අම්මා මුත්තා කාලෙ ඉඳන් කවි, රචනාවලට ගෑනුන්ගෙ තොල් පෙති නාදල්ලට සමාන කළාට මොකද නාදල්ලෙ පාටට ස්වභාවික තොල් දෙකක් පිහිටපු ගෑනු ළමයෙක් දකින එකනම් කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ වැඩක්. ඒ මොකද අපේ රටේ බොහෝ උදවියගේ තොල් නාදල්ල කෙසේවෙතත් කැලෝකේසියා දලු වගේ. ඒක ඉතින් අපේ රටේ දේශගුණේ වැරැද්දක් මිස ගෑනුන්ගෙ වැරැද්දක් නෙවේ. කොහොමවුණත් කැලෝකේසියා දලු වගේ තොල් පිහිටපු කාන්තාවන්ටත් නාදලු වගේ තොල් හදාගන්න සුපිරි ක්‍රමයක් දැන් තියෙනවා. ඒකට කියන්නෙ ‘Lip blushing’ කියලා. ලිප් බ්ලෂ් එකක් කියන්නේ තොල් වලට කෘතිම පාටක් එකතු කරන එකට. සාමාන්‍යයෙන් ජීවිත කාලෙම මේ පාට තියෙනවා. නමුත් අවුරුදු තුනක් විතර ගියාම යම් තරමකින් ෆේඩ් වෙනවා. ලිප් බ්ලෂ් එකයි ටැටූ එකයි ගොඩක් අය පටලගන්නවා. ටැටූ එකක් කියන්නේ මයික්‍රෝ පිග්මන්ට් එකක්. ලිප් බ්ලෂ් එකකදි කරන්නේ නැනෝ පිග්මන්ට් එකක්.
කොහොමද මේක වෙන්නෙ?
ලිප් බ්ලෂ් එක කරන්න කලින් ලිප්ස්ටික් එහෙම ගාගෙන තියෙනවනම් ඒවා හොඳට යවාගන්න ඕනේ. ඊටපස්සේ කරන්නේ තොල් දෙක හිරි වැටෙන්න ක්‍රීම් එකක් ගාන එක. මොකද ලිප් බ්ලෂ් කරන්නේ ටැටූ මැෂින් එකකින්. කට්ටියට හිතෙන්න පුළුවන් මේක ටැටූ මැෂින් එකකින් කරන නිසා වේදනාකාරී වෙන්න පුළුවන් කියලා. නමුත් ඉතාම සුළු වේදනාවක් තමයි දැනෙන්නේ. හිරිවැටෙන ක්‍රීම් එක ගාලා පැය බාගයක් විතර ගියාට පස්සේ වැඩේ පටන් ගන්නවා.
කැමති පාටක් තෝරගන්න පුළුවන්… ඒත්…
ලිප් බ්ලෂ් එකක් කරද්දි ඔයාලට කැමති පාටක් තෝරගන්න පුළුවන්. හැබැයි ලංකාවෙ ගොඩක් අයගේ තොල් අඳුරු පාටයිනේ. එහෙම තොල් අඳුරු වෙච්ච අයට ගැලපෙන පාටක් හදන්නේ කලර්ස් දෙකක් තුනක් එකතු කරලා. කාට හරි රෝස පාටක් ඕනෙනම් කෙලින්ම රෝස පාට දාන්න බෑ. රෝස පාටට රතු පාටත් එකතු කරල තමයි ලයිට් කලර් එකක් හදාගන්නේ.
මොකද ලිප් බ්ලෂ් එක කළාට පස්සේ තොල් දෙක සුව වෙද්දි කොහොමත් ලයිට් කලර් එකක් එනවා. ඒ කියන්නේ රෝස පාට වෙනවා. ඊටපස්සේ අපිට තීරණය කරන්න පුළුවන් රෝස පාටටද තැඹිලි පාටටද යන්නේ කියලා. ගොඩක්ම ඩාක් ලිප්ස් නම් තියෙන්නේ දෙතුන් වතාවක් ලිප් බ්ලෂ් එක කරන්න ඕනේ.
ලිප් බ්ලෂ් එකෙන් පස්සෙ වැස්ලින් නැත්නම් ලිප් බාම් ඕනෙමයි
බ්ලෂ් එකෙන් පස්සේ තොල් දෙක තරමක් ඉදිමෙනවා. නමුත් ඒ ඉදිමුම තියෙන්නේ දවස් දෙකක් වගේ තමයි. ලිප් බ්ලෂ් එකෙන් පස්සේ සතියක් විතර යනකල් හොඳ ලිප් බාම් එකක් පාවිච්චි කරන්න ඕනේ. ලිප් බාම් එකක් වෙනුවට ඔයාලට ඔරිජිනල් වැස්ලින් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. තොල් වේලෙන්න වේලෙන්න ලිප් බාම් එකක් හෝ වැස්ලින් එක ගාන්න පුළුවන්.
ඒ වගේම මේ දවස් දෙක තුනේ දුම් පානයෙන් සහ මත් වතුර පානයෙන් වැළකෙන්නත් ඕනේ. අනිත් කාරණේ මේක කරලා ඉදිමුම බහිනකල් රස්නෙන් කෑම බීම ගන්න එකනම් කරන්න හොඳම නෑ. මොකද ලිප් බ්ලෂ් එකෙන් වෙන්නෙ Skin damage එකක්. ඒ නිසා රස්නෙ දේවල් කන්න බොන්න එපා. ඒ වගේම පළවෙනි දවස් දෙකේ ෆේස් වොෂ් ටිකක්වත් ගෑවෙන්න දෙන්න එපා. දවසක් දෙකක් විතර ගියාට පස්සේ ඔයාට සබන්, ෆේස් වොෂ් ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්.
ගැලවෙන පොතු අතින් ගලවනවා එහෙම නෙවෙයි.
දවස් දෙක තුනකට පස්සේ මෙහෙම හෝදද්දි තොල් දෙකේ පොතු ගැලවිලා යනවා. නමුත් මේ ගැලවෙන පොතු අතින් ගලවන්න යන්න එපා. සතියක් විතර මෙහෙම තොල් දෙකේ පොතු ගැලවෙනවා. ලිප් බ්ලෂ් එකකින් පස්සේ ලිප්ස්ටික් ගාන එක අවශ්‍යම නැති වුණත් ලිප්ස්ටික් ගාන්න ඕනෙම නම් දවස් දෙක තුනකින් පස්සෙ ගාන්න පුළුවන්.
ඇලජීස්නම් නැති තරම්…
99%කට වගේ ලිප් බ්ලෂ් එකක් කළා කියලා ඇලජීස් එන්නේ නෑ. නමුත් ඩයබිටීස් වගේ රෝග තියෙන අයට ඇලජි වෙන්නත් පුළුවන්.
ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී
ලංකා ෆර්නෑන්ඩු
එරංදි කෞශල්‍යා ✍️