ඉස්සර කාලෙ ගෙදරක දරුවෙක් ඉපදුණාම ඒ ඉපදුණේ දුවෙක්ද පුතෙක්ද කියලා වැදුම්ගෙයින් එළියෙ හිටපු උදවියට දැනුම්දුන්නේ හරි අපූරු ක්‍රමයකටලු. පිරිමි ළමයෙක් නම් ‘සරමක්‘ කියලත්, දුවෙක් නම් ‘කම්බායක්’ කියලත් තමයි ඒ බව හැඟෙව්වෙ. කොහොම වුණත් පිරිමි ළමයින් ඇඳපු සරම සාමාන්‍ය සරමම වුණත් ගෑනු ළමයි ඇඳපු ගවුම ඒ කාලෙ ඉඳන් වර්තමානය දක්වාම විවිධාංගීකරණයට ලක්වෙලා තියෙනවා. සමහර ගවුම් නිකන්ම නිකන් ගවුම් නෙවෙයි. ඒවා අඳින්න සුදුසු තැන් අනුව,ස්ථානය අනුව වගේම ශරීරය අනුව වෙනස් වෙනවා. ඒ වගේම යුගයෙන් යුගයට විවිධ විලාසිතා අනුව වෙනස් වෙමින් ආපු ගවුමේ ඉතිහාසය වර්තමානයේ අලුතින් ලියවෙනවා…
Mini Dress
දශක ගණනාවක ඉඳන්ම අදටත් කාන්තාවෝ අඳින ජනප්‍රියම ගවුම් විලාසිතාවක් තමයි මිනි ගවුම් කියන්නේ. 1960 ගණනවල ලොව පුරා අතිශය ජනප්‍රිය වුණ මිනි ගවුම කෙටි මෙන්ම ගවුම් වර්ගයක්. දණහිසට ඉහළින් තියෙන මිනි ගවුම අඳින්නෙ කකුල් දෙකෙන් වැඩි ප්‍රමාණයක් නිරාවරණය වෙන විදිහට.
Midi Dress
වළලුකර දක්වා දිග මේ ගවුම් විලාසිතාව ඕනම ශරීර හැඩයකට හොඳින්ම ගැළපෙනවා. විවිධ රටා සහ මෝස්තරවලින් මිඩි ඩේරසස් නිර්මාණය වෙනවා. ඒ වගේම ඕනෑම අවස්ථාවකට ඇඳීමේ පහසුකමත් තියෙනවා.
Tea Length Dress
මේ ගවුම් වර්ගය දණහිසට පහළින් සහ වළලුකරට ඉහළින් තියෙන ගවුමක්. බොහෝ වෙලාවට මේ වගේ ගවුමක් අඳින්න සුදුසු නිවසේ හෝ වෙනත් තැනක පැවැත්වෙන සාමාන්‍ය සාදයකට. 19 ශතවර්ෂයේ මැද භාගයේදී ජනප්‍රිය වුණු මේ ඇඳුම් ව්‍යුහගත නොකළ රේඛා සහ සැහැල්ලු රෙදිවලින් නිර්මාණය කරලා තියෙනවා.
Maxi Dress
මැක්සි කියන්නෙ වළලුකර ප්‍රදේශයට හෝ බිම ගෑවෙන තරමට දිග ගවුම් වර්ගයක්. නිවසේ පැවැත්වෙන ප්‍රියසම්භාෂණ සහ වෙරළ ආශ්රිත උත්සව සඳහා මැනවින්ම ගැළපෙනවා.
Waistline එක අනුව ගවුම්
A line Dress
A ලයින් ගවුම් කියන්නෙ පෙයාර්ස් හැඩැති සිරුරක් (Pear body shape) තියෙන කෙනෙක්ට හොඳින්ම ගැළපෙන ගවුම් විලාසිතාවක්. මෙම කාලානුරූපී ගවුම් විලාසිතාව එයටම ගැළපෙන ආයිත්තම් එක්ක ලස්සනට විලාසිතා කරන්න පුළුවන්.
Wrap Dress
ගවුමත් එක්කම ඉණ ප්‍රදේශය ගැටගසන්නට තියෙන නිසයි මේ විලාසිතාවට Wrap dress කියන්නේ. මේක හරිම ක්ලැසික් විලාසිතාවක් වගේම ශරීරයට හරිම පහසුයි.
Empire Waist Dress
මේ ගවුම් විලාසිතාව ගැන කිසිම අදහසක් නැත්නම් කොරියානු නාට්ටිවල කාන්තාවෝ ඇඳන් ඉන්න සාම්ප්‍රදායික ඇඳුම මතක් කරගන්නකෝ. 18 වන ශතවර්ෂයේ ජනප්‍රිය වුණ Empire waist dresses වල පපු ප්‍රදේශයට මදක් ඉහළින් ඉන රේඛාවක් තියෙනවා. ඒ ස්ථානයේ ඉඳලා යටිපතුල් දක්වාම තියෙන්නේ සායක්.

Ball Gowns
බෝල් ගවුම් කියන්නෙත් විවිධ ශරීර හැඩයන්ට විවිධ මෝස්තරයන්ගෙන් තියෙන ගවුම් වර්ගයක්. බිම ගෑවෙන තරමට දිග මේ ගවුම් විලාසිතවෙන් දිස්වෙන්නේ හරිම ලක්සරි පෙනුමක්. සාමාන්‍යයෙන් බෝල් රූම් නර්ථනවලට පැරණි කාන්තාවෝ ඇන්දේ මේ වගේ ගවුම් නිසයි මේවට බෝල් ගවුන් කියන්නේ.
Cocktail Dress
කොක්ටේල් ඇඳුම් දණහිස දක්වා දිගින් යුක්තයි. උත්සවවලට වගේම අර්ධ විධිමත් (Semi Formal) උත්සව අවස්ථාවන්ට හොඳින්ම ගැළපෙනවා.
Shinesheets ඇසුරින්
එරංදි කෞශල්‍යා ✍️