‘පිළිකාව’ නම කියනකොටත් ඇතිවෙන්නේ බය හැඟීමක්. ඒ තරමට පිළිකා සෛල මිනිසුන්ගේ ජීවිතවලට අඳුර එකතු කරලා. මේ නිසා ලෝකේ කොහේ වුණත් පිළිකාවෙන් පෙළෙන රෝගීයකු වගේම ඒ රෝගියා වටා බැඳෙන මිනිසුන් ඔවුන්ව සනීප කරගන්න ලෝකයේ හොඳම ප්‍රතිකාර හොයන බව දන්නවා. එහෙම අයට සුබ ආරංචියක් කියන්නේ සිංගප්පූරුවේ Mount Elizabeth Novena Hospital හි පිළිකා ප්‍රතිකාර ඒකකයයි. එහි පිළිකා රෝග පිළිබඳ විශේෂඥයින් සහ පිළිකා විකිරණ අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරින් ඔවුන්ගේ දැනුම, අත්දැකීම් සහ තාක්ෂණය එකතු කරගෙන අග්නිදිග ආසියාවේ පළමු ප්‍රෝටෝන චිකිත්සක (Proton therophy) මධ්‍යස්ථානය එහි බිහිකර තිබෙනවා. ඒ මඟින් අතුරු ආබාධ රහිත පිළිකා ප්‍රතිකාර ක්‍රමවේදයක් රෝගීන් වෙත ඔවුන් ලබාදෙනු ලබනවා.
පිළිකාවකට ප්‍රෝටෝන චිකිත්සාව යනු…
පිළිකාවලට ප්‍රතිකාර කිරීම සඳහා X කිරණ වෙනුවට ප්‍රෝටෝන භාවිත කරන විකිරණ ප්‍රතිකාර ක්‍රමවේදය මෙලෙස හඳුන්වනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ පිළිකාවේ, පිළිකා සෛලවලට පමණක් හරියටම ප්‍රතිකාර කිරීමයි. එම නිසා අවට නිරෝගී පටකවලට කිසිදු හානියක් සිදුනොවේ. පිළිකාවලට වඩාත් නිවැරදිව විකිරණ ලබාදීමට ඉඩ සලසයි. ඒ අනුව සාම්ප්‍රදායික විකිරණ ප්‍රතිකාර සමඟ සසඳන විට ප්‍රෝටෝන චිකිත්සාව යනු පිළිකා රෝගීන්ට අතුරු ආබාධ අවම ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ලෝකයේ වෛද්‍ය විද්‍යාව පිළිගෙන තිබේ.
ප්‍රෝටෝන චිකිත්සාව මඟින් විශේෂයෙන්ම ප්‍රතිකාර කළහැකි පිළිකා තිබෙනවාද?
ඔව්. විශේෂයෙන්ම විකිරණ චිකිත්සාවකට පහසුවෙන් ලක්කළ නොහැකි මොළය, කොඳුඇට පෙළ සහ ඇස් වැනි ඉතා සංවේදී සියුම් ව්‍යුහයන් සහිත අවයවවල සහ ඒවා අවට ඇති පිළිකා සඳහා ප්‍රෝටෝන චිකිත්සාව සාර්ථක ලෙස ලෝකයේ භාවිත කරනවා. එමෙන්ම ළමා පිළිකා මෙන්ම ඇතැම් ළමා රෝග සඳහා ප්‍රතිකාර කිරීමට විශේෂයෙන් ප්‍රෝටෝන චිකිත්සාව ප්‍රයෝජනවත් වෙනවා.
ළමා පිළිකාවලට සහ මොළයේ පිළිකාවලට ප්‍රතිකාර ලෙස ප්‍රෝටෝන චිකිත්සාවේ ඇති විශේෂත්වය කුමක්ද?
