STSS එහෙම නැත්නම් Streptococccal toxic shock syndrome රෝග තත්ත්වය මේ දිනවල ලෝකයේ කතාබහට ලක්ව ඇති තවත් මාතෘකාවක්. සමාජය තුළ යම් කිසි අවිනිශ්චිත බියක් ඇති කළත් මෙය බැක්ටීරියා ගණයට අලුතින් එක් වුණ තවත් අලුත් බැක්ටීරියාවක් නොවෙයි. මේ බැක්ටීරියාව ගැන වගේම එයින් ඇති වෙන රෝග තත්ත්වයන් ගැනත් සෞඛ්‍ය ක්ෂෙත්රය තුළ දැනුවත්. group A Streptococcca ( GAS ) බැක්ටීරියාව උගුර, සම ආශ්රිත රෝග තත්ත්වයක් ඇති කිරීමට හේතුකාරක වන ටර්ප චදිසඑසඩැ කාණ්ඩයට අයත් වෙනවා. කොවිඩ් ගැන ලෝකයට ඇති අමිහිරි අත්දැකීම් නිසාම වෛරස සහ බැක්ටීරියාවලින් ව්‍යාප්ත වෙන වසංගත රෝග ගැන සමාජයේ යම් චකිතයක් ඇති වීම සාමාන්‍යයි.
මොකක්ද මේ STSS
Streptococccal toxic shock syndrome යනුවෙන් හඳුන්වන මෙම රෝගය A Streptococcca ( GAS ) බැක්ටීරියාව නිසා ඇති වෙන රෝග තත්ත්වයක් ලෙස හැඳින්වෙනවා.
group A Streptococcca බැක්ටීරියාව ගැන සමාජයේ බියක් ඇති වුණේ ඇයි?
මෑත කාලයේ ජපානයේ STSS රෝගීන් දහසක් පමණ වාර්තා වී තිබෙනවා. මේ රෝගීන් අතරින් මරණ කීපයකුත් වාර්තා වෙනවා.
Streptococcca බැක්ටීරියාව ව්‍යාප්ත වීමට හේතු…
කොවිඩ් වසංගත කාලයේදී අපි අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු මේ වෙනවිට ක්‍රමයෙන් මගහැරී යෑමත් එක් හේතුවක්. සාමාන්‍යයෙන් උගුර ආශ්රිත ආසාදන ඇති වෙන්නේ වෛරස නිසා වුණත් group A Streptocococal බැක්ටීරියාව උගුර ආශ්‍රිතව ආසාදන ඇති කිරීමට පුළුවන්. නමුත් සෑම උගුරේ ආසාදන තත්ත්වයක්ම group A Streptocococal බැක්ටීරියා ආසාදනයක් නොවෙයි.
තත්ත්වය බරපතළ වීමට පුළුවන්…
group A Streptocococal බැක්ටීරියාව වෙතින් ධූලක ( toxin) හෙවත් විෂ රසායනයන් නිකුත් කිරීම සිදු වුණොත් තත්ත්වය බරපතල වීමට පුළුවන්. බැක්ටීරියාව වෙතින් නිදහස් කරන විෂ ධූලකයන්ගේ බලපෑම සාමාන්‍ය උගුර ආසාදනයෙන් ඔබ්බට ගිය අනතුරුදායක තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබෙනවා.
එවැනි තත්ත්වයන් ගැනත් පැහැදිලි කළොත්
නිව්මෝනියාව
සම මත ආසාදන ඇති කිරීම
තුවාල මත විසර ගෙඩි ඇති වීම
ධූලක වැඩි කරන තත්ත්වයන්හිදී අවයවයන්ට බලපෑම
රුධිර පීඩනය අඩු වී කම්පන තත්ත්වය ඇති වීම
රෝග තත්ත්වය හඳුනාගැනීම…
- රුධිර පරීක්ෂණ වාර්තා
- Blood cluture
- දරුණු අවස්ථාවක නම් MRI සහ CT ස්කෑන් පරීක්ෂණ
STSSරෝගය නිසා මාංශ පේශී විනාශ වීමක් සිදු වෙනවද..?
group A Streptocococal විෂ ධූලකයේ බලපෑම මාංශ පේශී අවට මෘදු පටක ආසාදනය වී මිය යෑමට පත් වෙනවා. මේ තත්ත්වය නිසා මාංශ පේශී පමණක් නොවෙයි, ඒ අවට තිබෙන මෘදු පටක, මේද පටක සහ සම මිය යනවා.
එහි බලපෑම ශරීරයේ විවිධ අවයවයන්ට බලපානවා. එවැනි අවස්ථාවක් Necrotizing Fasciitis යනුවෙන් හඳුන්වනවා. මේ Necrotizing Fasciitis තත්ත්වය මාරාන්තිකයි. නමුත් මේ තත්ත්වය දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ.
අවදානම් කණ්ඩායම් කවුද..?
- වයස්ගත පුද්ගලයින්
- සිරුරේ පිටතට විවෘත තුවාල ඇති රෝගීන්
- දියවැඩියාව, පිළිකා HIV වැනි ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල රෝගීන්
කොවිඩ්වලින් පසුව සමාජය විසින් අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු මගහැරීම නිසා මේ තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්.
STSS වෙනුවෙන් ආරක්ෂාව සලසා ගැනීමට නම්…
අපි පසුගිය කොවිඩ් වසංගත සමයේදී අනුගමනය කරන ලද සෞඛ්‍ය පුරුදු නැවතත් අනුගමනය කිරීම වැදගත්.
- හොඳින් දෑත් සෝදන්න
- මුව ආවරණ පළඳින්න
- සමාජ දුරස්ථබව පවත්වා ගන්න
- සෙනග ගැවසෙන තැන්වල කාලය ගත කිරීම හැකි තාක් අවම කරන්න
- සමේ තුවාල ඇත්නම් ඒවා හොඳින් පිරිසිදු කරන්න. නියමිත ඖෂධ ලබාගැනීම වගේම තවදුරටත් ආසාදනය වීම වළක්වාගන්න.
සංචාරකයන්ගේ පැමිණීම…
සාචාරකයන්ගේ පැමිණීම සහ විදේශ රටවල සංචාරය සීමා කිරීමට තරම් අවශ්‍ය නැහැ. රෝග තත්ත්වය හඳුනා ගෙන නැති නිසා ලංකාවට මෙහි බලපෑමක් ගැන තවම අපට කියන්න බැහැ. නමුත් රෝග තත්ත්වයෙන් ආරක්ෂාව සලසා ගැනීමට මුලින් සඳහන් කළ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වඩාත් යෝග්‍යයි. කලාපීය වශයෙන් රෝගයේ ව්‍යාප්ත වීමක් ගැන වාර්තාවන් තවම නැහැ. ඒ නිසා සංචාරකයන්ගේ පැමිණීමේදී නිරෝධායන නීති පැනවීම දැනට අවශ්‍ය නැහැ.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️