ඉෂාදි අමන්දා –
ලෝකයේ ලස්සනම බිරින්දෑවරු ඉන්නේ කොහෙද කියල ඇහුවොත් අපිටත් ආඩම්බරයෙන් කියන්න පුළුවන් කෙනෙක් දැන් ලංකාවෙත් ඉන්නවා. ඇය නමින් ඉෂාදි අමන්දා. ඇමරිකාවේ ලාස් වේගාස් හි පැවැත්වුණු Mrs. World හතළිස් වෙනි තරගාවලියේදී ඇය විවාහක රූ රැජිනන් හතළිහක් අතරින් දෙවැනි ස්ථානය හිමිකර ගත්තා. තමන්ගේ සිහිනය පිටුපස එකම අරමුණකින් වසර ගණනක් ඇය හඹාගිය බව මේ ලස්සන යුවතිය ලෝකෙටම කිව්වා. අමන්දා මේ ඉන්ටවීව් එක කරන වෙලාවෙත් හිටියේ ලාස් වේගාස්වල. කොච්චර කාර්යබහුල වුණත් හරිම නිහතමානි විදියට ඇය අපේ ප්‍රශ්නවලට උත්තර ගොනුකළා. ඇය මේ අපේ රටේ කාන්තාවන්ට කියන්නේ විවාහය කියන්නේ තමන්ගේ සිහින අතාරින්න ඕන තැනක් නොවන වග. විවාහය ඇගේ සිහිනවලට පාර කැපූ බව අමන්දා මෙලෙස පෙන්නුවා…
ඔයාගේ නම Mrs. World 2025 තරගයේ අවසන් තුන්දෙනා අතරට කියනකොට මොන වගේ හැගීමක්ද ඔයාට දැනුනේ?
ඇත්තටම ලොකු සතුටක් දැනුණා. මං කරපු කැපකිරීම්වලට ප්‍රතිඵලයක් ලැබුණා නේද කියල හිතුණා. අවසන් හය දෙනා අතරට මට එන්න පුළුවන් කියල ලොකු විශ්වාසයක් මුල ඉඳලම තිබුණා. අවසන් තුන්දෙනා අතරට එන එක තමයි මගේ ඊළඟටාගට් එක වෙලා තිබුණේ. අවසන් තුන්දෙනාට මාව තේරුණා කියල දැනගත්ත මොහොතේ හිතුණේ ලංකාවේ නම ලෝකයක් ඉස්සරහට ගේන්න මට පුළුවන් වුණා කියලා.
01 st Runer – Up මොහොතේ ඇතිවුණ හැඟීම කොහොමද?
ඒ වෙලාවේ නම් මගේ හදවත බිඳිල තිබුණේ. මම හිතුවේ මට Crown එක වින් කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් බොහොම සතුටින් ඒ වෙලාවේ ඒක බාරගත්තා. මම අසාවෙන් හිටියා Crown එක ලංකාවට ගෙන්න. නමුත් තරගයක ජය පරාජය දෙකම තියෙනවා.Winner මගේ රූම් මේට්. ඒ නිසා එවෙලෙ මම වින් කළේ නැති වුණත් එයා වෙනුවෙන් ලොකු සතුටක් හිතට ආවා.


Mrs. World තරගය ඔයාගේ සිහිනයක් සැබෑවීමක් කියලා ඔයා කියනවා. ජීවිතේ කොතන ඉඳලද මෙහෙම වෙන්න හීන මැව්වේ?
පොඩි කාලේ ඉදල මට ආසාවක් තිබ්බා කාගෙත් ආදරේ දිනාගත්තු චරිතයක් වෙන්න. 100% ක්ම ආදරේ එකිනෙකාගෙන් අපට දැනෙන විදිය වෙනස්. ලංකාවේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් හරහා මට නමක් හදාගන්න තිබුණා. ලොකු වෙද්දී මට සෙල්ෆ් කන්ෆිඩන්ස් එකක් තිබුණ මගේ බියුටි එක ගැන. ඒ නිසාම Mrs. World වලට ඉදිරිපත් වෙන්න ඕන කියල හිතුවා.