මෙහිදී දරුවාගේ වැඩෙන සියුම් පටක විකිරණවලට නිරාවරණය වීම අවම වෙනවා. ඒ නිසා දරුවන්ට ද්විතීියික පිළිකා ඇතිවීමේ අවදානම අවම වෙනවා. මොළයේ පිළිකා යනු ඉතා තීරණාත්මක පිළිකාවක් වන බැවින් මොළය වැනි ඉතා සියුම් සංකීර්ණ ව්‍යුහයන් අසල ඇති පිළිකාවක් සඳහා මෙම ක්‍රමය ඵලදායී ලෙස යොදගැනීමෙන් මොළයේ අවට පිහිටි නිරෝගී පටකවලට වන හානියද අවම වෙනවා. තවද පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා, පෙනහලු පිළිකා, අක්මා පිළිකා වැනි ඉතා සංකීර්ණ අවදානම් සහිත පිළිකාවලට මෙම ක්‍රමය මඟින් ප්‍රතිකාර කිරීමෙන් අවට පටකවලට අවම නිරාවරණයක් සහිතව ප්‍රතිකාර කළ හැකියි.
ප්‍රෝටෝන ප්‍රතිකාර සඳහා රොබෝවරු භාවිත කරනවාද?
ඔව්. ප්‍රෝටෝන ප්‍රතිකාරයේදී රොබෝවරු භාවිත කරනවා. ප්‍රෝටෝන ප්‍රතිකාරය යනු නිශ්චිතව පිළිකා ඉලක්ක කරගැනීම සඳහා අධිශක්ති ප්‍රෝටෝන කදම්භ භාවිත කරන විකිරණ ප්‍රතිකාර වර්ගයක් නිසා රොබෝ පද්ධති මගින් මෙම කදම්භ නිවැරදිව පිළිකාව ඇති ස්ථානයට යොමු කිරීමක් අවශ්‍යයි. එය ප්‍රතිකාරයේ සඵලතාව වැඩි කිරීමටත්, අවට නිරෝගී පටකවලට වන හානිය අවම කිරීමටත් සහාය වීමක්. ප්‍රෝටෝන චිකිත්සාව පිළිකා සෛල නිශ්චිතව ඉලක්ක කර විනාශ කිරීමට අධිශක්ති ප්‍රෝටෝන භාවිත කරයි. ප්‍රෝටෝන ත්වරණය කර පිළිකාව වෙත යොමුකර ඇති අතර එහිදී ඒවායේ ශක්තිය මුදා හරින අතර පිළිකා සෛලවල DNA වලට හානි සිදුවී අවසානයේ ඒවා විනාශ කරනවා.
ප්‍රෝටෝන ප්‍රතිකාරයෙන් පසු සත්කාරය (After care) කෙසේ විය යුතුද?
ප්‍රෝටෝන ප්‍රතිකාරයෙන් පසු රැකවරණය සාමාන්‍යයෙන් ප්රශස්ත ප්‍රතිසාධනය වගේම අධීක්ෂණය සහතික කිරීම සඳහා අංශ කිහිපයක් ඇතුළත් වෙනවා. පසු රැකවරණය සඳහා පොදු මාර්ගෝපදේශ කිහිපයක් තිබෙනවා.
පසු විපරම්: ඔබේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සහ ඕනෑම ගැටලුවක් සාකච්ඡා කිරීමට රෝගීයාගේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා කටයුතු කරනවා.
සජලනය සහ පෝෂණය : සමබර ආහාර වේලක් පවත්වා ගැනීමත් චිකිත්සාවෙන් පසු අනුගමනය කළ යුතු උපදෙස් අනුගමනය කිරීමත් කළ යුතු වෙනවා.
ශාරීරික ක්‍රියාකාරකම් : ඔබේ සෞඛ්‍ය සේවා කණ්ඩායම විසින් උපදෙස් දෙන පරිදි ක්‍රමානුකූලව සාමාන්‍ය ශාරීරික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කළ යුතු වෙනවා. ව්‍යායාම හෝ බර එසවීම වැනි ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීම ආරක්ෂිත වූ විට ඔවුන් ඔබට මඟ පෙන්වනවා.
ඖෂධ සහ වේදනා කළමනාකරණය : වේදනා කළමනාකරණය හෝ වෙනත් අරමුණු සඳහා යොමු කර ඇති පරිදි ඕනෑම නිර්දේශිත ඖෂධයක් ගත යුතුයි.
Singapore Mount Elizabeth Novena Hospital හි Proton Treatment Unit හි සංචාරයකින් පසු
හරින්දී ලියනගේ ✍️
Special tanks goes to
IHH Sri Lanka office,
country Director
Shuvo Haridesh & Shashika