රුවි ලක්මාලි
මේ දවස්වල විසේකාරි ටෙලි නාට්‍යයේ හැමෝගෙම ආදරේ දිනාගත්ත චරිතයක් තමයි වාසුකී කියන්නේ. ආදරණීය බිරිඳක් විදියට වගේම මෝඩ ගැහැනියක් විදියටත් වාසුකීට ප්‍රතිචාර එවන්න ප්‍රේක්ෂයෝ අමතක කරල නෑ. මේ ප්‍රතිචාර ඔක්කොම දෝත පුරා බාරගන්නේ රුවි ලක්මාලි හේරත්. ඇය තමයි වාසුකී චරිතයට පණ පොවන්නේ.
රුවී මේ සැරේ අවුරුද්දට මොකද කරන්නේ…
මේ පාර අවුරුද්දට බණ්ඩාරවෙල යන්න ආසාවෙන් ඉන්නේ. අම්මයි, තාත්තයි ගෙදර එන්න කියල නිතරම කියනවා. ෂූටින් වැඩ නිසා කාලෙකින් ගමේ ගියේ නැහැ. ඒ වුණාට අම්මයි, තාත්තයි මම රඟපාන හැම ඩ්‍රාම එකක්ම දෙතුන් සැරේ බලනවා. බලල විතරක් නිකම් ඉන්නේ නෑ. අම්මා චරිතෙදි දකින අඩුපාඩු මට කොල් එකෙන් පවා කියනවා. අම්මගේ ආසවක් තිබුණා මම රඟපානවා බලන්න. ඒ නිසා මම රංගන ශිල්පිණියක් වීම ගැන අම්මා හරි සතුටෙන් ඉන්නවා.
මේ දවස්වල රුවී රංගනයෙන් දායක වන විසේකාරීවල වාසුකීට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
වාසුකී කියන්නේ පවුල වෙනුවෙන්ම කැපවුණු තරුණ ආදරණීය අම්ම කෙනෙක්. මේ තරම් කාලයකට මට වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිවුණේ වාසුකීගේ රංගනය වෙනුවෙන්. කාන්තා පාර්ශ්වයේ ප්‍රතිචාර තමයි වැඩියෙන්ම ලැබෙන්නේ. සමහර ප්‍රේක්ෂයෝ වාසුකී කියන්නේ මෝඩ ගැහැනියක් කියල බනින අවස්ථාත් තියෙනවා. ඒත් හිතන තරම් වාසුකී කියන්නේ මෝඩ ගැහැනියක් නෙවෙයි.ඒක ඉස්සරහට ඔයාලට නාට්‍යයෙන් බලාගන්න පුළුවන් වෙයි.



මොනවද ඉස්සරහට කරන්න ඉන්න වැඩ?
මේ දවස්වල විසේකාරී නාට්‍යයට අමතරව සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරන ජුරාලියා ඩ්‍රාමා එකෙත් ෂූටින් කරනවා. ඒ වගේම චිත්‍රපටයක ඇක්ට් කරන්නත් හිතාගෙන ඉන්නවා. වෙළෙද දැන්වීම් කිහිපයකුත් තියෙනවා රංගන දායකත්වය දෙන්න.
රුවී ෂූටින් ගිහින් ඇවිත් ගෙදරදී මොනවද කරන්නේ?
ගෙදර ඉන්න වෙලාවට බලු පැටව් දෙන්නත් එක්ක තමයි මම වැඩිපුරම ඉන්නේ. ආපු ගමන්ම කරන්නේ බලු පැටවුන්ට කන්න දීලා හුරතල් කරන එක. සත්තුත් එක්ක තමයි ජීවිතේ වැඩි කාලයක් ගත වෙන්නේ. පාරේ ඉන්න බලු පැටව් පූස් පැටවුන්ට ඉඩක් ලැබෙන හැම වෙලාවෙම ගිහින් කන්න දෙනවා. ඒ වගේම ඩ්‍රාම බලනවා, පොත් කියවනවා. ඒ දේවල් එක්ක තමයි ජීවිතේ ගලාගෙන යන්නේ.
මොනවද ළඟදී සම්බන්ධ වුණ වෙළෙද දැන්වීම්?
කහට රහට කියල ඇඩ්වටීස්මන්ට් එකක් කළා. ඒ වගේම පේන්ට් කමර්ෂල් එකකුත් කළා. ඒ ඇඩ්වටීස්මන්ට් එකට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා.

රුවී කොහොමද මෙච්චර ලස්සනට ඉන්නේ?
ගෑනු ළමයෙක් වුණාම ලස්සනට පිරිසිදුවට ඉන්න ඕන. මමත් ආසයි ලස්සනට ඉන්න. අපේ වෘත්තියත් එක්ක ලස්සනට ඉන්න ඕනනේ. ගෙදරදී ෆේෂල් කරනවා. ඒ වගේම පලතුරු වැඩිපුරම කනවා.
ඊටත් වඩා මම හරිම සතුටින් ඉන්න කෙනෙක්. සතුටින් ඉන්නකොට ඒක අපේ මූණෙන් පේනවා. දුකෙන් ඉන්නකොට කොච්චර ලස්සන වෙන්න දේවල් කරත් ලස්සන වැහිලා යනවා. හිතේ සතුට කියන්නේ ලස්සනට ඉන්න ඕනම කරන දෙයක්.
අවුරුද්දට තියෙන ටීවී ප්‍රෝග්‍රෑම්වලට සම්බන්ධ වුනේ නැද්ද?
අවුරුදු උත්සවවලට සම්බන්ධ වුණා. ගොඩක් නළු නිළියෝ හම්බවුණා. හරි සතුටින් ගෙවුණ කාලයක් තමයි තිබුණේ. තවත් ප්‍රෝග්‍රෑම් කිහිපයකට සම්බන්ධ වෙන්න හිතාගෙනත් ඉන්නවා.
රුවීට කොහොමද රංගන කටයුතුවලට ලැබෙන සහයෝගය?
නිමන්ති පෝරගේ, රත්නා ඇන්ටි, චේතිය වගේ කිහිපදෙනෙක් තමයි ඇක්ට් කරද්දී මට හම්බවෙන්නේ. ප්රොෆෙසගේ චරිතය කරන අමිලට ලංකාවේ හැමෝම බනිනවා. ඒත් ඇත්ත ජීවිතේ හරිම සුන්දර මනුස්සයෙක් එයා. ඇක්ට් කරද්දී ලොකු සපෝර්ට් එකක් අමිල අයියගෙන් ලැබෙනවා. ඒ වගේම නිමන්ති අක්කත් කොච්චර බිසී වුණත් දන්නෙ නැති දේවල් කියල දෙනවා. අපිට උදව් කරනවා.
රත්න ඇන්ටිට අපි කවුරුත් කියන්නේ රත්න අම්ම කියලා. ඒ ආදරේට. පවුලක් වගේ එකිනෙකාට උදව් කරගෙන යන ගමනක් තමයි විසේකාරී ෂූටින්වල තියෙන්නේ. හැමෝම එක්ක යාලුවෝ වගේ ඉන්න නිසා රෑ වෙනකම් ෂූටින් තිබ්බත් මහන්සියක් දැනෙන්නෙ නෑ.
ඔයාගේ ගෙදර ගැන කිව්වොත්
මගේ අම්මයි, තාත්තයි අයියල දෙන්නයි තමයි පවුලේ ඉන්නේ. එයාලා ඔක්කෝම දැන් මගේ ප්‍රේක්ෂකයෝ වෙලා.
පවනි දිලේකා / හරින්දී ලියනගේ ✍️