සක්‍රීය ලිංගික සම්බන්ධතාවයක් හෝර්මෝන සහ මොළයේ ක්‍රියාකාරීත්වය නිසා සිදුවන ජීව විද්‍යාත්මක සංසිද්ධියක්. සත්ත්ව සහ ශාඛ ප්‍රජාවන් අතර පවා සංසේචනය සිදු වෙන්නේ ප්‍රජාවේ බෝ වීමට සංසේචනය වැදගත් නිසා. ඒ වගේම මිනිසුන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය ප්‍රජාවේ බෝ වීමට වගේම තෘප්තිය සඳහාත් වැදගත්.තරුණ පරම්පරාව සම්බන්ධයෙන් කතාකරන විට ඔවුන් ලිංගිකව සම්බන්ධ වන්නේ වර්ගයා බෝ කිරීමට නොවේ. තමන්ගේ තෘප්තිය සඳහා ඔවුන් ලිංගිකව මෙලෙස එක් වෙනවා. අපේ රටේ වයස අවුරුදු 16 ට වැඩි පිරිස වෙනුවෙන් ලිංගික කටයුතුවල යෙදීමට අවසර තිබෙනවා. නමුත් අවිවාහකව ගැබ් ගැනීමක් සිදු වුණොත් එය සමාජයේ අපවාදයට හේතුවක් වෙනවා.
සංසර්ගය විවිධ විදිහට සිදුවිය හැකියි…
ස්ත්‍රී පුරුෂ සංසර්ගය විවිධ විදිහට සිදුවන්න පුළුවන්. එය Pentrative සංසර්ගය සහ Non Penetrative සංසර්ගය යනුවෙන් කොටස් දෙකක්.
Penetrative සංසර්ගය
මෙහිදී යෝනි මාර්ගය, ගුදය සහ මුඛ මාර්ගය අභ්‍යන්තරයට සම්බන්ධ වෙමින් සංසර්ග කටයුතු සිදුවනවා. ඒ අනුව ශුක්‍ර තරලය එම ඉන්ද්‍රියන් අභ්‍යන්තරයේදී නිදහස් වීම සිදුවනවා. මේ ලිංගික කටයුතු අතීතයේ පටන්ම සිදුවුණත් ඒවා සමාජයේ ප්‍රසිද්ධියේ කතාබහ කිරීමක් සිදුවන්නේ නැහැ.
Non penetrative සංසර්ගය
මෙහිදී සංසර්ග කටයුතු සිදුවුණත් පුරුෂ ලිංගය යෝනියට හෝ වෙනත් අවයවයක් අභ්‍යන්තරයට ඇතුළු කිරීමක් සිදුවන්නේ නැහැ. විශේෂයෙන් කලවා ආශ්‍රිතව සංසර්ගයේ යෙදීම මෙහිදී සඳහන් කරන්න පුළුවන්. ස්වයං වින්දනය, පියයුරු ආශ්‍රිතව සංසර්ග කටයුතු සිදුවීමත් මේ අතරට ඇතුළත්
යෝනි මාර්ගයට ශුක්‍රාණු නිදහස් නොවීම…
යෝනි මාර්ගය ආශ්‍රිතව ශුක්‍රාණු නිදහස් නොවුණත් චලන හැකියාව සහ සරු ඩිම්බයක් යන සාධක සම්පූර්ණ වීම නිසා ශුක්‍රාණුවක් කාන්තා ඩිම්බය සමග සංසේචනය වීම සිදුවීමේ යම් හැකියාවක් තිබෙනවා.
ගැබ් ගැනීම සහ කන්‍යා පටලය…
කාන්තාවක් ලිංගිකව එක් වීමත් සමග කන්‍යා පටලයේ බිඳියෑම සහ රුධිර වහනයක් සිදු වීමේ සත්‍යතාවක් නැහැ. සමහර විට මේ තත්ත්වය වෙනස් වීමට විවිධ සාධක බලපානවා. කාන්තා කන්‍යා පටලයේ පිහිටීම සහ එහි ගනකම අනුව සංසර්ගයේදී මෙහි බිඳීමක් හෝ රුධිර වහනයක් සිදුවන්නේ නැහැ. ඒ වගේම සමහර කාන්තාවන්ගේ කන්‍යා පටලයක් පිහිටා නැති අවස්ථා තිබෙනවා. සමහර විට විවාහයට පෙරාතුවම විවිධ ශාරීරික ක්‍රියාකාරකම් නිසා කන්‍යා පටලය ස්වභාවික ලෙසින් බිඳෙන අවස්ථා තිබෙනවා.
කන්‍යා පටලයේ සිදුරු…
කන්‍යා පටලයේ සියුම් සිදුරු තිබෙනවා. මාසික ඔසප් විමේදී බිඳුණ ගර්භාෂ බිත්තියේ රුධිරය යෝනි මාර්ගයට කන්‍යා පටලය ඔස්සේ ගලා එනවා. ශුක්‍රාණුවක් මයික්‍රොමීටර් දෙකක් පමණ කුඩා නිසා කන්‍යා පටලයේ සිදුරු ඔස්සේ පිහිනාගෙන යෑමේ හැකියාව තිබෙනවා. ඒ නිසා ගැබ් ගැනීමේදී අනිවාර්යයෙන්ම කන්‍යා පටලය බිඳී තිබෙනවා යැයි පිළිගැනීමටත් බැහැ.
යෝනි මාර්ගයට ශුක්‍රාණු නිදහස් නොවුණ,ගුද මාර්ග සංසර්ග අවස්ථාවක…
Penetrative සංසර්ගයකදී යෝනි මාර්යට අමතරව ගුදය සහ මුඛ මාර්ගය ඔස්සේ සංසර්ගයේ යෙදෙන අවස්ථා තිබෙනවා. ගුදය සහ යෝනිය අතර සමීප පිහිටීම නිසා සංසර්ගයේදී ගුදයට මුදා හරින ශුක්‍රාණු කාන්තා යෝනි මාර්ගය ඔස්සේ පිහිනා යෑමේ හැකියාව තිබෙනවා.
