පේර රසවත් පළතුරක් විදිහටනෙ අපි කවුරුත් දන්නෙ. බොහෝදෙනෙක් නොදන්න දෙයක් තමයි පේර කොළවලින් අපේ රුව වඩාවගන්න ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. පේර ගස් කොච්චර ගෙදර වත්තෙ තිබුණත් නිකන්ම කොළ හැලිලා යනවා ඇරෙන්න ඒ කොළවලින් වැඩක්නම් කවුරුත් ගන්නෙ නැතුවැති. හිසේ සිට පාදාන්තට දක්වාම ඉදුණු පේර කොළේකට කරන්න පුළුවන් දේවල් බොහෝමයි. පේර ගෙඩිවල වගේම කොළවලත් විටමින් A, C, B 2, පොටෑසියම්, තන්තු සහ ලයිකොබින් යන පෝෂක සංඝටක අන්තර්ගත වෙනවා.
පේර කොළ ෆේස් පැක්
අවශ්‍ය දේවල්
- පේර කොළ කිහිපයක්
- විටමින් E කරලක්
- මී කිරි තේ හැඳි 3ක්
- මුල්තානා මිට්ටි මේස හැඳි 1ක්
සාදාගන්නා ආකාරය
පේර කොළ හොඳින් සෝදා ජලය ස්වල්පයක් සමඟ බ්ලෙන්ඩර් කර පේස්ට් එකක් සාදාගන්න. මීකිරි, මුල්තානාමිට්ටි සහ විටමින් E කරල සකසාගත් පේස්ට් එකට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
භාවිත කරන ආකාරය
පළමුව මුහුණ හොඳින් පිරිසුදු කරගන්න. බ්‍රෂ් එකක් නොමැතිනම් අතින් හෝ මුහුණේ උඩු අතට මිශ්‍රණය හොඳින් ආලේප කරගන්න. මිනිත්තු 20 ක් පමණ තිබෙන්නට හැර සබන් නොයොදා හොඳින් සෝදා හරින්න. මෙම සත්කාරය සතියට දෙවරක් පමණ සිදුකිරීම ප්‍රමාණවත්.
පේර කොළ ෂැම්පු
පේර කොළවල අඩංගු වන විටමින් B සහ විටමින් C සංඝඨක හිසකෙස් සඳහා වඩාත් උචිතයි. විටමින් C හිසකෙස් වර්ධනය සඳහාත් විටමින් B හිසකෙස් ශක්තිමත් කිරීම සඳහාත් බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා.
අවශ්‍ය දේවල්
- පේර කොළ 10ක් පමණ
- විටමින් E කරල් 2ක්
- සුදු පොල්තෙල් තේ හැඳි 1ක්
- එඬරු තෙල් තේ හැඳි 1ක්
- බේබි ෂැම්පු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
පේර කොළ හොඳින් බ්ලෙන්ඩර් කර පේස්ට් එක සකසා පසුව එය පිරිසිදු රෙදි කැබැල්ලකින් වෙනත් භාජනයකට පෙරා ඉස්ම ටික වෙන් කරගන්න. එයට විටමින් E කරල් දෙක, පොල්තෙල් සහ එඬරු තෙල් ද දමා බේබි ෂැම්පු තේ හැඳි 5 ක් පමණ දමා හොඳින් මිශ්‍ර කරගන්න.
භාවිත කරන ආකාරය
ස්නානය කරන විටදී ෂැම්පු වෙනුවට මෙම මිශ්‍රණය භාවිත කළ හැකියි. මෙය ගල්වා විනාඩි තුනක් පමණ තිබෙන්නට හැර හොඳින් සෝදා අවශ්‍ය නම් කන්ඩිෂනර් ද භාවිත කළ හැකියි.මීට අමතරව පේර කොළ උණුවතුරෙන් තම්බා හිසට සහ කෙස්වලට එක්කළත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
ඒ වගේම කාන්තා පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනෙක්ට මෙය උත්සාහ කරල බලන්න පුළුවන්. මෙම සත්කාරය උදේ වරුවේ කරලා පැය හතරකට පහකට පසු ස්නානය සුදුසුයි. එවිට පේර කොලවල ඇති විටමින් සාරය ඔබේ හිසට හොඳින් උරා ගන්නවා.
ලප කැළැල්වලට පේර කොළ තැම්බූ වතුර
මෙයට අවශ්‍ය වෙන්නෙ පේර කොළ ස්වල්පයක් සහ ඊට ගැළපෙන ජලය ප්‍රමාණයක් විතරයි. කොළ ප්‍රමාණය තම්බාගැනීමට අවශ්‍ය ප්‍රමාණයට ජලය ගෙන එය හොඳින් උතුරාගන්න.පේර කොළ ගෙන වංගෙඩියේ කොටා පොඩි කර ඒවා උතුරන වතුර එකට දමා දුඹුරු වර්ණයක් එනතුරු තම්බාගන්න.
පසුව හොඳින් නිවෙන්නට හැර පිරිසිදු රෙදි කැබැල්ලකින් හෝ පෙනේරයකින් පෙරාගන්න’ පෙරාගත් සාන්ද්‍රණය ලප කැළැල් ඇති ස්ථානයේ ආලේප කරන්න. විනාඩි පහක් පමණ තිබෙන්නට හැර මද රස්නෙ උණු වතුරෙන් සෝදා හරින්න. සතියට දෙවරක් මෙය උත්සාහ කර බලන්න.
අළුහම් සඳහා
අළුහම් සුව කිරීම සඳහා පේර කොල භාවිත කිරීම අතීතයේ සිටම සිදුකෙරෙන්නක්. පේර කොළ ස්වල්පයක් ගෙන හොඳින් සෝදා කොටා එම යුෂ අළුහම් වල ගල්වා විනාඩි පහක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.
මෙම ප්‍රතිකාරය දිනපතා සිදු කිරීමෙන අළුහම් සුව කරගත හැකියි. ඊට අමතරව මෙයට දෙහි යුෂ සමඟ පේර කොළ අඹරා ගැල්වීමත් කළ හැකියි.
ආයුර්වේද රූපලාවන්‍ය ශිල්පිණී
හිමාලි ෂර්මිලා
එරංදි කෞශල්‍යා ✍️