අනුදි ගුණවර්ධන – Miss Sri Lanka for Miss World 2024
ලැබුණු ජීවිතයේ යම් දෙයක් සඳහා තමන්ගේ රට නියෝජනය කරන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? එහෙම කෙනෙක් ඉන්නවා නම් ඔවුන් අතිශයින්ම වාසනාවන්තයන්.ඊටත් වඩා වාසනාවන්ත බව හදවතට දැනෙන්නේ එලෙස රට නියෝජනය කරමින් රටට ගෞරවයක් ආඩම්බරයක් ලෝකයක් ඉස්සරහා ලබාදෙන්න පුළුවන් වූ විටය.ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේදී මේඝ සූරියආරච්චිට ඒ අවස්ථාව උදාවිය. අනුදි ගුණවර්ධනටත් තවත් මාස කීපයකින් ඒවා අවස්ථාව උදාවනු ඇත.ඒ නිසා 77 වැනි නිදහසේ අභිමානය විඳගැනීමට දවසකට මත්තෙන් මොවුන් කතා කරන්නේ තමාටත් වඩා රට ගැනය.
අනුදි කොහොමද මේ දවස්වල ජීවිතය,මොනවද කරන්නේ?
මේ දවස්වල පැජන්ට් එකේ වැඩත් එක්ක ගොඩක් කාර්යබහුලයි. තවමත් අපට Miss World තරගය ගැන දිනයක් දැනුම් දීල නැහැ. ඒ වුණාට මිස් වර්ල්ඩ් එකට අදාළ ඇදුම් සූදානම් කරන්න ඕන. ටැලන්ට් රවුන්ඩ් එකට සූදානම් වෙන්න ඕන. ඊට අමතරව බියුටි විත් ද ප්රපස් ප්‍රොජෙක්ට් එකේ වැඩ ගොඩක් සැලසුම් කරන ගමන් මම ඉන්නේ. මේ ඔක්කොමත් එක්ක මගේ උපාධියත් අවසන් කළා. ළගදී මාස්ටර් එක කරන්න හිතාගෙනත් ඉන්නවා. මේ දේවල් එක්ක තමයි කාලය ගත වෙන්නේ.
Miss World 2025 තරගයට තමන් උපන්න රට නියෝජනය කරන්න ලැබෙන බව දැනුනාම මොන වගේ හැගීමක්ද දැනුනේ?
ඇත්තටම Miss World ශ්‍රී ලංකා තරගාවලියට සහභාගී වෙන්න බලාගෙන හිටියේ 2019 ඉඳන්. ඒත් මට තිබුණ පෞද්ගලික හේතු නිසා සහභාගී වෙන්න බැරි වුණා. කොවිඩ්, ආර්ථික අර්බුද වගේ ප්‍රශ්න නිසා පැජන්ට් එකත් තිබුණේ නැහැ.ඉන්ටවීව් කරලා නොමිනේට් කරපු කෙනෙක් තමයි තරගයට යැව්වේ. ඒ නිසා 2024 දි තමයි පැජන්ට් එකකට සහභාගී වෙන්න මටඅවස්ථාව ලැබුණේ. ඉතින් ඒක ගොඩක් බලාගෙන හිටපු දෙයක්. ඒ නිසාම ලොකු වගකීමක් දැනුණා. මිලියන 23 ජනතාවක් තමයි ඒ වේදිකාවේ මම නියෝජනය කරන්නේ. ඒක ලොකු අභියෝගයක්. රටවල් 120 කට වැඩි ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වෙනවා. අපේ රටේ වැදගත්කම අනන්‍යතාව ලෝකෙට පෙන්නන්න අවස්ථාවක් මට ලැබෙනවා.
Miss World 2025 තරගයට මොන වගේ සූදානමක්ද අනුදිගේ තියෙන්නේ?
Miss World ගත්තම ඒක කොටස් ගොඩක එකතුවක්. ටැලන්ට් රවුන්ඩ් එකක් තියෙනවා. ඒකට නර්තනයක් කරන්න මම මේ දවස්වල ප්‍රැක්ටිස් වෙනවා. ඒ වගේම ෆිට්නස් රවුන්ඩ් එකක් තියෙනවා. ස්පොර්ට්ස් වගේ පිසිකල් ඇක්ටිවිටීස් තමයි ඒ රවුන්ඩ් එකේදී කරන්නේ. ඒකට ජිම් එකේ ට්‍රේනින් කරනවා ඒ වගේම ඉන්ටවිව්ස් තියෙනවා. ස්පීකින් ඇබිලිටීස් හදාගන්න මට පුහුණුවක් ලැබෙනවා.
