවිතේ අමතක නොවෙන මතක ගොඩක් ලැබුණා ඒ චිත්‍රපටය නිසා. චිත්‍රපටය රූගත කිරීම් කළේ රිවස්ටන්වල. ඒ පැත්ත සීතලයි. මාසයක් විතර එක දිගටම රූගත කිරීම් කළා. එක දවසක් වැස්සේ ශූට් එකක් කරන්න තිබ්බා. රූ තමයි ශූට් එක කරන්න ගත්තේ ඉවර වුණේ පාන්දර හයට වගේ. එක දිගට සීතලේ ශූටින් කරපු නිසා බයෙන් හිටියා අසනීප වෙයි කියලා. ඒක මට අමතක නොවන සිද්ධියක්. ඒ වගේම තවත් අලුත් චිත්‍රපටයක් මම කළා. මේ අවුරුද්දේ ඒ චිත්‍රපටියත් රිලීස් වෙයි කියල හිතනවා.
වැඩියෙන්ම කැමති ටෙලිනාට්‍යවලටද චිත්‍රපටිවලටද?
වැඩිපුරම කැමති නම් සිනමාව පැත්තෙන් ඉස්සරහට යන්න.
කොහොමද ඔයා රඟපාන චරිත තෝරගන්නේ?
මට කරන්න පුළුවන් කියල හිතෙනව නම් තමයි මම චරිතයක් බාරගන්නේ. ටෙලිනාට්‍යයක හරි ෆිල්ම් එකකට හරි මට බාරදෙන චරිතෙට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් කියන විශ්වාසය මටම ඇතිවෙන්නේ ඕනේ. ඒ නිසා හොදට හිතල බලලා තමයි මම දැන්ම ඉඳලා චරිත බාරගන්නේ.
අම්මගෙනුයි තාත්තගෙනුයි ලැබෙන සහයෝගය කොහොමද?
මගේ අම්ම නිලූ සේනානායක. තාත්තා අර්ජුන් සේනානායක. 2002 බෙස්ට් මොඩ්ල් ඔෆ්ද වර්ල්ඩ්, 2013 දී මිසිස් ඒෂියා කිරුළ දිනාගත්තේ මගේ අම්මා. 2002 දී මිස්ට ශ්‍රී ලංකා මගේ තාත්තා. අම්මයි තාත්තයි දෙන්නම නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ අය නිසා මම නොදන්න දේවල් ගැන ඉගෙනගන්නේ ඒ දෙන්නගෙන් තමයි. මට යන්න ඕන හරි මාර්ගය කියල දෙන්නේ අම්මයි තාත්තයි. ඒදෙන්න තමයි මගේ ශක්තිය.
නිම්හාරා ඔයාගේ අම්මා වගේ ඉන්ටර්නැෂනල් පැජන්ට් එකකට යන්න අදහසක් නැද්ද?
ඒක මගේ තාත්තගේ හීනයක්. ඒ හීනේ හැබෑ කරන්න බලාපොරොත්තුවෙන් තමයි මම ඉන්නේ. අවුරුදු විසි හතරෙදි වගේ ඒ හීනෙටත් යන්න බලාගෙන මම ඉන්නවා.
නංගිත් නිම්හාරා වගේම ෆීල්ඩ් එකට ඒවීද?
තාම නම් නැහැ. නංගිට තාම අවුරුදු පහළොවයි. ඒ නිසා අධ්‍යාපන කටයුතු එක්ක තමයි දවස ගෙවෙන්නේ.
ලංකාවේ කමර්ෂල් ෆීල්ඩ් එක ගැන ඔයාට දැනෙන්නේ කොහොමද?
හරි විදියට අපේ ගමන යනවනම් ෆිල්ඩ් එක ඇතුළේ ප්‍රශ්න නැහැ. ඕනම දෙයක් කරන්න ඕන කල්පනා කරල. කලා ක්ෂේත්රයයේ විතරක් නෙමෙයි වෙන ජොබ් ෆීල්ඩ් එකකට වුණත් මේ කරුණු අදාළයි. තමන්ට තමන් ගැන හොඳ විශ්වාසයක් තියෙනව නම් උත්සාහය තියෙනවනම් ආසාව තියෙනවනම් ඕනම ක්ෂේත්රයක ඉස්සරහටම යන්න පුළුවන්.
අනාගත බලාපොරොත්තු මොනවද?
නිරූපණ ක්ෂේත්රයේ වැඩ, ටෙලිනාට්‍ය සහ සිනමාවේ හොඳ ගමනක් යන්නත් වැඩිදුර ඉගෙනගන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
පවනි දිලේකා ✍️