‘මගේ නම මියෝනා ද සිල්වා ඒත් ගොඩක් අය මාව දන්නේ ආත්මි අක්කා කියල. මගේ ඇත්තම නමත් ආත්මි කියල හිතන අය ඉන්නවා. හිරිපොද වැස්ස ඩ්‍රාමා එකේ ආත්මි කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ ආදරේ දෝත පුරවල මට ගෙනාව චරිතයක්. ඒ නිසා ඒ නමින් කතා කරනවට මම කැමතියි...’ මෙහෙම කියන්නේ මියෝනා...
ඉතින් මියෝනා මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල හිරිපොද වැස්ස ටෙලිඩ්‍රාමා එකේ ෂූටින් කරනවා. ඒ වගේම හිරු මෙගා ස්ටාර් කම්පිටිෂන් එකට ඩාන්ස් ප්‍රැක්ටිස් කරනවා. ඒ නිසා ටිකක් කාර්යබහුලයි. ඉඩක් ලැබුන ගමන් මියුසික් වීඩියෝවලටත් සම්බන්ධ වෙනවා.
කොහොමද ඔයා රංගනයට සම්බන්ධ වුණේ?
මාව ගොඩක් අය දැනගන්නේ CJ අවුරුදු කුමරිය වුණාට පස්සේ. ඊට කලිනුත් රංගනයට එන්න අවස්ථාව හම්බවුණා. ඒත් මට ආසාවෙන් කරන්න පුළුවන් කියල හිතෙන චරිතයක් ලැබුණේ නැහැ. හිරිපොද වැස්ස ඩ්‍රාමා එකේ මට අක්ක කෙනෙක් මල්ලි කෙනෙක්ට ආදරේ කරන චරිතයක් රඟපාන්න තමයි තියෙන්නේ.
ඒක ටිකක් වෙනස් කන්සෙප්ට් එකක් නිසා චැලෙන්ජ් එකක් විදියට ඒ චරිතය බාරගෙන කරන්න හිතුවා. ඊට අමතරව මම ශාන් ජයරත්න අධ්‍යක්ෂණය කරපු සෝනා චිත්‍රපටයේ රඟපෑම් කළා. ඒක ඇක්ෂන් මූවී එකක්. මාසයක් විතර සටන් ජවනිකා පුරුදු වෙලා තමයි මූවි එකේ රඟපාන්න ගියේ. සෝනා මූවි එකත් මේ අවුරුද්දේ රිලීස් වෙනවා.
ආත්මි අක්කට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ඒ චරිතයට ලැබෙන්නේ වෙනස්ම විදියේ ප්‍රතිචාර. ආත්මි අක්කා කියන්නේ මල්ලි කෙනෙක්ට ආදරේ කරන චරිතයක්නේ. සමාජයේ සම්මතයෙන් ඔබ්බට ගියපු චරිතයක් නිසා කට්ටියක් ආත්මි අක්කට ආදරෙයි තවත් කට්ටියක් ආත්මි අක්කට බනිනවා. ඒ ප්‍රේක්ෂකයන් විදින විදිහනේ මම ආසයි ඒ ලැබෙන ප්‍රතිචාරවලට.
මට ආදරේ කරන නොකරන හැමොම වගේ මම චරිතය හොඳින් රඟපාන හින්දයි ප්‍රතිචාර දක්වන්නේ කියලයි මම හිතන්නේ. මේ වෙනකොට ගොඩක් අය මට කතා කරන්නෙත් ආත්මි අක්ක කියලා. ඒක මම දකින්නෙ මගේ ජීවිතයේ ලබපු ලොකු ජයග්‍රහණයක් විදිහට. ඇත්තටම ජීවිතය පැත්තෙන් නම් මේක පෙරළියක්.
ඔයාට ගෙදරින් ලැබෙන සපෝර්ට් එක කොහොමද?
මම රඟපානවට වැඩිපුරම කැමති මගේ අම්මයි තාත්තයි. මම රගපාන ඩ්‍රාමා එක දවසක්වත් මිස් කරගන්නෙ නැතිව අම්මයි තාත්තයි බලනවා. ඒ දෙන්න තමයි මගේ පිටිපස්සෙන් හෙවණැල්ලක් වගේ ඉන්නේ. මම සතුටින් ඉන්න දවස් වගේම දුකින් ඉන්න දවස් තියෙනවා.
දුක වගේම සතුටත් මම බෙදාගන්නේ අම්මයි තාත්තයි එක්ක. සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක් රංගන ක්ෂේත්රයට එද්දී දෙම්ව්පියො අකමැති වෙනවනේ. ඒත් මට ඒ වගේ ප්‍රශ්නයක් තිබ්බේ නෑ. අම්මයි තාත්තයි නිතරම කියන්නේ ඔයා මේ ගමන අතාරින්න එපා. ඔයාට ලස්සන ගමනක් තියෙනවා කියලා. මේ තරම් දුරක් එන්න පුළුවන් වුනේ ඒ දෙන්න නිසා. ඒ වගේම මට අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. අයියයි නංගියි මගේ හොඳම ප්‍රේක්ෂකයෝ.
