නත්තලට වෙන් වෙලා තියෙන්නෙ දවස් දෙකක් විතරක් වුණත් කිතුණු බැතිමතුන් සතියක් දෙකක් යනකල්ම නත්තලේ සතුට බෙදාහදාගන්නවා. ඔවුන් නත්තල් දිනෙන් පසුව කාර්යබහුල වෙන්නෙ නත්තල් සාද වෙනුවෙනුයි. ඉතින් මේ සාද වෙනුවෙන් තමන්ට පුළුවන් හොඳම විදිහට ඔවුන් ලකලෑස්ති වෙනවා. බොහෝදෙනෙක් නත්තලටම ගැළපෙන්න ඇඳුම් පැළඳුම්, ආභරණ තෝරාගන්නවා. ඒත් සේරම දේවල් ලස්සනට තියෙද්දි Night Christmas Party එකට යන්න ලස්සන මේක්අප් එකක් නැතුව කොහොමද? ඒ නිසා නත්තල වෙනුවෙන්ම අපි හිතුවා නවලිය කියවන ලස්සන කාන්තාවන්ට තමන්ටම කරගන්න පුළුවන් Simple Make-up එකක් ගැන කියල දෙන්න.
මේක්අප් එකට කලින්
මේක්අප් එකක් දාන්න කලින් මුහුණ, අත් හොඳින් පිරිසිදු කරගැනීම වැදගත්. ඒ නිසා සාමාන්‍ය විදිහට ෆෙස්වොෂ් එකක් සහ ටෝනර් එකක් භාවිත කර මුහුණ පිරිසිදු කරගත යුතුයි.
අවශ්‍ය මූලික දේවල්
Foundation – ෆවුන්ඩේෂන් වර්ග ගනනාවක් තියෙනවා. නමුත් මේ අතරින් ජනප්‍රියම Liquid Foundation සහ Stick Foundatμon. ඔබ කැමති ෆවුන්ඩේෂන් එකක් ගෙන ස්පොන්ජ් එකක් ආධාරයෙන් මුහුණෙ වගේම ගෙලෙහි ආලේප කරගත යුතුයි. Foundation එකෙන් වෙන්නෙ ලප කැලැල් සඟවන එක.
Blusher – Blusher වර්ණ රැසකින් තියෙනවා. පැහැලත් සමක් සහිත කෙනෙකුට Peach පැහැය සහ රෝස පැහැය ගැළපෙනවා.
Concealer– ඇස් වටා අඳුරු වී ඇත්නම් කන්සීලර් එක මගින් අනෙක් තැන්වල සමේ පැහැය හා සමබර වෙන්න ඇස් වටා සම වර්ණ ගන්වාගත හැකියි. එවායෙ ආලේප කිරීම මගින් ඒවා සගවා ගත හැකියි.
Lipstick – Lipstick ඔබට ඕනෑම වර්ගයකින් තෝරාගත හැකියි. නමුත් සමේ වර්ණයට ගැළපෙන්න තොල් ආලේපනය තෝරාගැනීම ඔබ සතුයි.
Mascara– ඇස්පිහාටු වර්ණ ගැන්වීමන් ඇස් දීප්තිමත් වේ. මේක්අප් එකක් සම්පූර්ණ වෙන්නනම් මස්කාරා එකක් අත්‍යාවශ්‍යයි.
Eyebrow Pencil– ඇහිබැම වර්ණ ගැන්වීමෙන් ඇහිබැමේ ඇති හිස්තැන් පුරවා ඔබේ මුලු පෙනුමට නව සුන්දරත්වයක් එක්කරගැනීමට පුළුවන්.
සමට ගැළපෙන වර්ණ තෝරාගන්න
Christmas Party එකකට ගොඩක් ගැළපෙන්නෙ රතු, කොළ, ගෝල්ඩ් පැහැයන්. මේ පැහැයන් තුනම ඕනම වර්ණයක සමක් සහිත අයෙකුට ගැළපෙනවා. නමුත් අඳුරු සමක් ඇති අයෙක්නම් දෙතුන් වතාවක් වර්ණ ගැල්වීම නොකළ යුතුයි. මේ පැහැයන් දීප්තිමත් කරගන්න Highlighters භාවිතයෙන් පුළුවන්.
තරුණියන්ට හොඳින්ම ගැළපෙන Lip Gloss
Mat Lipstick” Lip Gloss වගේ වර්ග කිහිපයක් තියෙනවා. තරුණියන්ට වැඩියෙන්ම ගැළපෙන්නෙ Lip Gloss නමුත් Mat Lipstick කැමති අයටත් රතු පැහැති තොල් ආලේපනයක් ගැල්විය හැකියි. රාත්‍රී කාලයට හොඳින්ම ගැළපෙන්නෙ ලා රතු පැහැයක්.
මේක්අප් එකකදි වැදගත්ම Brushers
මේක්අප් එකක් කරනකොට විවිධ ප්‍රමාණයන්ගෙන් Brushers තිබීම වැදගත්. සාමාන්‍යයෙන් පවුඩර් වැනි දෙයක් ආලේප කරන්නෙ තරමක් විශාල රවුම් හැඩැති Tapered Brush එකෙන්. ඇස් ආලේපන ගැල්වීමට කුඩා Brush එකක් යොදාගත යුතුයි.
එරංදි කෞශල්‍යා ✍️