ඇය ආශා තෙන්නකෝන්. පුංචි කාලෙ ඉඳන් සංගීතයට දැක්වූ ඇල්ම, ආදරය නිසාම විශාරද දක්වා ඉගෙනගෙන ඇය මේ වෙද්දි ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. නමුත් වෙනත් රැකියාවක නියැළෙන ගමන්. කොහොමවෙතත් පෙරදා තිබුණ සංගීත කුසලතාවයෙන් වැඩක් ගන්නත් ඇය අමතක කරන්නෙ නෑ. ආශා මේ වෙද්දි ඕස්ට්‍රේලියාවෙ පැවැත්වෙන සංගීත ප්‍රසංගවලට පුළුවන් හැටියට ඇයගේ දායකත්වය ලබාදෙනවා…
ආශා කියන්නකො ඔයාගෙ විස්තර ටිකක්…
මගේ නම ආශා තෙන්නකෝන්. ඕස්ට්‍රේලියාවෙ තමයි පදිංචි වෙලා ඉන්නෙ. ඒ මගේ සැමියා සහ දුවලා දෙන්නා එක්ක. රැකියාව විදිහට Earning Learning education center එකේ එඩියුකේටර් කෙනෙක් විදිහට සේවය කරනවා. ඒ අතරෙ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංගවල ගායනා කරනවා. ගායනය පැත්තෙන් මම මේ වෙද්දි මියුසික් වීඩියෝස් කිහිපයක් කරගෙන යනවා.
පුංචි කාලෙත් හැදෑරුවෙ සංගීතය?
ඔව්. පාසල් කාලයේදී සමස්ත ලංකා ඒකල ගායනා තරගයෙන් දෙවන ස්ථානයත් මම හිමි කරගත්තා. විශාරද ප්‍රථම විභාගය හදාරලා තියෙනවා මේ වෙද්දි.
පළමු මියුසික් වීඩියෝව ගැන කතා කළොත්…
පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මම කෙළින්ම ඕස්ට්‍රේලියාවට ආවේ. 2015 දි මම මගේ පළමු මියුසික් වීඩියෝව නිර්මාණය කළෙත් මෙහෙදි. ‘මගේ හිත පෙරදා‘ තමයි ගීතයේ නම. රංජන් රාමනායක, රුවංගි රත්නායක රංගනයෙන් දායක වුණා. පද රචනයත් මගේ. සංගීතය අමිත් ගුරු.
ආශාගේ ඔරිජිනල්ස් කීයක් වගේ තියෙනවද?
මගේ අලුත් ගීතයත් එක්ක මේ වෙද්දි මගේ ඔරිජිනල්ස් පහක් තියෙනවා. මගේ අලුත්ම ගීතය තමයි ‘සැලෙනා.
කොහොමද ඕස්ට්‍රේලියාවේ ප්‍රසංග ගායනය පටන්ගත්තෙ?
2016 තමයි මම ඕස්ට්‍රේලියාවේ මුලින්ම කොන්සර්ට් එකක ගායනා කළේ. ඒ රන් තරු කොන්සර්ට් එක. එදා මම බාචී සුසාන් එක්ක යුග ගීත තමයි ගායනා කළේ. එතනින් පස්සේ ගොඩක් ප්‍රසංගවලට මට ආරාධනා ලැබුණා වගේම මම ඒවට දායකත්වය ලබාදුන්නා.
කොහොමද අලුත් ගීයට ලැබෙන ප්‍රතිචාර?
මේ දවස්වල සැලෙනා ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඒ ගැන මට හරිම සතුටුයි. ඉදිරියේදී තවත් ගීත කිහිපයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
එරංදි කෞශල්‍යා