පාසල් කාලය ගැන කිව්වොත්…
මම මුලින්ම ඉගෙනගත්තේ මාලදිවයිනේ ඉන්ටනැෂනල් ස්කූල් එකක. ලංකාවට ආවට පස්සේ ග්‍රීන් හීල් ඉන්ටනැෂන් ස්කූල් එකට ගියා. මගේ නංගි යන්නේ නාලන්දා බෞද්ධ බාලිකා විද්‍යාලයට. දවසක් මම නංගිව ගන්න ඉස්කෝලේට ගියපු වෙලාවක තිබුණ ලස්සන වටපිටාව, බෞද්ධ පරිසරය ළමයි දැකල මට ආස හිතුණා. මාත් තාත්තට කිව්වා මාව නාලන්දා බෞද්ධ විද්‍යාලයට දාන්න කියල.
එහෙම තමයි මම නාලන්දා බෞද්ධ විද්‍යාලයට ඇතුළු වුණේ. පාසලේ බාහිර වැඩවලට නිතරම සම්බන්ධ වුණ නිසා කලාව, සංගීතය, නැටුම් පැත්තෙන් ඉස්සරහට යන්න ඉස්කෝලෙන් ලොකු අවස්ථාවක් මට ලැබුණා.
නාලන්දා බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති ධම්මරතන හාමුදුරුවෝ පාසල් කාලයේදී වගේම අදටත් මට ගුරුහරුකම් දෙනවා. අස්ගිරිය නායක හාමුදුරුවෝත් ඒ වගේම මම නොදන්න දේවල් කියල දෙනවා. ඒ නිසා මට පුළුවන් වෙලාවට අදටත් ස්වාමීන් වහන්සේලා ගුරුවරු බලන්න යනවා. මට පාසලත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා.
කොහොමද රංගන ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය?
මම රංගන ක්ෂේත්රයට අලුත් කෙනෙක්නේ. ඒ නිසා මුලදී ඩයලොග් කියද්දී වැරදීම් වුණා. වැරදි වැරදි තමයි ඉගෙනගත්තේ. මගේ උච්චාරණය ටිකක් වෙනස් නිසා මට ගැළපෙන චරිතයක් තෝරල දුන්නා නිමන්ති අක්කා.
එයා මාව විශ්වාස කරල මට මේ චරිතය කරන්න දුන්න නිසා තියෙන අඩුපාඩු හදාගෙන ඉස්සරහටම යන්න පුළුවන් වුණා. මට වඩා අත්දැකීම් තියෙන අය පිටිපස්සෙන් ඉදන් උදව් කරපු නිසා මගේ අතින් සිදුවෙන වැරදි නිවැරදි කරගෙන ඉස්සරහටම ආවා.
තරුණ ගෑනු ළමයෙක් විදියට කොහොමද ෆැෂන් කරන්න තියෙන කැමැත්ත?
මම රඟපාන කලින් කලින් මොඩ්ල කෙනෙක්. ඒ ක්ෂේත්රයටත් මම කැමතියි. මගේ ෆැෂන් එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. සමහර කාලවලට ගලිෂ් විදියට අඳිනවා. සමහර කාලවල ටොම් බෝයි වගේ අඳිනවා. ඒ වගේ එක එක විදියේ ෆැෂන් කරනවා.
ආදරේ ගැන කොහොමද දකින්නේ?
මම ඇක්ට් කරන හිරිපොද වැස්ස නාට්‍යයේ ඉන්න ආත්මි කියන්නේ අනික් අය එක්ක බැලුවම වැඩිමහල් ගෑණු ළමයෙක්. මම චරිතය රඟපෑවේ මට වඩා වයසින් වැඩි කෙනෙක් විදියට. ඒ චරිතයත් එක්ක මම ආදරේ ගැන ඉගෙනගන්නවා. අල්ලගැනීම නෙවෙයි ආදරේ කියන්නේ. සමහර වෙලාවට ආදරේදී අතාරින්නත් වෙනවා. ඕනම මනුස්සයෙක්ට ජීවත් වෙද්දී ආදරයක් ලැබෙන්න ඕන. කෙනෙක් ආදරය එපා කියන්නේ අතීත කතාවක් නිසා. හරි ආදරයක් ලැබුණොත් සතුටක් තමයි ඇති වෙන්නේ.
ඔයාටත් ඒ වගේ ආදරයක අත්දැකීමක් තියෙනවද
ඔව් මටත් ඒ වගේ ලස්සන ආදර කතාවක් තිබ්බා. මම පෙම්වතියක් වෙලා හිටියා අපි දෙන්නා ක්ෂේත්‍ර දෙකක. මම මේ ක්ෂේත්රයට ආවට පස්සේ කාලය පිළිබඳ ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා අපි වෙන් වුණා. ඊටපස්සෙ එයත් වෙන මාවතක ගියා. මාත් දැන් අලුත් මාවතක ඉස්සරහට යනවා. මේ යන මාවතේදි මට ආදරය කරන හොඳ කෙනෙක් හම්බෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා.
හරින්දි ලියනගේ / පවනි දිලේකා ✍️