ෆ්‍රයිබ්‍රොයිඩ් යනුවෙන් හැඳින්වෙන්නේ ගර්භාෂයේ මාංශ පේශිවල ඇතිවන ගෙඩි විශේෂයක්. මෙය පිළිකා නොවන ගෙඩි වර්ගයක් නිසාම ‘අහිංසක ගෙඩි’ වර්ගයක් යනුවෙන් හැඳින්වෙනවා. මෙම ෆ්‍රයිබොයිඩ් ගෙඩියක් පිළිකාවක් බවට පත්වන්නේ නම් ඒ ඉතාමත් කලාතුරකින්. ඒ නිසා ගර්භාෂයේ ඇතිවන ෆ්‍රයිබොයිඩ් ගෙඩි ගැන අනවශ්‍ය අන්දමින් පිළිකාවක් යැයි බියවිය යුතු නැති වුණත් ඉතාම කලාතුරකින් ඒවා පිළිකාවක් බවට පත්වීමටත් ඉඩක් තිබෙනවා
ගර්භාෂයේ ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි ඇතිවීමට නිශ්චිත හේතුවක් තවම හඳුනාගෙන නැහැ. නමුත්
වයස්ගත වීම.
දරුවන් ලැබීම ප්‍රමාද කළ හෝ ප්‍රමාදයන් සිදුවුණ කාන්තාවන්ට මෙම තත්ත්වය ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබෙන බැව් පෙනී ගොස් තිබෙනවා.
ෆ්‍රයිබ්‍රොයිඩ් රෝග ලක්ෂණ
ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩියක් ගර්භාෂයේ පවතින විට බොහෝ විට පැහැදිලි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් වෙනත් රෝග තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමේදී සිදුකරනු ලබන වෛද්‍ය පරීක්ෂණවල දී මේ ගෙඩි ඇති බැව් හඳුනා ගන්නවා. ෆ්‍රයිබ්‍රොයිඩ් නිසා පහත දැක්වෙන රෝග ලක්ෂණ ඇති වේ.
මාසික ඔසප් වීමේදී අධික ලෙස රුධිර වහනය.
ඒ වගේම මේ ගෙඩි ඇති අවස්ථාවන්හිදී දරු පිළිසිඳ ගැනීමේ ප්‍රමාදයන් හෙවත් මඳසරු බව පිළිබඳ ගැටලු ඇතිවනවා.
උදරය ස්පර්ශ කරන විට ගෙඩියක් මෙන් අතට දැනීම.
ෆ්‍රයිබොයිඩ් ගෙඩියේ ප්‍රමාණය සහ එය පිහිටි ස්ථානය අනුව රෝග ලක්ෂණ වෙනස් වෙනවා.
ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩියක් හඳුනාගැනීම
ගෙඩියක් බවට තහවුරු කරගැනීම අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය මගින් සිදු වේ. මෙම අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය යෝනි මාර්ගය ඔස්සේ ඇතුළු කරන උපකරණයක් මගින් සිදුකරන පරීක්ෂණයකි. ගෙඩිය විශාල නම් උදර ප්‍රදේශයේ ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීම කළ හැක.
ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි වෙනුවෙන් සිදුකරන ප්‍රතිකාර
සමහර කාන්තාවන්ගේ ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි තිබුණත් රෝග ලක්ෂණ නැහැ. ඒ වගේම ෆ්‍රයිබොයිඩ් ගෙඩි නිසා ඔවුන්ට අපහසුවක් දැනෙන්නෙත් නැතිවිට ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ඔවුන් ෆ්‍රයිබ්‍රොයිඩ් සමග ජීවත් වෙනවා. මේ ගෙඩියක ප්‍රමාණය සෙ.මී. 5කට වඩා වැඩි නම් ඒවා ඉවත් කිරීමට සලකා බලනවා. ඇතැම් අවස්ථාවන්හිදී ඖෂධ මගින් ෆ්‍රයිබොයිඩ් ගෙඩියේ ප්‍රමාණය තාවකාලිකව අඩු කරන්නත් පුළුවන්.
ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කරන ක්‍රම.
ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීමට ශල්‍යකර්ම අවශ්‍ය වේ. පිහිටි ස්ථානය සහ විශාලත්වය අනුව තෝරාගන්නා ශල්‍යකර්මය තීරණය කිරීම සිදු වේ.
ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩිය පමණක් ඉවත් කිරීම
උදරය හරහා සිදුකරන විවෘත ශල්‍යකර්මයකින් ෆ්‍රයිබ්‍රොයිඩ්
ගෙඩි ඉවත් කිරීමේ කර්මය ( open myomectomy & Laparoscopic myomectomy) ශල්‍යකර්මය Laparoscope නමැති උපකරණයක් යොදා සිදුකරන key hole ගනයේ ශල්‍යකර්මයකි.
යෝනි මාර්ගය හරහා සිදුකරන ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි ශල්‍යකර්මය (Hysteorscopic myomectomy) Hysteorscope නමැති උපකරණය යොදා ගර්භාෂ කුහරය තුළ පිහිටි කුඩා ගෙඩි ඉවත් කිරීම.
ගර්භාෂය සමග ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීම
උදරයේ කැපුමක් යොදා විවෘත සැත්කමකින් (Open hysterectomy) ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීම සිදු වේ.
යම් හේතුවක් මත ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි සමග ගර්භාෂය ඉවත් කිරීමට තීරණය කළේ නම් ඊට අදාළ ක්‍රමය අනුව ශල්‍යකර්මය තෝරා ගැනේ. (Hysterectomy)
ලැපරොස්කෝප් උපකරණයක් යොදා සිදුකරන Laparoscopic hysterectomy) key hole ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මය
යෝනි මාර්ගය හරහා සිදුකරන ශල්‍යකර්මය (Vaginal hysterectomy )
වයස්ගත සහ මතුවට දරුවන් ලැබීමට බලාපොරොත්තුවක් නැති කාන්තාවන්ට අනුව ඒ ගැන තීරණය සිදුවනවා. දරුවන් ලැබීමේ හෙවත් ආර්තවය සිදුනොවන කාන්තාවන්ගේ මෙම ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි සමග ගර්භාෂයත් ඉවත් කිරීම සිදුවනවා.
ෆ්‍රයිබ්‍රොයිඩ් ඇති කාන්තාවක් ගැබ්ගත් විට
ගර්භණී කාලයේදී ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි තිබුණොත් වේදනාව ඇතිවීමට පුළුවන්. එවැනි අවස්ථාවක වේදනාව කළමනාකරණය වෙනුවෙන් වේදනා නාශක ලබා දෙනවා.
දරු පසූතියේදී ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි තිබුණොත් ඇතිවන සංකුලතාවන් මොනවාද?
විශාල ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි ඇති වුණොත් දරු ප්‍රසූතිය අවහිර වීමට පුළුවන්. යම් ලෙසකින් සීසේරියන් සැත්කමක් වෙනුවෙන් භාජන කරන ලද ගර්භණී කාන්තාවකගේ ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි තිබණත් ඒ අවස්ථාවේදී මේ ගෙඩි ඉවත් කරන්නේ නැහැ.
සිසේරියන් සැත්කමක් සමග ෆ්‍රයිබ්‍රොයිඩ් ඉවත් කළ හැකිද?
සිසේරියන් සැත්කමක් නිසා රුධිර වහනයක් සිදුවනවා. එවැනි අවස්ථාවකදී ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි වෙනුවෙන් තවත් සැත්කමක් සිදු කළොත් රුධිර වහනය පාලනය කර ගැනීමට අපහසු වීමට පුළුවන්.
ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි නැවත ඇතිවීමේ අවදානමක් තිබෙනවාද?
ඔව්. බොහෝ විට කීපයක් හටගන්නවා. ඉවත් නොකළ ගෙඩි පසුකාලයකදි වර්ධනය වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මෙම ගෙඩි නැවත ඇතිවන අවදානමක් තිබෙනවා.ඉතා කලාතුරකින් ඕනෑම ශල්‍යකර්මයක අතුරු සංකුලතාවයන් ඇතිවිය හැකියි.
අධික රුධිර වහනය
ගර්භාෂය ආසන්නයේ ඇති අනෙක් අවයවවල ඇලී (Adhesions) වැනි සංකුලතාවන් ඇතිවීමට පුළුවන්.
නමුත් ෆ්‍රයිබ්‍රොයිඩ් ගෙඩි පිළිබඳ රෝග තත්ත්වයක් ඇත්නම් ඒ වෙනුවෙන් නිසි වෛද්‍ය උපදෙස් මගින් අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව තිබෙන නිසා අනවශ්‍ය අන්දමින් බිය, සැක ඇති කරගත යුතු නැහැ. සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ නිර්දේශ අනුව ප්‍රතිකාර ලබාගැනීම වැදගත් බැව් මෙහිදී සඳහන් කිරීම අවශ්‍යයි.

පුන්‍යා චාන්දනි ද සිල්වා ✍️