කුඩා දරුවන්ගේ සිරුරේ ඇතිවන වෙනස්කම් ගැන වැඩිහිටියන් විසින් නිරන්තරව විමසිල්ලෙන් සිටීම වැදගත්. දරුවන් හැම දෙයක්ම හැඬීමෙන් සන්නිවේදනය කරන බව ඇත්ත. නමුත් සමහර අවස්ථාවලදී ඔවුන්ගේ ශරීර අභ්‍යන්තරයේ ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳ නිමිති බාහිරවත් ප්‍රදර්ශනය වන අවස්ථාවන් තිබෙනවා. මේ විදිහට දරුවකු විසින් බාහිරව පෙන්වන අපහසුතාවන්, සමේ ඇතිවන ලප, මලපහ පිළිබඳ වෙනස්කම් ගැන මව්පියන් දක්වන අවධානය නිසා වාසි කීපයක් ඇතිවනවා.
- දරුවාගේ ජීවිතයට ඇති අවදානම් සාධක වළක්වා ගැනීම.
- නැවත සකස් කරගත නොහැකි ලෙසින් සිදුවන හානි අවම කරගැනීම.
- අනවශ්‍ය අන්දමින් දරුවා රෝහල්ගත කිරීම සිදුනොවීම.
දරුවාගේ ශරීර උෂ්ණත්වය ඉහළ යෑම…
සාමාන්‍ය පුද්ගලයකුගේ ශරීරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 36.5˚ සිට 37.5˚ ක් අතර අගයක පවතිනවා. ශරීර උෂ්ණත්වය 37.5˚ ට වඩා ඉහළ යෑම උණ යනුවෙන් හඳුන්වනවා.
දරුවාට උණ ඇතිවන්නේ ඇයි?
මව්කිරි මදිවීම නිසා සිරුර විජලනය වීම.
දරුවා ඔතා තැබීම – ළදරුවන්ගේ හයිපොතැලමසයේ උෂ්ණත්වය යාමනය කරන කොටස මෝරා නැති නිසා ඔවුන් ඔතා තබනවිට ශරීරයේ උෂ්ණත්වය ඉහළ යෑමට පුළුවන්.
දරුවාගේ ශරීරයේ උෂ්ණත්වය අඩුවීම…
දරුවාගේ ශරීරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 36.5˚ ට වඩා අඩුවුණ විට ඒ තත්ත්වය ‘හයිපොතීමියා’ (Hypothemia) යනුවෙන් හැඳින්වෙනවා.
උෂ්ණත්වය පහළ බැසීමට හේතු…
- උෂ්ණත්වය අඩු පරිසරයක සිටිනවිට.
- විෂබීජ ශරීර ගතවීමේ මූලික ලක්ෂණයක් ලෙස.
- රුධිරගත ග්ලූකෝස් මට්ටම පහළ බැසීම නිසා.
උෂ්ණත්වය බලන්නේ කොහොමද?
අපි දරුවකුගේ සිරුරට පිටතින් අත තබා දැනෙන රස්නය මගින් දරුවාට උණ යැයි තීරණය කරන්න බැහැ. මේ සඳහා ඩිජීටල් හෝ රසදිය උණ කටුවක් භාවිත කිරීම වැදගත්.
රසදිය උණ කටුවක් නම් එහි රසදිය සහිත බල්බ කොටස දරුවාගේ අතෙහි කිහිල්ල යට හිරට තබා විනාඩි තුනකින් පමණ පසුව නිරීක්ෂණය කරන්න. ඩිජිටල් උණ කටුවක් නම් ශරීර උෂ්ණත්වය ඉහළ යන විට එහි ‘බීප්’ ශබ්දයක් නැගෙනවා. සමහර අවස්ථාවල ඩිජිටල් උණ කටුවකින් නිවැරදි අගයක් ගැනීමට අපහසු වනවා.
නිවැරදි ඩිජිටල් අගයක් ගැනීමට අපහසු අවස්ථාවකදී…
ඒ වගේ අවස්ථාවකදී තමන්ගේ උෂ්ණත්වය මැන බලන්න. එවිටත් අගයේ වෙනස්කම් ඇත්නම් ඔබ පාවිච්චි කරන ඩිජිටල් උණ කටුවේ වැරැද්දක් විය හැකියි.
දරුවා කහ පැහැ ගැනීම…
ළදරුවකු කහපැහැ ගැනීමටත් බලපාන හේතු තිබෙනවා. ශරීරයේ ‘බිලිරුබින්’ ඉහළ යෑම නිසා ළදරුවා කහපැහැ ගැනීමට පුළුවන්.
‘බිලිරුබින්’ ඉහළ යන අකාර දෙකකි.
