විලාසිතා ගැන කතා කරද්දි ඇඳුම් පැළඳුම්වලට වගේම කරාබුවලටත් ලැබෙන්නේ විශේෂ තැනක්. තමන්ගේ ඇඟේ හැඩයට ගැළපෙන්න අපි ඇඳුම් අඳිනවා වගේම තමයි කරාබු පළඳින්න ඕනෙත් මුහුණේ හැඩයට ගැළපෙන විදිහට. කෙනෙක් ඔයාගෙ දිහා බලද්දි ඒ කෙනාගේ අවධානය කෙලින්ම යොමු වෙන්නෙ මුහුණට. ඒ නිසා මුහුණට ගැළපෙන්නෙ නැති කරාබු දැම්මොත් ඔයාගේ ඒ නොගැළපීම හොඳින් අනිත් කෙනාට කැපිලා පේන්න පුළුවන්.
අපි කරාබු වර්ග නිතර දෙවේලේ පැළඳුවට කරාබුවලට කියන නම් වර්ග ගැන නිසි අවබෝධයක් නැහැ. ප්‍රධාන වශයෙන් කරාබු වර්ග කිහිපයූක් තියෙනවා.
■ Stud
■ Cluster Drop
■ Hoop
■ Tear Drop
■ Huggies
■ Dangle
■ Threads
Round Face Shape
රවුම් හැඩැති මුහුණක් තියෙන කෙනෙක් නම් මුහුණේ පළල අඩු කරලා පෙන්නන කරාබු යුගලක් තමයි තෝරගන්න ඕන. සිහින්, තරමක් දිගට තියෙන ‘Dangle‘ වර්ගයේ කරාබු දෙකක් තමයි රවුම් හැඩැති මුහුණක් තියෙන අයට හොඳින්ම ගැළපෙන්නෙ. මේ විලාසිතාවට අමතරව Drop Earings, Ear Threads,Chandelier Earings වර්ගත් ලස්සනට ගළපගන්න පුළුවන්. රවුම් මුහුණක් තියෙන අයට බරින් වැඩි, පළලින් වැඩි Hoop Earings නම් එච්චර ගැළපෙන්නෙ නැහැ.
Heart Face Shape
හදවතක් හැඩයට පිහිටලා තියෙන මේ මුහුණේ නළල ප්‍රදේශය තරමක් පළලින් වැඩියි. නිකට ප්‍රදේශය සිහින් ස්වරූපයක් ගන්නවා. මේ ෂේප් එක බැලන්ස් කරගන්න පුළුවන් විදිහේ කරාබු තමයි තෝරගන්න ඕන. Tear Drop, Dangle, Diamond Chandelier Earings හාට් ෂේප් මුහුණකට හොඳින් ගළපගන්න පුළුවන්. නමුත් විශාල රවුම් සහිත Hoop Earings නම් ගැළපෙන්නෙ නෑ.
Oval Face Shape
හොඳ බැලන්ස් එකක් තියෙන ෆේස් ෂේප් එකක් තමයි ඕවල් ෂේප් කියන්නෙ. මේ බැලන්ස් එකේ තියෙන සුපිරි වාසිය තමයි ඔයාට ඕනම වර්ගයක කරාබු යුගලක් පළඳින්නට හැකි වීම. ඕනම ඇඳුමකට, අවස්ථාවකට ගැළපෙන්න ඕනම කරාබුවක් ගළපගන්න පුළුවන්.Drop,Triangle, Dangle, Studs,Hoop වගේම Button Earings හොඳින්ම මේ ඕවල් මුහුණට ගැළපෙනවා. ඒ වගේම කනට කරාබු කිහිපයක් වුණත් පළඳින්න පුළුවන්.
Square Face Shape
හතරැස් හැඩයක් ගන්න මේ මුහුණු හැඩයේ දිග, පළල තරමක් සමානයි. ඔයාගේ මුහුණේ පළල වැඩි කරවන විදිහේ කරාබු ගැළපෙන්නෙ නෑ. හොඳින්ම ගැළපෙන්නෙ Dangle,Drop, Hoop, Triangle වර්ගයේ කරාබු. මේ වර්ගවල කරාබුවලට පුළුවන් ඔයාගෙ මුහුණේ හතරැස් පෙනුම වැඩි කරලා පෙන්නන්න.
Triangle Face Shape
ත්‍රිකෝණාකාර මුහුණක් තියෙන අයට නළලේ පළලට වඩා චීක් බෝන්ස් අතර පරතරය වැඩියි. මේ වගේ මුහුණු හැඩයක් තියෙන අයට ලොකු ීඑමාි කරාබු හොඳින් ගැළපෙනවා. පහළට එල්ලෙන කරාබු මෙවැනි මුහුණු හැඩයක් තියෙන අයට ගැළපෙන්නෙ නෑ.
Long Face Shape
මේ අයගේ මුහුණ දිගටියි. නිකට උල් ස්වභාවයක් ගන්නවා. මේ අයට පුළුවන් පළලින් වැඩි කරාබු පළඳින්න. අඟල් 1/2 ක් වගේ දිග රාබු හැරෙන්නට ඊට වඩා දිග කරාබු දාන එක ගැළපෙන්නෙ නැහැ. Long Facen Shape එකකට හොඳින්ම ගැළපෙන්නෙ Hoop Earings.
එරංදි කෞශල්‍යා
අන්තර්ජාලය ඇසුරෙන්