ලිංගික කාර්යේදී ඇතිවන උත්තේජනය නිසා යෝනි මාර්ගයේ ශ්‍රාවයන් ශුක්‍රාණුවට පිහිනා යෑමට උදව් වෙනවා. එවැනි අවස්ථාවකදී සක්‍රිය ශුක්‍රාණු යෝනිය ඔස්සේ පිහිනීම නිසා කාන්තාවකගේ සරු ඩිම්බයක් සමග සංසේචනය වීමේ හැකියාවක් තිබෙනවා.
මුඛ මාර්ගයෙන් සිදුවන සංසර්ගය
පුරුෂ ලිංගයෙන් මුඛයට ශුක්‍රාණු නිදහස් වීම සිදුවුණත් ගැබ් ගැනීමේ අවදානමක් නැහැ. ඊට හේතුව යෝනි මාර්ගය දුරස්ව පිහිටා තිබීම නිසා ශුක්‍රාණුවකට පිහිනා යෑමට අවශ්‍ය හිතකර සාධක නැහැ.
කලවා අතර…
කලවා සමග සංසර්ග කටයුතු කිරීමේදීත් මේ අවදානම ඇති වීමට පුළුවන්. සමහර විට පුරුෂ ශුක්‍රාණු කලවා මත නිදහස් වන අවස්ථා තිබෙනවා. ඒ වගේම ශුක්‍රාණු නිදහස් වීමට ආසන්නව ඇතැයි පිටතට ගත්තත් ඒ වන විටත් කලවා ආශ්‍රිතව යම් ප්‍රමාණයක් නිදහස් වීමට ඉඩ තිබෙනවා.
මෙසේ නිදහස් වන ශුක්‍රාණු අතර ඇති සක්‍රිය ශුක්‍රාණුවලටත් යෝනි මාර්ගයේ පවතින තෙතමනය ඔස්සේ පිහිනා යෑමට හිතකර පරිසරයක් ඇති කරනවා. එසේ පිහිනා යන ශුක්‍රාණුවක් සමග මේරු කාන්තා ඩිම්බයක් එකතු වීම හෙවත් සංසේචනය වීමට ඉඩ තිබෙනවා. පියයුරු අතර සිදු වෙන සංසර්ගයේදීත් ශුක්‍රාණු යෝනි මාර්ගයට ඇතුළු වන්නේ නැහැ.
සංසර්ගයක් නොමැතිව ගැබ් ගැනීමට ඉඩක් නැහැ
මේ අනුව අභ්‍යන්තර හෝ බාහිර සංසර්ගයක් සිදුවුණත් ගැබ් ගැනීමක් සිදුවීමට අත්‍යවශ්‍ය සාධක දෙකක් තිබෙනවා.
සක්‍රිය ශුක්‍රාණුවක්
සරු ඩිම්බයක්
මෙම සාධක නොමැතිව කාන්තාවක් ගැබ් ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ අනුව යෝනි මාර්ග සංසර්ගයෙන් හෝ වෙනත් අන්දමකින් කාන්තාවක් ගැබ්ගැනීමට අවශ්‍ය හිතකර සාධක සම්පූර්ණ වීමට පුළුවන්. මේ ගැන ඇති නොදැනුවත් බව නිසා අවිවාහක තරුණ කාන්තාවන් විවිධ ගැටලුවලට මුහුණ දෙන අවස්ථාවන් තිබෙනවා.
පිහිණුම් තටාකයදී හෝ පිරිමින්ගේ ඇඳුම් ඇඳීම නිසා…
බොහෝ අයට ඉහත කරුණු ගැන බියක් තිබෙනවා. පිරිමින්ගේ ශුක්‍රාණු නිදහස් කිරීමේදී ඇඳුම්වල තැවරීම නිසා ඒවා කාන්තාවකගේ යෝනි මාර්ගය ඔස්සේ ඇතුළු වීම ගැන බියක් තිබෙනවා.
නමුත් ශුක්‍රාණුවක ජීව කාලය විනාඩි දහයක් වැනි ඉතාම කෙටි කාලයකට සීමා වෙනවා. ඒ වගේම වියළි පෘෂ්ටයකදී එහි ජීවය නැති වෙනවා.වතුරකදී වුණත් ශුක්‍රාණුවකට ජීවත් වීමට හැකියාවක් නැහැ. ඒ නිසා ජලාශයක් වැනි තැනකින් ශුක්‍රාණු ඇතුළුවීමේ අවස්ථාවක් නැහැ. මෙවැනි මිථ්‍යාවන් සමාජයෙන් බැහැර වීම වැදගත්.
ඒ නිසා අප කළ යුත්තේ අවිවාහකව ගැබ් ගැනීම තහනම් කිරීම නොවේ. මිනිසුන් ලිංගික කටයුතු වෙනුවෙන් සක්‍රිය පිරිසක්. ඒ නිසා ලිංගික කටයුතු ගැන කතාකිරීම පවා තහනම් කිරීමට වඩා ලිංගික අධ්‍යාපනය පිළිබඳ ලබාදෙන දැනුවත් බව ඉතා වැදගත්. එවිට ආරක්ෂිත ලෙසින් ඔවුන්ගේ ලිංගික කටයුතු පවත්වා ගැනීම මෙන්ම අනපේක්ෂිත ගැබ්ගැනීමෙන් නිදහස් වීමේ අවස්ථාව ඔවුන්ට ලැබෙනු ඇත.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️