ඊට අමතරව බියුටි විත් ද ප්රපස් ප්‍රොජෙක්ට් එකට තමයි මම ලොකු කාලයක් වැය කරන්නේ. මම පෞද්ගලිකම කැමති මාතෘකාවක් තමයි ඔසප් දරිද්‍රතාව. ඒ මාතෘකා පිළිබඳව කතාබහ වෙනවා හරි අඩුයි. ඒ නිසා වෙනුවෙන් ලොකු කාලයක් වැය කරනවා. ඒ ප්‍රොජෙක්ට් එක තමයි මිස් වර්ල්ඩ් එකේ හදවත. ඊට අමතරව අවශ්‍ය ඇඳුම් පැළදුම් නිර්මාණය කරනවා. මේ හැමදෙකින්ම මම උත්සාහ කරන්නේ ලංකාවේ වැදගත්කම අනන්‍යතාව පෙන්නන්න. ඒ වෙනුවෙන් ඩිසයිනස්ල, කොරියොග්රැෆස්ලගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
Miss Sri Lanka 2024 Tittle එකෙනුත් ඔයාට රට වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ වෙනුවෙන් මොනවද කරගෙන යන්නේ?
ලංකාව නියෝජනය කරන කෙනෙක් විදියට ලංකාව තුළ විතරක් නෙවෙයි ලෝකය තුළත් පොඩි අවධානයක් ලැබෙනවා. මම කැමතියි ඒ අවධානය නිවැරදි දෙයකට යොමු කරන්න. උදාහරණයක් වශයෙන් සංචාරක කර්මාන්තයට. Miss World වගේ ප්ලැට්ෆෝර්ම් එකක අපේ රට ගැන ගොඩක් කතාකරන්න පුළුවන්. මම ඒ අවස්ථාව යොදාගන්න කැමතියි අපේ රටේ බලන්න තියෙන සුන්දර ස්ථාන ගැන ලෝකෙට කියන්න.
එය සංචාරක කර්මාන්තය දියුණු කරගන්න අවස්ථාවක්. ඒ වගේම මගේ ප්‍රොජෙක්ට් එකෙන් කරන්නේ ලංකාවේ තිබෙන ඔසප් දරිද්‍රතාවය කියන ගැටලුව තුරන් කිරීම. ලංකාවේ ඉන්න දුප්පත් දරුවන්ට මට උදව් කරන්න ඒක ලොකුඅවස්ථාවක්. ඒ වගේම මගේ රට ලෝකය ඉදිරියේ බබළන්න ආසාවෙන් ඉන්නවා. Mr. Sri Lanka 2024 වුණ නිසා මේඝ Mr. World තරගයේදී අවසන් දහ දෙනා අතරට අතරට ආවා. ඒ නිසා අපේ රටට අවදානයක් ලැබුණා.ඒ අඩිපාරේ ගිහින්ම ලංකාවට කීර්තියක් අරගෙන එන්න තමයි මමත් හිතාගෙන ඉන්නේ.
අනුදිගේ අනාගත සැලසුම් මොනවද?
දැනට තියන ලොකුම අරමුණ තමයි Miss World පැජන්ට් එකට යන එක. ඊට අමතරව මගේ අධ්‍යාපන කටයුතු ඉහළටම කරගෙන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. United Nationsවල වැඩ කරන්න බලාපොරොත්තුවකුත් මට තියෙනවා.
ශ්‍රී ලාංකික තරුණියක් වීම පිළිබඳව ඔයාගේ හැඟීම මොකක්ද?
පොදුවේ දකුණු ආසියාතික සමාජය ගැහැනු ළමයෙක් දිහා බලන්නේ විවෘත මනසකින් නෙවෙයි. ඒ නිසා අපේ වගේ රටවල ගැහැනු ළමයින්ට තමන්ගෙ හීනවලට යන්න බටහිර ගැහැනු ළමයින්ට වඩා අපහසුයි. උදාහරණයක් විදියට මොඩ්ලින් ගැන හිතන්න. මමත් මොඩ්ලින් කරනවා. දැනට පැජන්ට් එකක් කළා. ඒ දේවල් දිහා මිනිස්සු බලන්නේ පටු විදියට. මේ පැජන්ට් එකකින් ලංකාවට කීර්තියක් ගේන්න පුළුවන් කියල පුන පුනා කිව්වත් මිනිස්සු විවෘත මනසකින් තවමත් ඒ දිහා බලන්න සූදානම් නැහැ.
ඒ නිසා එන විවේචනත් වැඩියි. ලංකාවෙ මිනිස්සු ගත්තොත් ගොඩක් අය සමාජෙ ඇතිවුණ ආර්ථික අර්බුද, කොවිඩ් ප්‍රශ්නත් එක්ක හෙම්බත් වෙලා ඉන්න අය. බාධක මැද්දෙන් ඉදිරියට ආපු රටක මිනිස්සු අපි. ඒ පිළිබඳව ඇත්තටම ආඩම්බරයි.අපේ රට පුංචි රටක් වුණාට බාධක මැද්දෙන් ආපු ගමනක් තියෙනවා. ඒ ගැන Miss World ගිහින් ලෝකෙටම කියන්න මම හිතාගෙන ඉන්නවා.
හරින්දී ලියනගේ ✍️