අපේ පෙනුමට අපි ඇඳුමේ පාට හරිම වැදගත් වෙනවා. කෙනෙක්ට අපිව දැක්කම මුලින්ම ඇහැ යන්නේ ඇඳුමේ පාටට. ඒ වගේම ඔයා අඳින ඇඳුමේ පාටට පුළුවන් ඔයාගෙ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. ඔයාට ඔයාගේ සමේ පැහැය ගැන හොඳ අවබෝධයක් තියෙනවනම් ඔයාට පුළුවන් සමේ පැහැයට ගැළපෙනම පාට ඇඳුම් තෝරගන්න. මේක හරිම වැදගත්. අපි ඇඳුම් තෝරගන්න ඕනේ අපේ ස්කින් අන්ඩර් ටෝන් එකට මිසක් ස්කින් කලර් එකට නෙවෙයි.
ස්කින් කලර් එකේ සහ ස්කින් අන්ඩර් ටෝන් එකේ වෙනස
පොදුවේ ගත්තොත් ස්කින් ටෝන්ස් තියෙන්නෙ Fair, Medium,Tan iy Dark විදිහට. මේ ස්කින් ටෝන් එක අවුරුද්දෙ යම් යම් කාලවලදි දේශගුණික විපර්යාස එක්ක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ස්කින් අන්ඩර් ටෝන් එක අවුරුද්දේ මොන කාලයකදිවත් වෙනස් වෙන්නෙ නෑ. ප්‍රධාන වශයෙන් Warm Undertone,Cool Undertone, Neutral Underton කියලා කොටස් තුනක් තියෙනවා.
තමන්ගෙ අන්ඩර් ටෝන් එක හරියටම හොයාගන්න ටෙස්ට් 3 ක්
The Vein test
ඔයාගේ අත ඇතුල් පැත්ත හරවලා බලද්දි මැණික් කටුව හරියේ නහර කොළ පාටට පැහැදිලිව පේනවනම් ඔයාට තියෙන්නේ වෝම් අන්ඩර් ටෝන් එකක්. නහර තද නිල් හෝ දම් පැහැයකට හුරු නම් ඔයාට තියෙන්නෙ කූල් අන්ඩර් ටෝන් එකක්. ඔයාට ඔයාගෙ නහර නිල්ද කොළද කියල හිතාගන්න බැරිනම්, ඒ කියන්නේ ඒ පාට දෙකම වගේ පේනවනම් ඔයාට තියෙන්නෙ නියුට්‍රල් අන්ඩර් ටෝන් එකක්.
Jewelry test
ඔයා රත්තරන් බඩු පාවිච්චි කරද්දි හිතිලා තියෙනවනම් රත්තරන් තමයි ඔයාට ගොඩක්ම ලස්සන කියලා එහෙනම් ඔයාට තියෙන්නෙ වෝම් අන්ඩර් ටෝන් එකක්. ඔයාට ගොඩක්ම ගැළපෙන්නේ සිල්වර් ජුවලරීස් කියලා හිතෙනවනම් ඔයාට තියෙන්නෙ කූල් අන්ඩර් ටෝන් එකක්. රත්තරන් සහ සිල්වර් දෙවර්ගයම ගැළපෙනවා වගේ හිතෙනවනම් ඔයාට තියෙන්නේ නියුට්‍රල් අන්ඩර් ටෝන් එකක්.
Sun test
ඉරඅව්වට ගියාම ඔයාගෙ හම රෝස පාටට හැරෙනවනම් ඔයාට තියෙන්නේ කූල් අන්ඩර් ටෝන් එකක්. ඉර එළියට නිරාවරණය වුණාම ඉක්මනටම කළු වෙනවනම් වෝම් අන්ඩර් ටෝන් එකක් තමයි ඔයාට තියෙන්නේ.
Warm Underton එකට ගැළපෙනම පාට
Red Colour
වෝම් අන්ඩර් ටෝන් එකක් තියෙන කෙනෙක්ට හොඳටම ගැළපෙන්නේ රතු, තැඹිලි වර්ණ. ඒ වගේම බර්ගන්දි, මෙරුන් පාටත් හොඳින්ම ගැළපෙනවා. මේ පාට අතරිනුත් තැඹිලි පාටට පුළුවන් ඔයාගේ සමේ පැහැය වැඩිදියුණු කරලා පෙන්නන්න.
Green Colour
කොළ වර්ණයන්ගෙන් පිස්ටාශියෝ ග්‍රීන් තමයි වෝම් අන්ඩර් ටෝන් එකක් තියෙන අයට ගැළපෙන්නේ. ඒ වගේම ඔලිව් ග්‍රීන් කියන්නෙත් වෝම් අයට ලස්සනට විලාසිතා කරන්න පුළුවන් පාටක්.
Blue Colour
නිල් කියන්නේ කූල් අන්ඩර් ටෝන් අයට ගැළපෙන්නෙ නැති පාටක්. ඒත් ඔයා නිල් පාට අඳින්න කැමති නම් කොළ පාටට මිශ්‍ර නිල් පාටක් තෝරගන්න පුළුවන්.
Neutral Undertone අයට ගැළපෙන පාට
ඇත් දළ පාට ඔයාට හොඳින්ම ගැළපෙනවා. ඒත් ඒ වෙනුවට සුදු පැහැයට හුරු ක්‍රීම් පාටකට යන්න ඔයාට පුළුවන්. Blush pink කියන්නෙත් මේ අන්ඩර් ටෝන් එකේ අයට ගැළපෙනම පාටක්.
Warm Undertone එකක් තියෙන අය මේ පාට අඳින්න එපා
කිසිම නිල් පාටක් වෝම් ස්කින් අන්ඩර් ටෝන් එකක් තියෙන අයට ගැළපෙන්නෙ නෑ. ඒත් නිල් පාටට ආසම කෙනෙක් නම් ඔයාට පුළුවන් ඒ නිල් පාට ආභරණවලින්, බෑග්ස් සහ සපත්තුවලින් ලබාගන්න.
Cool undertone අයට ගැළපෙන පාට
ඕනම රතු වර්ණයක් ඕනම නිල් පාටක් මේ අයට ගැළපෙනවා. ඒ අතරින් රෝයල් බ්ලූ විශේෂයි. කොළ පාට ගත්තොත් එමරල්ඩ් ග්‍රීන් හොඳින්ම ගැළපෙනවා. රෝස වර්ණ වලින් රෝසි පින්ක් සහ පැස්ටල් පින්ක් ගැළපෙනවා.
නොගැළපෙන පාට
කහ, තැඹිලි පාටවල ඇඳුම් මගහරින්න ඕනේ. ඒ පාට ඇඳුම් අඳින්නම ඕනෙ නම් මූණ කිට්ටුවටම නැති ඇඳුමක් අඳින්න. නැත්නම් ඒ පාටවල අඩුව ආභරණවලින් සපුරාගන්න. ඒ වගේම නූඩ් කලර්ස් මගහරින්නත් ඕනි. නමුත් නූඩ් කලර්ස් ඔයාට අඳින්නම ඕනෙනම් අළු මිශ්‍රණයක් එක්ක අඳින්න පුළුවන්.
සඳලි කොට්ටහේවගේ
( Lavishing with Sandali )
එරංදි කෞශල්‍යා