සෘජු වශයෙන් ‘බිලිරුබින්’ ඉහළ යෑම ( Direct )
වක්‍ර වශයෙන් ‘බිලිරුබින්’ ඉහළ යෑම ( Indirect )
සෘජු වශයෙන් ‘බිලිරුබින්’ ඉහළ යෑම ( Direct )
සෘජු වශයෙන් බිලිරුබින් මට්ටම ඉහළ යෑම දරුවාගේ මොළයට බලපානවා. ඒ නිසා දරුවාගේ බුද්ධි මටට්මට බලපෑම, ශ්‍රවණය පිළිබඳ ගැටලු ඇතිවන්න පුළුවන්. විශේෂයෙන් දරුවාගේ මොළයේ ඇතැම් කලාපයන්ට බලපෑම නිසා Cerebral palsy යන මන්ද මානසික රෝග තත්ත්වයට පත්වීමේ අවදානමක් තිබෙනවා.
අක්මාවේ බිලිරුබින් පිත බවට පත්කොට ග්‍රහණිය දෙසට ගේන නිසා දරුවා ‘සිරෝසිස්’ රෝගයකු බවට පත්වීමේ අවදානමක් තිබෙනවා. මේ වගේ තත්ත්වයක් ඇතිවුණොත් රුධිර පරීක්ෂණයක් මගින් සීරම් බිලිරුබින් මට්ටම ගණනය කිරීම වැදගත්.
මෙවැනි රෝග තත්ත්වයකදී පහත දැක්වෙන ලක්ෂණ ඔබට දැකගත හැකියි.
මලපහ මැටි ආකාරයකින් පිටවීම.
මලපහ පාට අඩුවීම.
මුත්‍රා කහට තේ පැහැයෙන් දැකීම.
දරුවාගේ දිව, තොල් දම්පැහැ ගැනීම-( Cyanosis)
දරුවාගේ සිරුරේ දිව, තොල් දම්පැහැ ලකුණු දක්නට ලැබෙනවා නම් එය හෘද රෝග හෝ පෙනහලු රෝගී තත්ත්වයක් නිසා වියහැකයි. නළල, ඇස් ආශ්රිත ප්‍රදේශයේ දම්පැහැ ගැනී තිබෙනවා නම් එය අභ්‍යන්තර රුධිර වහනයක් පිළිබඳ ගැටලුවක් වීමටත් පුළුවන්.
දරුවාගේ සිරුරේ ඇතිවන motling වැනි තත්ත්වයන් …
දරුවකුගේ සිරුරේ විසිරී ගිය motling විවිධ රෝග තත්ත්වයන් නිසා ඇතිවීමට පුළුවන්.
- ශරීරයේ උෂ්ණත්වය පහළ යෑම.
- විෂබීජ ශරීරගත වීම.
- ජානමය හේතු.
පෙකනිය වටා රතුවීම…
මව සහ දරුවා අතර පවතින සම්බන්ධතාව පෙකනිවැල කැපීමෙන් පසුව අවසාන වනවා. නමුත් එතැන් පටන් ළදරුවාගේ පෙකනිය පිළිබඳව වැඩිහිටියන්ගේ අවධානය දැක්වීම වැදගත්. පෙකනිය වටේ හම රතු වී, ඉදිමී, උස්ව පිහිටා තිබෙනවා නම් එය විෂබිජ නිසා ඇතිවුණ ආසාදනයක් විය හැකියි. එවැනි අවස්ථාවක ප්‍රතිජීවක ශිරාගත ලෙසින් ලබාදීම වැදගත්.
අසූචිවල ලේ ඇත්නම්…
දරුවාගේ අසූචිවල ලේ ඇත්නම් ඊට බලපාන විවිධ රෝග තත්ත්වයන් තිබෙනවා.
- රුධිරය කැටිගැසීමේ දුර්වලතාවක් – Hemoragic diesaace
- විෂබීජ ශරීරගත වීම.
- ආසාත්මිකතාවක් නිසා
තාර පැහැයේ අසූචි…
දරුවාගේ අසූචි තාර වර්ණයෙන් යුක්ත නම් එය බාගෙට ජීරණය රුධිරය නිසා විය හැක. එයින් අදහස් වන්නේ හරීර අභ්‍යන්තරයේ යම් රුධිර වහනයක් සිදුවන බවයි. ආහාර ජීරණ මාර්ගයේ ඉහළ කොටසේදී ජීරණ එන්සයිම එක්වීම නිසා රුධිරය බාගෙට ජීරණය වීම සිදුවනවා.
කොළ පාට වමනය…
පිත පිටවීම නිසා දරුවාට කොළ පැහැයෙන් වමනය වීමට පුළුවන්. එවැනි අවස්ථාවක වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත්. බඩවැල් අවහිරවීම සහ විෂබීජ ශරීරගතවීම නිසා කොළ පැහැයෙන් වමනය පිටවීමට පුළුවන්.
ලේ වමනය, කෝපි පැහැයට…Coffe ground vomating)
කෝපි පැහැයෙන් වමනය වනවා නම් ආමාශයේ Hydricolic අම්ල සහ පෙප්ටින් ජීරණය පිළිබඳ ගැටලු නිසා වියහැකියි.මේ අන්දමින් ළදරුවකුගේ ඉරියව් සහ බාහිරව ඔබ දකින යම් යම් වෙනස්කම් ගැන මව්පියන්ගේ අවබෝධය ඉතා වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️