ඔයාගෙ සැමියගෙන් සහ පවුලෙන් මොන වගේ සහයෝගයක්ද තරගයට ඔයාට ලැබුණෙ?
මට අවුරුදු හතරක පුතෙක් ඉන්නවා. තරගෙ වැඩත් එක්ක බිසී වුණාම පුතාගෙ වැඩ ඔක්කොම බැලුවේ හස්බන්ඩ්. මම 100% ක්ම මගේ වැඩවලට කැපවෙන කෙනෙක්. ඒ නිසා මට මේ තරගාවලියට කාලය වෙන්කරන්න පුළුවන් වුණා. මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මම හිටියේ පුංචිලගෙ ගෙදර. මගේ නැන්දයි, මාමයි, අයියලයි, මල්ලිලයි ගොඩක් උදව් කළා.

ඔයාගේ පොඩි කාලේ ගැන කිව්වොත්
මම කිරිබත්ගොඩ විහාර මහ දේවි විද්‍යාලයේ හතර වසර දක්වා ඉගෙන ගත්තා. ඊට පස්සේ මම ප්‍රංශෙට ගියා. මට සුන්දර මතකයන් ගොඩක් තියෙනවා. මගේ කසින්ස්ල එක්ක තමයි මම පොඩි කාලේ එකට කාලය ගත කළේ. අවුරුදු අටෙන් පස්සේ ප්‍රංශෙට ගියත් සැරින් සැරේ මට පුළුවන් විදියට ලංකාවට ඇවිල්ල යනවා.
ඔයාට ලෝකයේම අවධානය තියන ටයිටල් එකක් දැන් තියෙනවා, මොකක්ද රට වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ?
ඇත්තටම ලොකු ආඩම්බරයක් ලංකාව නියෝජනය කරන්න ලැබීම පිළිබදව. ලංකාව වෙනුවෙන් මට පුළුවන් හැමදේම කරනවා. ඊළඟ Mrs World තරගාවලිය ලංකාවේ පැවැත්වෙද්දී ඒ වෙනුවෙන් මට ලබාදෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබාදෙනවා. ලංකාව නියෝජනය කරන්න අනාගතයේ ආපහු සැරයක් අපේ රටේ ගැන ලෝකෙට කියන්න ඉන්න අයව ටේ්රන් කරන්න මගේ උපරිම සහයෝගය දෙන්න බලාගෙන ඉන්නවා.
Brown Girl කෙනෙක්ට ලෝකය දිනන්න බාධා නෑ කියලද කියන්නේ?
සුදු වෙන්න කියල ආසාවක් මට නැහැ. තමන්ට සෙල්ෆ් කන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕන තමන් ගැන. ලංකාවේ ලොකු ටේරන්ඩ් එකක් තියෙනව ලස්සන වෙන්න නම් සුදු වෙන්න ඕන කියල. මම රටවල් හතළිහක අය එක්ක තමයි තරගයට ගියේ. ගොඩක් අය එක්ක සමීපව ඇසුරු කරන්න පුළුවන් වුණා. හැමෝම මට කිව්වේ හරිම ලස්සන ස්කින් කලර් එකක් ඔයාට තියෙනවා කියලා. කළුත් නැති සුදුත් නැති බ්‍රවුන් සිකින් එකට ලොකු ප්‍රතිචාරයක් මට ඒ අයගෙන් ලැබුණා.
අනික් අයගෙන් මම වෙනස් වෙලා පෙනුණෙත් ඒකයි. අපි කරන්න ඕන සුදු වෙන්න යන එක නෙවෙයි. අපේ තියන පාට තව පොලිෂ් කරගන්න පුළුවන් දේවල් ජීවිතයට එකතු කරගන්න එකයි. ස්කින් කෙයා රූටින් එකක් පටන් ගන්න, ස්කින් එක සුදු කරගන්න ගාන ක්‍රීම්වලින් හමේ අපි හිතන්නෙවත් නැති විදියට ආසාදන, රෝග තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. මුළු ජීවිත කාලයම ක්‍රීම් ගාල සුදු වෙනවට වඩා තියන ස්කින් කලර් එක මේන්ටේන් කරන්න ට්‍රයි කරන්න.
හරින්දී ලියනගේ
පවනි දිලේකා ✍️